News Line| Off Air
Generic placeholder image

Nov
16

ජනාධිපතිවරණය 2019 – තීරණය

Generic placeholder image

2019 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල දැනගන්න එමෙන්ම දිස්ත්‍රීක්කයෙන් දිස්ත්‍රීක්කයේ පසුගිය වසර වල ඡන්ද ප්‍රතිඵල වල විශ්ලේෂණය දැනගන්න තීරණය සමග සම්බන්ධ වන්න.


Nov
16

ඡන්දය ගණන කිරීම ඇරඹේ

Generic placeholder image

2019 – ජනපතිවරණයේ ජන්දය ගණනය කිරීම කටයුතු මේ වන විට ආරම්භ වී හෝරා 02 කට ආසන්න වන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද පස්වරු 07.00 ට ජන්දය ගණනය කිරිමේ කටයුතු මෙලෙස ආරම්භ වී තිබෙනවා. මෙවර ජනපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක ඡන්ද විමසීම පැවැත් වූ අතර ඡන්ද දායකයින් එක්කෝටි පනස් නවලක්ෂ 92,096 ක් ඒ ජන්දය ප්‍රකාශ […]


Nov
16

අගමැති මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කරයි

Generic placeholder image

අද පස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පිහිටුවා ඇති විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරියට පැමිණියා. එහිදී එතුමා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහම් කලේ නිදහස් සාධාරණ සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම ගන්නා උත්සාහය තම අගය කරන බවයි. ඒ හේතුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සියලු නිලධාරීන්ට තමන් ප්‍රශංසා කරන බවයි වැඩි දුරටත් එතුමා සදහන් කරන්නේ.


Nov
16

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රත්නපුරයෙන්

Generic placeholder image

2019 ජනපතිවරණයේ පළමු නිල තැපැල් ජන්ද ප්‍රතිපලය අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ. තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වන බවයි මහින්ද දේශප්‍රිය මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් වැඩි දුරටත් සදහන් කලේ.


Nov
16

ජනපති මෛත්‍රී ජාතිය අමතයි

Generic placeholder image

මෙවර ජනාධිපතිවරණය මෙතරම් සාමකාමීව පැවැත්වීමට හැකියාව ලැබුනේ තමා නිර්පාක්ෂික වීම හේතුවෙන් බවට විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. තම ධුර කාලය තුල යුගයට අවශ්‍ය විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවූ බවද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිතිවරයා සඳහන් කළා. එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළ අතර එහිදී මියගිය ශ්‍රී ලාංකික මෙන්ම […]


Nov
16

ජනපතිවරණයේ සමස්ත ජන්ද ප්‍රතිශතය සියයට 80 යි

Generic placeholder image

2019 – ජනපතිවරණයේ ජන්ද විමසීම අද පස්වරු 05 ට අවසන් වුණා. ඒ අනුව ජන්ද දායකයින් ඉතා විශාල උනන්දුවකින් සිය ජන්දය දැමීමේ කටයුතු සදහා පැමිණි ආකාරයක් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ. දිවයින පුරාම මෙලෙස උනනන්දුවකින් ජන්දය භාවිතා කල ආකාරයක් පෙනෙන්නට තිබුන අතර මෙය ඉතා යහපත් ප්‍රවණතාවයක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ


Nov
16

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන්

Generic placeholder image

07 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වී පස්වරු 5ට අවසන් වුණා. ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක පැවති ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයක්. ඡන්ද විමසීම නිමවීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට නියමිතයි. […]


Nov
16

ආරක්ෂාව උපරිමයෙන් තහවුරුයි

Generic placeholder image

2019 ජනපතිවරණ ජන්ද විමසීම මේ වන විට පැවැත්වෙන අතර දිවයිනේ සියලුම ප්‍රදේශයෙන් ආවරණය වන පරිදි උපරිම ආකාරයෙන් ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ පිලිබදව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ ඡන්ද විමසීම අවසන් වනතුරු හා ප්‍රතිඵල නිකුත් කර සතියක කාලයක් යන තුරු පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් […]


Nov
16

ඡන්ද විමසීම සාමකාමීයි – මාර්ග වසා නෑ

Generic placeholder image

ජනපතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙන බවත් මාර්ග කිහිපයක් වසා ඇති බවට වාර්තා වන තොරතුරු සත්‍ය නොවන බවත් පොලිස් මූලස්ථානය පවසයි. එසේම ඡන්දය නිදහස් හා සාමකාමීව පැවැත්වීමට උපරිම ආරක්ෂාවක් පොලීසිය ලබාදී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.


Nov
16

උතුරු-නැගෙනහිර ජනතා වැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කරයි

Generic placeholder image

මෙවර උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව වැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කිරීමට යොමුව ඇති ආකාරය දැක ගත හැකිය. මේ වන විට යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 44ක් වන අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 49කි. එසේම මන්නාරම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 48ක්, මඩකලපුව සියයට 40ක් හා ත්‍රිකුණාමලය සියයට 48ක් වේ.


Nov
16

ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රශස්ත මට්ටමක – කැෆේ

Generic placeholder image

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු පෙරවරුවේ ප්‍රශස්ත මට්ටමක පැවැති බව කැෆේ සංවිධානය පවසයි. එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය සඳහන් කළේ අසන්න වශයෙන් 40% ක ප්‍රමානයක් මේ වනවිට ඡන්දය භාවිත කර ඇති  වාර්තා වන බවයි. අද (16) දිනයේ මේ වනවිට සිදුවීම් 54 ක් පමණ වාර්තා වී ඇති බවත් ඒ අතරින් බහුතරය ප්‍රචාරණ සිදුවීම් බව ඒ මහතා […]


Nov
16

ඡන්දය ප්‍රකාශ කිරීම 50%යි

Generic placeholder image

අද දහවල් 12 වන විට දිස්ත්‍රික්ක ගණනාවක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 50 ඉක්මවා තිබුණි. ඒ අනුව සියයට 55 ඉක්මවූ දිස්ත්‍රික්ක වූයේ හම්බන්තොට, මහනුවර හා මාතලේ  දිස්ත්‍රික්කයි. ඒ අතරින් බදුල්ල දිස්ත්‍රික්කය සියයට 60ක් ලෙස වාර්තා වි තිබුණි. මීට අමතරව, අද දහවල් වන විට පොලොන්නරුව සියයට 52 ක්, නුවරඑළිය සියයට 50 ක්, ගාල්ල සියයට 50 ක්, කලුතර සියයට […]


News Articles
Latest Videos
Most Popular Post