මත් කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළු තුෂාර නැමැත්තාට මරණ දඬුවම නියම කරනු ලැබුවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ නියෝගයකට අනුවයි. 2017 වසරේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 59 යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් තිබියදී මොහුව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.
නවසීලන්තයේ වයිට් අයිලන්ඩ්, ගිනි කන්ද පසු ගිය සදුදා දහවල් විදාරණය වුණා. ඒ අවස්ථාවේ දී සංචාරකයින් 47 පිරිසක් එහි රැදී සිට ඇති බව වාර්තා වෙනවා. එයින් 05 දෙනෙකු මියොගොස් ඇති බව තහවුරු වී ඇති අතර තවත් පුද්ගලයින් 08 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වෙනවා. පුද්ගලයන් තිස් හතර දෙනෙකු දිවි ගලවා ගත් අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තවමත් […]
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද උදැසන 08 සිට මැදියම් රෑ දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ජා-ඇල ප්‍රදේශ කිහිපයකට එනම්, බෝපිටිය, ඇලෙන්එගොඩ, සේදවත්ත , පමුණුගම, නුගපේ, උස්වැටකෙයියාව, යන ප්‍රදේශ වලට අද දිනෙය් මෙම ජල කප්පාදුව සිදුවනු ඇති.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද නිමාවට පත් වීමට සුදානමින් සිටිනවා. ඉකුත් 01 වෙනිදා සිට ආරම්භ වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ සදහා රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 79ක් හා ලෝකඩ පදක්කම් 118ක් ඇතුළත්ව තිබෙනවා. පදක්කම් සටහනේ පළමු ස්ථානය ඉන්දියාව දිනාගෙන ඇති අතර සත්කාරක නේපාලය එහි දෙවන […]
ස්විස් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගත් බව කියන සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අදත් එම නිලධාරිනියට පෙනී සිටීමට කැදවා තිබෙනවා. ඊයේ රාත්‍රියේද ඉකුත් 08 වෙනිදා ද මෙම නිලධාරිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බොහෝ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මෙම නිලධාරිනියගෙන් ප්‍රකාශ සටහන් කර ලබන 12 වෙනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන […]
ශ්‍රී පාද වන්දනා සමය මෙවර හෙට සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද උඩමළුව වෙත රැගෙන යෑම අද සිදු කෙරෙන බව වාර්තා වෙනවා. ශ්‍රී පාද වන්දනා සමය සෑම වසරකම උදුවප් පොහොයෙන් ආරම්භ වන අතර ලබන වෙසක් පෝය දිනයෙන් එම වන්දනා සමය අවසන් වීමට නියමිතව තිබෙනවා.
ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළ පැලදූ කැරොලින් ජුරි අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ඒ කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්.- 662 ගුවන් යානයෙන්. ඒ අවස්ථාවට ඇයගේ පවුලේ නෑදෑ හිතවතුන්, මිත්‍රයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
පවතින අයහපත් කාලගුණ තත්වය හෙට සිට තරමක් දුරට අඩු වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ උතුරු පළාත්වලත් තද වැසි ක්‍රමයෙන් පහව යන කාලගුණ තත්වයක් වායුගෝලයේ ඇති වෙමින් පවතින බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පිහිණුම් ඉසව්වලින් සිය 7 වන රන් පදක්කම ද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ අද සමත් වුණා. අද දිනයේදී ඔහු රන් පදක්කම් 3ක් ජයග්‍රහණය කළ අතර, ඒ මීටර් 200, මීටර් 100 නිදහස් ආර, මීටර් 50 සමනල ආර ඉසව් වලින් බව වාර්තා වනවා.
නවසීලන්තයේ – වකාරි හෙවත් සුදු දිවයින් ගිනි කන්ද පිපිරීමෙන්, අවම වශයෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. පිපිරීමට ලක්වන විට ගිනි කදු ආවාටයේ ඇවිදිමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්වන්නට ඇති බව විශ්වාස කෙරෙනවා. තවත් පිරිසක් අතුරුදන්වී ඇති බව ද, නවසීලන්ත බලධාරින් ප්‍රකාශ කළා. පොලීසිය සදහන් කරන පරිදි පුද්ගලයන් 23 දෙනෙකු මුදා ගෙන ඇති අතර, පවතින […]
වැට්, විදුලි සංදේශ බදු අඩු කිරීම හා අනෙකුත් බදු සංශෝධනය කිරීම හේතුවෙන් දුරකථන ගාස්තු අඩුවන සමස්ත බදු ප්‍රතිශතයන් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, පෙර ගෙවුම් සහ පසු ගෙවුම් අන්තර්ජාල සේවා සදහා මෙතෙක් අය කළ බදු ප්‍රමාණය සියයට 19.4 සිට සියයට 10.2 දක්වා අඩු වී ඇති බව එම කොමිසම සදහන් […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here