පොලිසියේ ඉහල තනතුරු වල වෙනසක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව පොලීසියේ නිලධාරීන් 11 දෙනකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 මෙන්ම ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙන අතර ඒ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ද වනවා.
ඉකුත්දා වත්මන් ආණ්ඩුව විසින් ජනතාව සහනයක් සලසමින් රජය විසින් අයකරන බදු වර්ග කිහිපයක් අහෝසි කිරීමට තීරණය කල අතර ඇතැම් බදු මිල පහත දැමීමට කටයුතු කළා. කෙසේ වෙතත් මෙම බදු අඩු කිරීම හරහා වාහන මිල ගණන් වලට කෙරෙන බලපෑම ගැන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා සදහන් කරන්නේ එම බදු පහත හෙලීම තුලින් වාහන […]
යාපනය – පුංකුඩුතිව් හිදී ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් සෂිකුමාර හෙවත් ස්විස් කුමාර් පොලිස් අත්අඩංගුවෙන් මුදාහැරීම පිළිබඳව වන නඩුව අද යාපනය මහාධිකරණය හමුවේ විභාගයට ගැනීම සිදුකෙරුණා. ඊයේ දිනයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේම්ශංකර් නියෝග කළේ මෙම සිදුවීමට අදාළ දෙවන විත්තිකරු නොමැතිව නඩුව විභාග කිරීමටයි. එවකට […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ජනපතිවරයාට දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.
මෙම වසරේ ගතවු මාස 09ක කාලය තුළදී එච්.අයි.වී ආසාදිතයින් 3393 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පසුගිය වසර අවසානය වනවිට එච්.අයි.වී ආසාදිතයින් 1574 දෙනෙකු රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායනවලින් ප්‍රතිකාර ලබාගෙන ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා. එච්.අයි.වී ආසාදනය ඇති බව හඳුනා ගැනීම සිදුකළ හැකිවන්නේ එච්.අයි.වී සඳහාම සිදුකරන රුධිර පරීක්ෂණයකින් පමණක් වන අතර අසාදිත […]
ජපන් මන්ත්‍රීවරුන්ට හදිසි අවස්ථාවකදී භාවිතයට ගත හැකි වනා පරිදි විශේෂ හිස්වසුමක් ලබා දී තිබෙනවා. ඒ ජපානය තුල නිරන්තරයෙන් භුමි කම්පා ඇති වන නිසාවෙන් යම් මොහොතක පාර්ලිමේන්තු සැසිවාරයකදී එසේ සිදු වුවහොත් එයින් ආරක්ෂා වීම සදහායි.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් සහ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් හමුව තිබෙනවා. ජනපතිවරයා අද දිනයේ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත බව සදහන්.
බිඳ වැටීමට ලක්වු ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බව ෆේස්බුක් ආයතනය සඳහන් කරනවා. ඊයේ දිනයේ අදාළ සමාජ ජාල වෙබ් අඩවිවල අවහිරතා පැවති බවටලොව පුරා රටවල් රැසකින් වාර්තා වුණ අතර ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ කිතුණුවන්ගේ තුති පුදකිරිමේ නිවාඩු සමය වෙනුවෙන් විශාල වශයෙන් අදාළ සමාජ ජාල මාධ්‍ය හරහා […]
කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ වයස අවුරුදු 25 සහ 26 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් ව්‍යාජ නෝට්ටු භාවිත කර ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් ලග තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124ක් සහ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිගණකයක් පොදෝය දිය භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්දයෙන් වැඩි […]
තෙවන පාසල් වාරය අදින් අවසන් වන අතර ඒ අනුව අලුත් අවුරුද්දේ නව පාසල් වාරය ජනවාරි 02 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රජයේ සියලු පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙසේ තෙවන පාසල් වාරය අදින් අවසන් වෙනවා.
රාජ්‍ය ආයතනවල ඉහල තනතුරු සදහා සුදුසුකම් සහිත ඕනෑම පුරවැසියෙකුට ඉල්ලුම් කිරීමට හැකි බව ඊයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කල සය පුද්ගල කමිටුව මගින් නිර්දේශ ඉදිරිපත් කරමින් පවසා තිබෙනවා. මෙම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම්වරයෙකුද වන සුමිත් අබේසිංහ මහතායි.