News Line| Off Air
Generic placeholder image

Dec
2

මෙවර සා පෙළ විභාගය අද සිට ආරම්භ වේ

Generic placeholder image

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද මධ්‍යස්ථාන 4,987 කදී ආරම්භ වී තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ වැඩිම විභාග අයදුම්කරුවන් පිරිසක් සහභාගී වන මෙවර සා පෙළ විභාගයේ ඉල්ලුම් කර ඇති අපේක්ෂකයින් ප්‍රමාණය හත්ලක්ෂ 17,008 ක් වන බව විභාග දෙපර්තුම්නේතුව සදහන් කරනවා. ඒ අනුව අදින් ආරම්භ වුන මෙම විභාගය ලබන 12 වෙනිදා දක්වා පැවැත්වෙනවා. විශේෂයෙන්ම මෙවර […]


Dec
2

ඇමසන් ලැව් ගින්න පිලිබදව බ්‍රසීල ජනපති චෝදනා එල්ල කරන ලද පාර්ශවයන් සිය ප්‍රතිචාර දක්වයි

Generic placeholder image

ඇමේසන් ලැව් ගින්නට හේතුවක් ලෙස බ්‍රසීල ජනාධිපති ඉකුත් සතියේ අසාමාන්‍ය පුද්ගලයෙකුට දොස් පැවරනු ලැබුවා. ඒ සුප්‍රකට නළුවෙකුට සහ පරිසරවේදී ලෙනාඩෝ ඩිකැප්‍රියෝටය. එමෙන්ම ජනපති බොල්සොනාරෝ සදහන් කරන්නේ මෙම ගින්න පිලිබදව රාජ්‍ය නොවන සංවිධාන සමබන්ධ බවයි. ලෙනාඩෝ ඩිකැප්‍රියෝ හට චෝදනා එල්ල වන්නේ මෙම රාජ්‍ය නොවන සංවිධාන වලට ඩොලර් 500,000 ක් පරිත්‍යාග කර ඇති බව සදහන් කරමින්ය. කෙසේ […]


Dec
2

වැසි තත්වය තව දුරටත්

Generic placeholder image

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල පවතින තද වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ. ඒ අනුව උතුරු, නැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මි.මී.100 ඉක්ම වූ තද වැසි එම ප්‍රදේශවලට අපේක්ෂා කල හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු මඟින් සිදුවන අනතුරු […]


Dec
1

අයහපත් කාලගුණයෙන් 2200කට පීඩාවට

Generic placeholder image

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 643ක පුද්ගලයන් 2200ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ආරක්ෂිත ස්ථාන තුනක පුද්ගලයන් 297 දෙනෙකු රැදී සිටින බවයි. එමෙන්ම රත්නපුර, කෑගල්ල හා බදුල්ල යන දිස්ත්‍රික්කවලට නාය යාමේ පුර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.


Dec
1

අද සිට දුම්රි‌යේ සිඟමන් යැදීම තහනම් කෙරේ

Generic placeholder image

දුම්රියවල සිඟමන් යැදීම අද සිට තහනම් බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තු ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි. නීති කඩකරන්නන්ට එරෙහිව දැඩිව ක‍්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.


Dec
1

පාසල් දරුවන්ට පෙළ පොත් නව පාසල් වාරයේ

Generic placeholder image

පාසල් දරුවන්ට ජනාවාරි 2 වැනිදා වන විට අවශ්‍ය පෙළ පොත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මේ බව ඒ මහතා ප්‍රකාශ කලේ කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.


Dec
1

පාකිස්ථාන විදේශ ඇමති අද දිවයිනට

Generic placeholder image

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි මහතා නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අමාත්‍ය කුරේෂිගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන දූත පිරිස දිවයිනේ දෙදින සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.


Dec
1

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක දිනය අද

Generic placeholder image

13 වන වරට පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද නේපාලයේ, කත්මන්ඩු නුවරදී අද ආරම්භ වනවා. ඒ අනුව මෙම සමාරම්භක උළෙල කත්මන්ඩු නුවර දසරත් රංගසාලා කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් වී තිබෙනවා. ක්‍රීඩා ඉසවු 28ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 2500කට අධික පිරිසක් මෙම ක්‍රීඩා උළෙල සදහා මෙවර සහභාගී වනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 […]


Dec
1

පස්සර -බදුල්ල මාර්ගය තාවකාලිකව වැසෙයි

Generic placeholder image

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර -බදුල්ල මාර්ගය තාවකාලිකව වසාදැමූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සදහන් කරනවා. ඊට හේතු තිබෙන්නේ මෙම මාර්ගයට පස් හා ගල් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වීමයි. බදුල්ල පොලිසිය සදහන් කරන්නේ මෙම මාර්ගය භාවිත කරන ජනතාවට ඒ සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.


Dec
1

HIV මවගෙන් දරුවාට ආසාදනය වීම තුරන් කළ රටක් ලෙස ශී‍්‍ර ලංකාව නම් කරයි

Generic placeholder image

HIV මවගෙන් දරුවාට ආසාදනය වීම සම්පුර්ණයෙන්ම තුරන් කල රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. එමෙන්ම ලෝක ඒඞ්ස් දිනය අද දිනයට දී තිබෙන අතර එක්ව සිතමු – වෙනසක් කරමු – ඒඞ්ස් දුරලමු මෙවර තේමාවයි.


Dec
1

ජනපති පළමු නිල සංචාරය නිම කර යළි දිවයිනට

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ඉන්දීයාව බලා පිටත් වූ අතර එහිදී ඉන්දීය ජනපති හා ඉන්දීය අගමැති හමු වී ද්විපාර්ශ සාකච්චා පැවැත්වුවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ මෙම දෙදින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් යළි දිවයිනට පැමිණියා.


Dec
1

සා. පෙළ විභාගය හෙට සිට ආරම්භ වේ

Generic placeholder image

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වන අතර මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් හත් ලක්ෂ දාහත්දහකට ආසන්න ප්‍රමාණයක් ඉල්ලුම් කර තිබෙනවා. දෙසැම්බර් 12 වැනිදා විභාගය අවසන් වීමට නියමිත බව විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post