භාරතීය ගීත කෝකිලාවිය, ස්වර මාධුර්යයෙහි රැජිණ, දේශයෙහි හඬ, සහස්රයෙහි හඬ, ඉන්දියාවෙහි කෝකිලාවිය යන නාමයන්ගෙන් හැඳින් වූ ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය දෙස් විදෙස් ජනතාවගේ දෙසවන් පින වූ සම්මානිත ගායිකාවකි. ඇයගේ ජීවිත කාලය තුළ ඇගේ සුමියුරු හඩ මුසු කර ගීත තිස්දහසකට ආසන්න ප්‍රමාණයක් ගායනා කර රසිකයන්ගේ නොමද ආදරය දිනා ගැනීමට සමත් විය. ලතා මංගේෂ්කාර් 1929 […]
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ගත් 454 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේය. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 581,659 ක් දක්වා ඉහළගොස් ඇත.
හෙද පරිපුරක අතුරුවෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් අද (07) උදෑසන සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද උදෑසන 7 සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (07) ආරම්භ වේ. අධ්‍යාපන බලධාරීන්, විභාග ශාලාධිපතිවරුන්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව විභාගය ආරම්භ කිරිම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව විභාගය ලබන මස 05 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ. විභාග […]
නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සමරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. සබරගමුව පළාතේත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට […]
ඊයේ (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,287ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 617,189ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
2022 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දී එයට මූලිකත්වය ලබා දෙමින් විභාග කටයුතු සඳහා ශාලා පහසුකම් ලබා දීමේ අවශ්‍යතාව මත ප්‍රාථමික අංශ සහ ප්‍රාථමික විදුහල් වසා තැබීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ ලිපියට සමගාමීව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය […]
ලොව පහළ වූ දරුණුතම විලෝපියයා ලෙස හැඳින්වෙන ජුරාසික යුගයේ විසු T-Rex ඩයිනොසරයාට පෙර කිඹුලා පෘතුවියෙහි රජ කරන්නට ඇති බව නවතම විද්‍යාත්මක සොයා ගැනීම් අනාවරණය කරයි. මේ අනුව කිඹුලාට මහ පොළවෙහි අයිතිය ඇත්තේ මිනිසා බිහිවීමට වසර මිලියන 200කට පමණ පෙර සිට ය. ඩයිනෝසරයන් පමණක් නොව ඊට පසුව බිහි වූ බොහෝ සත්ත්ව ප්‍රභේද පවා මිහිමතින් තුරන් වෙත් […]
කොංගෝ රාජ්‍යයේ කින්ෂාසා නගරයේ විදුලි රැහැනක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. වෙළෙඳපොළක සිටි පුද්ගලයින් පිරිසක් මතට එම විදුලි රැහැන කඩා වැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගාල්ල මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි පැය 24 ට අදාළව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ඊට අමතරව දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල […]
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල්වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට හැකිවිය. මොවුන් අද දින emirates ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට තැත්කිරීමේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. වැඩිදුර පරීක්ෂා […]