2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරඟය අද පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද (18) ගීලෝන් හිදී පැවැත්වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භවීමට නියමිතයි. අද පැවැත්වෙන තරඟයට සියත අපෙන් සුබ පැතුම්..!
නෙළුම් කුළුණ පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන් යළිත් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත් කරන අතර එම දිනවල උදෑසන 09.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී එම පරිශ්‍රය නැරඹීමේ හැකියාව පවතින බවයි කොළඹ නෙළුම් කුළුණ කළමණාකරන සමාගම සඳහන් කළේ. එසේම සෙනසුරාදා සහ ඉරිදා […]
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් අද (18) පැවැත්වීමට නියමිතව ඇත. අද (18) දහවල් 12.00 ට කැළණිය විශ්වවිද්‍යාලය අසළින් අදාළ විරෝධතාව ආරම්භ කරන බවයි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කළේ.
ගයාන් ගුණවර්ධන ඔබට වඩාත් සමීප චරිතයක්. ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධනගේ පුත්‍රයා වන ඔහු ගායකයෙක්, රංගන ශිල්පියෙක් වගේම නිරූපණ ශිල්පියෙක්. ඔහු ඔහුගේ මුහුණු පොතේ අපූරු සටහනක් පළ කර තිබුණා. ඒ තමයි, ” ඔන්න ඉතින් ආයෙත් සුභ පතන්න එපාආයෙත් Photo Shoot එකක් කළේ අලේශකබුම්!!!
2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (පළමු වර කියවීම) නියමිතයි. මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සදහා පසුගියදා (07) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය විය. පාර්ලිමේන්තුව අද (18) සිට 21 වැනිදා දක්වා රැස්වන අතර මෙම සෑම දිනකම පෙ.ව […]
අද (18) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර ඇත. ඒ අනුව සියලු කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 20ක් විදුලි කප්පාදුව සිදුවේ.
බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර මාතර, පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක් තද වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ […]
මේරියන්ස් කන්ඩායමේ නායක නලීන් පෙරේරාගේ උපන් දිනය පෙරේදාට යෙදී තිබුණා ඒ වෙනුවෙන් ඔහුට සුබ පැතීම් රාශියක් ලැබුණු අතර ඔහුගේ පවුලේ අය ඔහු වෙනුවෙන් සාදයක් සංවිධානය කර තිබුණා ඊට ස්තුතිවන්ත වෙමින් ඡායාරූප කිහිපයක් ඔහු මුහුණු පොතට එක්කර තිබුණා
ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට අදාළව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී ඇත. මේ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ රථවාහනවල ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (15) ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. හෙට (15) රාත්‍රී 10 සිට ඉරිදා (16) පෙරවරු 10 දක්වා පැය 12ක කාලයක් කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.