News Line| Off Air
Generic placeholder image

Oct
13

කොළඹ දිස්ත්‍රික්කයේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම ලබන සිකුරාදා

Generic placeholder image

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාප වල උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම ලබන සිකුරාදා ආරම්භ කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මේ පිලිබදව වැඩි දුරටත් සදහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ, අතිරේක ලේකම්, එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසුවේ, “අපොස උසස් පෙළ විභාගයට එක සැරයක් පෙනී සිටි දරුවන්ටත් ප්‍රථම වතාවට දැන් පෙනී ඉන්න දරුවන්ටත් තමයි මේ […]


Oct
13

නවරාත්‍රී පූජෝත්සවයක් අරලියගහ මන්දිරයේ දී

Generic placeholder image

නවරාත්‍රී පූජෝත්සවයක් අරලියගහ මන්දිරයේ දී ඊයේ පවත්වා තිබෙනවා. එම අවස්ථාවට භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු සහ ඉන්දීය රාජ්‍ය සභාවේ මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි මහතා ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් ද එක්ව සිටියා.


Oct
13

නේපාලයේ බස්රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 28ක් ජිවිතක්ෂයට

Generic placeholder image

නේපාලයේ බස්රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 28ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාල අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ. නේපාලයේ මුගු ප්‍රදේශය හරහා ගමන් කල බස් රථයක් මෙලෙස ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ.


Oct
13

ලංකා ප්‍රිමියර් ලීග් – තරගාවලිය දෙසැම්බර් 05 වනදා ආරම්භ කිරීමට සැලසුම්

Generic placeholder image

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය දෙසැම්බර් 05 වනදා ආරම්භ කිරීමට සැලසුම් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. මේ අනුව මෙම තරගාවලියේ පළමු තරගය ගාල්ල සහ යාපනය කණ්ඩායම අතර පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. මූලික වටයේ තරඟ කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැත්වීමටත් අවසන් වටයේ තරඟ සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.


Oct
13

ගුරු – විදුහල්පති වර්ජනය තවදුරටත්

Generic placeholder image

ගුරු – විදුහල්පති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණු අතර ඉන් අනතුරුව වෘත්තීය සමිති නායකයින් කියා සිටියේ රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ ද යන්න පිළිබඳව අද තීරණය කරන බවයි. මේ අනුව පවතින වැඩ වර්ජනය ඉදිරියට කරගෙන යන බවයි එම […]


Oct
13

මහකන්නයට කාබනික පොහොර බෙදාහැරීම අද සිට

Generic placeholder image

මහකන්නයට කාබනික පොහොර බෙදාහැරීම අද සිට ආරම්භ කිරීමට පියවර ගන්නා අතර මෙරට නිෂ්පාදිත කාබනික දියර පොහොර බෙදා හරින බවයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේ,


Oct
13

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Oct
13

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සති දෙකක කාලයකට අත්හිටුවයි

Generic placeholder image

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සති දෙකක කාලයකට අත්හිටුවා තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Oct
13

දිවයිනට පැමිණි යොහානි කියූ දේ

Generic placeholder image

ඉන්දීය සංගීත ප්‍රසංග දෙකකට සහභගි වීම සදහා ඉකුත් දා දිවයිනෙන් පිටව ගිය යොහානි සති දෙකක කාලයකින් පසු ඊයේ රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මෙහිදී ඇයව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර එහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඇය සදහන් […]


Oct
13

ඉන්දීය යුද හමුදා ප්‍රධානි, ජනපති හමුවෙයි

Generic placeholder image

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා. ඒ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.


Oct
13

අද කාලගුණය

Generic placeholder image

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ […]


Oct
12

කොවිඩ් මරණ 23ක්

Generic placeholder image

කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මෙම මරණ 23ත් සමග මෙරට වාර්තාවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,377ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post