News Line| Off Air
Generic placeholder image

Dec
10

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට නව පත්වීමක්

Generic placeholder image

යුධ හමුදාවේ ඉඩම්, දේපළ සහ භටනිවාස අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද (10) සිය ධූරයේ රාජකාරී ආරම්භ කර තිබෙනවා.


Dec
10

කොළොම්තොට නැත මහළු වී – අමරදේව මාස්ටර්ගේ පුතා කීවේ මෙහෙමයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Dec
10

ඉසුරු උදානගේ මහත්මා කී‍්‍රඩා විලාසයට දෙස් විදෙස් පැසසුම් (වීඩියෝ සහිතයි)

Generic placeholder image

දකුණු අපි‍්‍රකාවේ මේ දිනවල පැවැත්වෙන 20 යි විස්ස මැන්සි සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක ඉසුරු උදාන කී‍්‍රඩා පිටියේ සිදුකළ කි‍්‍රයාවක් නිසා දෙස් විදෙස් කාගේත් පැසසුමට ඔහුව ලක්ව තිබෙනවා. ඒ ඉසුරු උදානට පන්දු යවන්නා අන්තයේ සිටි පිතිකරුවාව දුවද්දී දවා ගැනීමකට අවස්ථාව තිබියදීත් එම පිතිකරුවා ඒ අවස්ථාවේදී අබාධයකට ලක්ව සිටි නිසා ඉසුරු […]


Dec
10

මගීන් 38 ක් සමග හමුදා ගුවන් යානාවක් අතුරුදන්

Generic placeholder image

මගීන් 38ක් රැගත් හමුදා ගුවන් යානාවක් අතුරුදන්වීමේ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වනවා. ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් පැවැති යානාව අනතුරකට ලක්වන්නට ඇති බව බලධාරීන් විශ්වාසය පළකරනවා. මෙය චිලී රාජ්‍යයට අයත් හමුදා ගුවන්යානාවක් බව විදෙස් පුවත් වාර්තා කළා. යානාව අතුරුදන්වන අවස්ථාවේදී එහි මගීන් 38දෙනෙක් සිට ඇති අතර ඔවුන්ගෙන් බහුතරය ආරක්ෂක අංශ සාමාජිකයන් බව සඳහන්. අනතුරට පත්වන […]


Dec
10

කැලෑවේ දමාගිය සිගිත්තියගේ අයිතිය වෙනුවෙන් 800 කට වැඩි පිරිසක්

Generic placeholder image

පුත්තලම කුරූණැගල මාර්ගයේ කැලෑබද ප්‍රදේශයක දමා ගොස් තිබියදී සොයා ගත් මේ වන විට පුත්තලම මුලික රෝහලේ නොමේරු ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින සිඟිත්තියගේ අයිතිය ලබා ගැනිමට 800 වැඩි පිරිසක් පුත්තලම මුලික රෝහලින් විමසා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. පසුගිය 6 වන දින අලුත උපන් බිලිදියක් සහල් බැගයක දමා පුත්තලම කුරුණෑගල මාර්ගයේ අට්ටවිල්ලුව රක්ෂීතයේ දමා ගොස් […]


Dec
10

අද රාත්‍රියේත් දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිගුරුම් සහිත තද වැසි සමඟ පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර අගයක කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළැ නිවේදනයේ […]


Dec
10

මරණ දණ්ඩනයෙන් සර්පයා නිදහස්

Generic placeholder image

පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි සබරගමුව පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හසිත මුහන්දිරම් නොහොත් සර්පයා නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා. අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා. 2009 වසරේ කලවාන ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු වාහනයකින් යට කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කළ […]


Dec
10

ඉන්ෆ්ලූවෙන්සා වෛරසය පැතිර යන බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

Generic placeholder image

මේ දිනවල ලංකාවේ බොහෝ ප්‍රදේශ වල මෙම ඉන්ෆ්ලූවෙන්සා වෛරසය පැතිර යෑමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. උණ, ඇඟපත වේදනාව, සොටු දියර ගලන ගතිය සහ කැස්ස වැනි රෝග ලක්ෂණ මතුව ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුව වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකු ප‍්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් තත්වය සුව […]


Dec
10

නත්තල වෙනුවෙන් ටැලීන් අගනුවරත් බැබළෙයි

Generic placeholder image

උත්සව සමය වෙනුවෙන් එස්තෝනියාවේ ටැලින් අගනගරයේ පිහිටි උද්‍යානයක් විදුලි ආලෝකයෙන් හැඩගන්වා තිබෙනවා. චීන සම්ප්‍රදායට අයත් තේමාවක් යටතේ මෙලෙස උද්‍යානය හැඩගන්වා ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. උදාවන නත්තල වෙනුවෙන් එස්තෝනියාවේ ටැලින් අගනුවර උද්‍යානයක්,එල් ඊ ඩී විදුලි බුබුළු දසදහසකට අධික ප්‍රමාණයක් යොදාගනිමින් ආලෝකමත් කර ඇති අතර පළමු වරට සිදුකෙරෙන මෙම ආලෝකකරණය සඳහා සාම්ප්‍රදායික චීන තේමාවක් මූලික […]


Dec
10

පකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකකුට වසර 10ක තරග තහනමක්

Generic placeholder image

පකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන නසීර් ජම්ශේඩ්ට තරග පාවාදීමක් වෙනුවෙන් සහ ක්‍රි වෙනත් ක්‍රීඩකයෙක්ට අල්ලස් ලබා දීම සදහා ක්‍රියා කල බවට චෝදනා ලැබ තිබෙනවා. එමෙන්ම මොහු අල්ලස් වැරදි පිලිබදව චෝදනා ලබ ඇති අතර එයද පිළිගෙන තිබෙනවා. තුන් ඉරියවු ක්‍රීඩකයෙකු ලෙස පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල මොහු ප්‍රිමියර් ලිග් තරගාවලියේදී ආරම්භක පිතිකරුවරුන්ට පළමු පන්දු දෙකේදීම ලකුණු […]


Dec
10

උත්සව සමයේ සහල් මිලෙහි වෙනසක් ඇති නොවන ලකුණු?

Generic placeholder image

උත්සව සමයේ සහල් මිල පාලනය සදහා රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් ඇති කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම වී මෝල් හිමියන් සතුව පවතින වී තොග ගණනය කිරීම ආරම්භ කරන බවත් ඒ තුලින් ඔවුන් සතු වී තොග සගවා ගැනීම සිදු නොවන අතර හිගයකින් තොරව සහල් වෙළෙදපොලට ගෙන ඒම සිදුවෙන බවයි. තවදුරටත් උත්සව සමයේ සහල් ආනයනය […]


Dec
10

රෝයල් පාර්ක් නඩුවේ ජනපති සමාව පිලිබදව ජනාධිපති මෛත්‍රිට නොතීසි

Generic placeholder image

2005 වර්ෂයේ සිදු වූ රෝයල් පාර්ක් ඝාතන නඩුවේ ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ යන අයට ජනාධිපති සමාව ලබා දීම පිලිබදව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නොතීසි නිකුත් කළා. ඒ ලබන මැයි මස 29 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින්ය. එම ඝාතන නඩුවේ ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ යන අයට ජනාධිපති සමාව ප්‍රධානය කිරීම සම්බන්ධයෙන් ජනපතිගේ […]


News Articles
Latest Videos
Most Popular Post