දේශීය කිරිපිටි මිල ගණන් සංශෝධනයට කර තිබෙනවා. මේ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 225කින් මිල ඉහළ නංවා තිබෙනවා. මේ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 490කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි කෙරෙනු ඇති.
මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ පහතින්,
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමේ වැඩසටහන අද සිට ආරම්භ වනවා. මේ අනුව එම එන්නත්කරණ වැඩසටහන යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පළමුවර සහ දෙවනවර අපේක්ෂකයින් සඳහා එන්නත ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරනවා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.වයඹ පළාතේවැසි වාර කිහිපයක් ඇතිවිය හැක.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (30-40) දක්වා වැඩි විය හැක.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 513 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 528,248ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
තවත් කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,408ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
අපි බොහෝවිට ජිවිතේ හරි සංකීර්ණ විදියට දකිනවා. ඒ සංකීර්ණතාවය නිසාම බොහෝ අය ජිවිතේ විදින්න අමතක කරලා විදවනවා. හැබැයි අපි හැමෝටම අමතකයි මේ ජිවිතේ හැමදාම ඉන්න තැනක් නෙමෙයි කියලා… මේ ඒ ගැන කතාවක්..
කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාප වල උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම ලබන සිකුරාදා ආරම්භ කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මේ පිලිබදව වැඩි දුරටත් සදහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ, අතිරේක ලේකම්, එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසුවේ, “අපොස උසස් පෙළ විභාගයට එක සැරයක් පෙනී සිටි දරුවන්ටත් ප්‍රථම වතාවට දැන් පෙනී ඉන්න දරුවන්ටත් තමයි මේ […]
නවරාත්‍රී පූජෝත්සවයක් අරලියගහ මන්දිරයේ දී ඊයේ පවත්වා තිබෙනවා. එම අවස්ථාවට භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු සහ ඉන්දීය රාජ්‍ය සභාවේ මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි මහතා ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් ද එක්ව සිටියා.
නේපාලයේ බස්රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 28ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාල අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ. නේපාලයේ මුගු ප්‍රදේශය හරහා ගමන් කල බස් රථයක් මෙලෙස ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ.
2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය දෙසැම්බර් 05 වනදා ආරම්භ කිරීමට සැලසුම් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. මේ අනුව මෙම තරගාවලියේ පළමු තරගය ගාල්ල සහ යාපනය කණ්ඩායම අතර පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. මූලික වටයේ තරඟ කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැත්වීමටත් අවසන් වටයේ තරඟ සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ගුරු – විදුහල්පති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණු අතර ඉන් අනතුරුව වෘත්තීය සමිති නායකයින් කියා සිටියේ රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ ද යන්න පිළිබඳව අද තීරණය කරන බවයි. මේ අනුව පවතින වැඩ වර්ජනය ඉදිරියට කරගෙන යන බවයි එම […]