News Line| Off Air
Generic placeholder image

Nov
27

අද සිට දිස්ත්‍රික්ක 06ක විශේෂ ‍ඩෙංගු මර්ධන වැඩසටහන්

Generic placeholder image

දිස්ත්‍රික්ක 06 ක් කේන්ද්‍ර කර ගනිමින් අද සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොළඹ, ගම්පහ, මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක 06ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ද සහභාගී […]


Nov
27

ඇල්බේනියාවේ භූ කම්පනයෙන් මියගිය පිරිස 21 දක්වා ඉහළට

Generic placeholder image

පසුගියදා ඇල්බේනියාවට බලපෑ භූකම්පනයෙන් මියගිය පිරිස 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ටිරානා අගනුවර සමීපයට බලපෑ භූකම්පනයත් සමගින් එහි ගොඩනැගිලි රැසක් හානියට පත්ව ඇති බව සදහන්. ඇල්බේනියාවට බලපෑ රිච්ටර් මාපකයේ ඒකක 6.4ක් සටහන් කළ ප්‍රබල භූකම්පනයකින් එහි අගනුවර ඇතුලු තවත් ප්‍රදේශ රැසකට දැඩි හානි සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විපතින් අවතැන් වූ පිරිස් මේ […]


Nov
27

ඕමානයේදී හිරිහැර වලට ලක්වූ ගෘහ සේවිකාවන් 42 ක් දිවයිනට

Generic placeholder image

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42 දෙනෙක් අද (27) පෙරවරුවේ යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා. එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වී සේව‍යට සරිලන නිසි වැටුපක් පවා නොලබා සේවය කළ පිරිස සියලු දෙනාම කාන්තාවන් වනවා. මෙම ගෘහ සේවිකාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැන විත් තිබූ […]


Nov
27

ජනපතිගෙන් තවත් ආදර්ශයක්

Generic placeholder image

රාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් කැමැත්ත කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය ආයාතන හා ව්‍යාපාර ලාභදායි ලෙස පවත්වාගෙන යෑමට ඒවා ලාභදායි වභාපාර ලෙස පත්කිරීමට හැකි සුදුසුකම් ලත් වෘත්තීය වේදින්ගෙන් ජනපති ලේකම් කාර්යාලය අභිලාෂ කැඳවීමට තිරණය කර තතිබෙන අතර මේ සඳහා වන දැන්වීම් පුවත් පත් මගින් […]


Nov
27

නව රජයේ කැබිනට් ප්‍රකාශකවරුන් 02 කු පත්කරයි

Generic placeholder image

නව රජයේ කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රමේෂ් පතිරණ පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මංගල කැබිනට් රැස්වීමේදී මෙම පත්කිරීම් සිදුකර තිබෙනවා. මෙහිදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා පස්වරු 4 ට ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් ද කැඳවා තිබෙනවා.


Nov
27

මහේෂ් සේනානායක බලාපොරොත්තු අත්නොහරියි

Generic placeholder image

ජනාධිපතිවරණයේ ලැබුණු ප්‍රතිඵලය මහමැතිවරණයෙදී වෙනස් විය හැකි බව හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළා. ඉදිරි මහමැතිවරණයෙදී දුෂිතයින් තෝරා පත් නොකිරීමට ජනතාව වගබලා ගත යුතු බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා පැවසුවා.


Nov
27

ජනපතිගෙන් ඉල්ලීමක්

Generic placeholder image

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිනයේ දිවුරුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් හට ජනපතිවරයා එම උත්සවය අමතමින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය කි‍්‍රයාත්මක කිරීමට සකී‍්‍රය දායකත්වය ලබා දෙන ලෙස එම දිවුරුම් දුන් අමාත්‍යවරුන්ට හට ප්‍රකාශ කරමින්. තම වගකීම් නිසි ලෙස සම්පුර්ණ කරමින් එයට අවශ්‍ය සහය ලබා දෙන ලෙස ජනපතිවරයා වැඩි දුරටත් සදහන් […]


Nov
27

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව අද

Generic placeholder image

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදි දහවල් 11.30 ට ආරම්භ වු මෙම හමුව සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු සියලුම අමාත්‍යවරුන් සහභාගි වී සිටින බව වාර්තා වුණා.


Nov
27

උතුරේ මහවිරු සැමරුම් නවත්වන ලෙසට යාපනය සරසවි සිසුන්ට දැනුම් දෙයි

Generic placeholder image

උතුරේ මහවිරු සැමරුම් පැවැත්වීමට යාපනය සරසවි සිසුන් සුදානම් වන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් විශ්ව විද්‍යාල පාලක සභාව පවසන්නේ කිසිදු ආකාරයකට මහා විරු සැමරුමක් සිදු නොකරන ලෙසට ඊයේ දිනයේ යාපනය සරසවි සිසුන්ට දැනුම් දුන් බවයි. සෑම වසරකම මෙලෙස මහවිරු සැමරුම් සිදු කරන බව පැවසෙන අතර සංකර් නමැති එල්.ටී.ටී.ඊ සාමාජිකයා මියයාම සිහි කරමින් 1989 වසරේ නොවැම්බර් […]


Nov
27

හේමසිරි‌ගේ ඇප අයදුම්පත විභාගයට දින නියම වෙයි

Generic placeholder image

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඇප අයදුම්පතක් විභාගයට කොළඹ මහාධිකරණය නියම කළා. පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්දයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සැකපිට […]


Nov
27

විපක්ෂනායක ධුරය රනිල් වික්‍රමසිංහට?

Generic placeholder image

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂනායකවරයා ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරනවා. විපක්ෂනායකවරයා පත්කිරීමේදී මෙතෙක් පැවැති සම්ප්‍රදාය කඩ නොකළ යුතු බවත් ඔහු පවසයි. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙස කටයුතු කරනු කරනු ඇති බවටත් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන කථානායකවරයා සඳහන් කරන්නේ මේ පිළිබඳව […]


Nov
27

kajal aje යුවල වසර 11 කට පසු එකට රංගනයේ

Generic placeholder image

බොලිවුඩ් පුරවරයේ සිටින අතිශය ආදරණීය ‌මෙන්ම ජනප්‍රිය යුවළක් වන කාජල් හා අජේ දේව්ගන් එකට රංගනයේ යෙදෙන චිත්‍රපටයක් එළඹෙන වසරේ තිරගත වීමට නියමිතව තිබෙනවා. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ වසර 11 කට පමණ පසුව මෙම යුවළ එක චිත්‍රපටයක් සඳහා පෙනී සිටීමයි. ඒ ඕම් රවුත් විසින් අධ්‍යක්ෂණය කරන ‘ටන්හාජි ’චිත්‍රපටය තුළිනි. අවසන් වරට කාජල් හා අජේ දේව්ගන් චිත්‍රපටයක […]


News Articles
Latest Videos
Most Popular Post