News Line| Off Air
Generic placeholder image

Dec
1

අදත් වැස්ස වැඩියි

Generic placeholder image

අදත් දිවයින පුරා බොහෝ ප්‍රදේශ වල තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම උතුරු,වයඹ,බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බවයි ඒමේ දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව […]


Nov
30

ගාලූමුවදොර පිටිය සහ කොටුව දුම්රියපොළ අවට සිටි යාචකයන් 700ක් ඉවත් කරයි

Generic placeholder image

බස්නාහිර පළාත තුළ සිඟමන් යදින යාචකයින් ඉවත් කිරීම පොලීසිය විසින් ආරම්භ කර තිඛෙනවා. පොලිස් මූලස්ථානය බස්නාහිර පළාතේ සියලූම පොලිස් මූලස්ථාන වෙත ලබා දුන් උපදෙස් අනුව මෙලෙස යාචකයන් ඉවත් කිරිම සිදුකරනු ලබනවා. මේ වනවිට ගාලූමුවදොර පිටිය සහ කොටුව දුම්රියපොළ අවට සිටි යාචකයන් 700 ආසන්න පිරිසක් ඉවත් කර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් පිරිසක් අම්බලන්තොට – […]


Nov
30

පාකිස්ථානයට එරෙහිව ඩේවිඩ් වෝනර් ගෙන් ත්‍රිත්ව ශතකයක්

Generic placeholder image

පාකිස්ථානයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී නොදැවී ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සමත් වී තිබෙනවා. ඇඩිලේඞ් හී පැවැත්වෙන තරගයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ඔස්ට්‍රේලියාවේ රැස්කළ ලකුණු සංඛ්‍යාව සංඛ්‍යාව 589 ක්. ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 335 ක්ද මාර්නස් ලැබුෂෙයින් ලකුණු 162 ක්ද රැස් කරනු ලැබුවා. ෂහීන් අෆ්රිඩි කඩුලු 3 ක් දවා […]


Nov
30

සී.අයි.ඩී යේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර තිඛෙනවා. ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අද සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම අනුයුක්ත කිරීම සිදුකර ඇති බව පොලිස් කොමිසම සඳහන් කළා.


Nov
30

උතුරේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කිරීමේ සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම් කියයි

Generic placeholder image

උතුරේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කිරීමේ සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. මහනුවරදී අද පෙරවරුවේ මල්වතු – අස්ගිරි මා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා. නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද අලුයම මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රි […]


Nov
30

ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් කන්දකින් වැටී මරණයට

Generic placeholder image

ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් කන්දකින් වැටී මරණයට පත්ව තිබෙනවා. එම අනතුරින් ඔහුගේ සඟයා දිවි බේරා ගැනීමට සමත් වී ඇති අතර ලෝක ප්‍රකට ඇමරිකානු නිදහස් ඒකල කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් තද බෑවුමක් සහිත කන්දකින් පහළට බැසීමට උත්සහ කිරීමේදී ඉන් ඇද වැටී මියගොස් ඇති බව සදහන්. 31 හැවිරිදි බ්‍රෑඩ් ගෝබ්‍රයිට් උතුරු මෙක්සිකෝවේ එල් […]


Nov
30

ජනපති ගෝඨාභය ඉන්දියාවට පැමිණීම දෙරටේ ඓතිහාසික සබදතාවයේ නව ප‍්‍රවේශයක් – ඉන්දීය ජනපති

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රටට පැමිණීම දෙරටේ ඓතිහාසික සබදතාවයේ නව ප‍්‍රවේශයක් සනිටුහන් කරන බව ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සදහන් කළා. ඊයේ රාති‍්‍රයේ රාෂ්ඨපති භවන්හි ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් සංවිධාන කර තිබූ විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයේදී ඉන්දීය ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. දෙරට අතර දිගු කාලීන මිත‍්‍රත්වය දකුණු ආසියානු කලාපයේ ඉදිරි ගමනට ශක්තියක් වනු ඇති […]


Nov
30

ඇමේසන් ලැව් ගිනි ඇවිලූ බවට බ්‍රසීල ජනපතිගෙන් හොලිවුඩ් නළුවෙකුට චෝදනා

Generic placeholder image

ලොව විශාලතම වැසි වනාන්තරය වන තම රටට සියයට 60 ක් අයත් වන ඇමේසන් වනාන්තරයේ පසුගියදා ඇතිවූ මහා ලැව්ගිනි, ලෝක වනසත්ව අරමුදල මගින් ප්‍රචාරක වීඩියෝ පටයක් සඳහා අවුළුවා ඇති බවට බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සනාරෝ චෝදනා කර තිබෙනවා. එමඟින් ආධාර එක්රැස් කිරීමට වනසත්ව අරමුදල පෙළඹී ඇති බවත්, ඒ සඳහා පරිසර හිතකාමී හොලිවුඞ් නළු ලියනාඩෝ ඩි කැප්රියෝ ඩොලර් […]


Nov
30

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී තවත් වාහන 4 ක ගැටෙයි

Generic placeholder image

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල ප්‍රදේශයේදී අද උදෑසන මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී නවතා තිබූ ත්‍රි රෝද රථ තුනක සහ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් මෝටර් රථයට, ත්‍රි රෝද රථ තුනට සහ යතුරුපැදියට දැඩි හානි සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි කිසිවකුත් නොසිටී බව පොලිසිය පැවසුවා. කන්දකැටිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් […]


Nov
30

ආරක්ෂක ලේකම්වරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් අගමැති මහින්ද හමුවෙයි

Generic placeholder image

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා නිළ වශයෙන් මුණගැසුණු පළමු අවස්ථාව මෙය වන අතර ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුව තිබෙනවා. එහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබුවා. මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර […]


Nov
30

දුම්රිය ධාවනය සදහා ජී.පී.එස් තාක්ෂණය

Generic placeholder image

දුම්රිය ධාවනය සඳහා ජී.පී.එස් තාක්ෂණය ලබා ගැනීමට දුම්රිය සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. දුම්රිය ධාවනය කාර්යක්ෂම කිරීමට හා ආරක්ෂිත සේවයක් ලබාදීමේ අරමුණින් මෙම පියවරට එළඹෙන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක කියා සිටියා.


Nov
30

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. උතුර, වයඹ, සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත්, 150ත් අතර තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දකුණ, ඌව පළාත්වල මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ද […]


News Articles
Latest Videos
Most Popular Post