අයවැය තුන්වනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. අද පස්වරුවේ අයවැය තුන්වන වර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. ආරම්භයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමු කල පැනයකට මුදල් අමාත්‍යංශය දෙවන වරටත් කල් ඉල්ලීම හමුවේ මන්ත්‍රීවරයා සිය අප්‍රසාදය පළ කළා. සංචාරක ක්ෂේත්රය මුහුණ දී ඇති ගැටලුව පිළිබදව ද අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්ණ කෙරුනා.
විදුලිබල සැපයුම ගැන විදුලිබල අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කර ඇත. ඒ අනුව අද (10) සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව එම අමාත්‍යංශය පැවසීය.
තවත් කොරෝනා ආසාදිතයන් 744 දෙනෙක් ඊයේ (09) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙරට දී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 570,672ක් දක්වා ඉහළගොස් තිබේ.
දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවය. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති වේ. සබරගමුව, […]
ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රවාට්ස් ගමන් ගත් එම්. අයි 17 හෙලිකොප්ටර් යානය අනතුරට ලක්ව තිබෙනවා. ඒ තමිල්නාඩු ප්‍රාන්තයේ සුලූර් හිදීයි. මෙම හෙලිකොප්ටර් යානයේ 14 දෙනෙකු ගමන්ගත් බවයි වාර්තා වන්නේ. ඉන් 13 දෙනෙකුම මිය ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.
පාකිස්ථානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස සිදු කිරීමට නියමිතයි. අදත් විවිධ තරාතිරම්වල පුද්ගලයින් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා. ඊයේ සවස පාකිස්තානයේ දී විශේෂ ගුණසමරු උත්සවයක් ද පැවත්වුණා. ඊට එක්වූ අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ යළි තමා සිටින තාක් මෙවන් ඝාතන සිදුවීමට ඉඩ තබන්නේ නැති බවයි.
තවත් කොරෝනා ආසාදිතයන් 748 දෙනෙක් ඊයේ (07) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව, මෙරට දී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 569,171කි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් […]
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ. ඒ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට සිදු කලේ යැයි කියන තර්ජනයට කතානායකවරයා පියවර නොගැනීම මුල්කර ගනිමිනුයි. අදත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා.
තායිලන්තයෙන් පළමුවරට ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ ස්පාඤ්ඤයේ සිට තායිලන්තය වෙත පැමිණි අමෙරිකානු සංචාරකයෙක් බව තායිලන්ත සෞඛ්‍ය අංශ පවසනවා. පසුගිය නොවැම්බර් මස 29 වනදා එම ආසාදිතයා තායිලන්තය වෙත පැමිණ තිබෙනවා. මේ වන විට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය රටවල් 47 කින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2021 ස්වර්ණ පුස්තකය සඳහා වන සම්මානය රූපා ශ්‍රියානි ඒකනායක විසින් රචිත භේරුණ්ඩ කැදැල්ල නමැති ග්රන්ථයට හිමිවිය. ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන 15 වන ස්වර්ණ පුස්තක 2021 සම්මාන ප්රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව […]