සාමාන්‍යයෙන් අපි google translate වලින් සිංහල වචන ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්නවා. නමුත් බොහෝ තැන් වලදී සිංහල වචනයට අදාල හරිම තේරුම ඒ තුලින් ඉදිරිපත් වන්නේ නෑ. අද කතා අතරත් එවැනි සිද්ධියක් වාර්තා වෙනවා.. මේ ඒ ගැනයි..
ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත එක්වෙන ලෙස බළකාය විසින් ලෙස මෙරට තරුණ පිරිසකගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. වයස අවුරුදු 18ත් 25 ත් අතර තරුණ ප්‍රජාවට මේ සදහා ඇරයුම් කර ඇති අතර ඒ සදහා අයදුම් කල හැකි අවසාන දිනය ජූලි 31 වනදාය. මේ පිලිබදව වැඩි විස්තර 2021 මැයි 21 වනදා ගැසට් පත්‍රයේ සඳහන් වන බවයි […]
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 1,2,3,7,8,9,10, 11 දක්වා ප්‍රදේශවලට ( 4,5,6 හැර) ලබන 10 වැනිදා (අනිද්දා) පැය 21ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා.
අන්තර්ජාලය හරහා පාසල් සිසුන් ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගත් අදාල සැකකරු 28 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු ජංගම දුරකතන සමාගමක අලෙවි නියෝජිතයෙකු ද වන බවයි පැවසෙන්නේ. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අද මොරවක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
අමාත්‍යාංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධූරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයි.. ඉන් අනතුරුව ඒ මහතා මීට සුළු වේලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා.
මෙරට තුල ක්‍රියාත්මක වන කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිලිබදව විස්තර පහතින්,
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුම්පත කම්කරු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවට යොමුකර තිබෙනවා. ඒ, අනුව දැනට පවත්නා අවම මාසික වැටුප රුපියල් 10000 සිට රුපියල් 12,500 දක්වා සහ අවම දෛනික වැටුප රුපියල් 400 සිට රුපියල් 500 දක්වා ඉහළ නැංවීමට අදාළව 2016 අංක 03 දරණ සේවකයින්ගේ අවම වේතන පනතේ 03 වන වගන්තිය […]
සහරාන් හෂීම් ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු පුද්ගලයෙක් TID අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු වයස අවුරුදු 24ක් වු නාරම්මල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නැමැත්තෙක් වන අතර ඔහු විසින් 2018 හා 2019 වසරවල දී සහරාන් හා ඔහුගේ අනුගාමිකයින් විසින් පැවැත් වු අන්තවාදී පන්තිවලට සහභාගී වීම හා ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා ලබාදීම සිදු කර ඇති බවයි වාර්තා වෙනවා.
පසුගිය දා ජනපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි සතියක් ඇතුළත දිවයිනේ සියලු ම ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ වැඩසටහන මේ මස 12වෙනි සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට පාසල් 10155ක් වන සියලු ම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ […]
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත වෙනුවට යුද හමුදාව විසින් ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටවු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ මේ මස තෙවන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිත නිසාවෙන්. මේ අතර මේ පිලිබදව සදහන් කරමින් වසංගත රෝග විද්‍යාවේදීනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය ට්විටර් ගිණුමේ සටහනක් […]