News Line| Off Air
Generic placeholder image

Jun
26

X-Press Pearl නෞකාවෙන් ධීවර ක්ෂේත්‍රයට වූ හානියට රු. මි. 715 ක අතුරු වන්දියක්

Generic placeholder image

X-Press Pearl නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට වූ හානියට අතුරු වන්දියක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී තිබෙන අතර ඒ අනුව , අතුරු වන්දිය ලෙස රුපියල් මිලියන 715 ක වන්දි ගෙවීමට එම සමාගම එකඟ වී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


Jun
25

අද මේ දක්වා ආසාදිතයින් 1,239ක්

Generic placeholder image

අද මේ දක්වා කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,239 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 249,291ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Jun
25

මඩකලපුව කළු පාලමේ දී යුද හමුදා ට්‍රක් රථයක් පෙරළෙයි – එක් අයෙක් මරුට

Generic placeholder image

මඩකලපුව චෙන්කලාඩි කළු පාලමේ දී යුද හමුදා ට්‍රක් රථයක් පෙරළී ගොස් සිදු වූ අනතුරකින් එක අයෙක් අතුරුදන් ව තවත් සෙබළුන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.


Jun
25

1,843ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,843 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබෙන බව වාර්තා වෙනවා.ඒ අනුව කොවිඩ් ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 214,668ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Jun
25

රිබන් ආගමනය

Generic placeholder image

ජිවිතේ බොහෝ දෙනාට ඇත්තටම කිවුවොත් හැමෝටම වගේ කුමක් හෝ ප්‍රශ්නයක් ජිවිතේ තියෙනවා.. ප්‍රශ්න නැති කෙනෙක් නැති තරම්…එමෙන්ම සමාජයේ ජිවත් වන සෑම අයෙකුටම සුවිශේෂී වටිනාකමක් තියෙනවා. අපි ගැන කවුරු හෝ අගයකිරීමක් කරනවා නම් අපි හැමෝම ඒකට කැමතියි.. මේ කතාව අද ඒ ගැනයි.


Jun
25

ජනතාව බරපතළ ලෙස මුහුණදී සිටින ගැටලු 6 කට ජනාධිපතිවරයා විසඳුම් දෙනු ඇතැයි අපේක්ෂා කරන බව විපක්ෂ නායක කියයි

Generic placeholder image

ජනාධිපතිවරයා අද ජාතිය අමතන බව පැවසෙන අතර,ඔහු නොවලහා කළ යුත්තේ වැඩි කළ ඉන්ධන මිල වහාම පහත හෙලීම සහ අත්තනෝමතික ලෙස තීන්දු කළ පොහොර තහනම හකුලාගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(25)සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවසීය. තම පක්ෂය ආණ්ඩුව විසින් ගත් අත්තනෝමතික තීන්දු වලට එරෙහිව ජනතාව සමග අරගල කළ බවත් එය නොනවතින අරගලයක් බවත් […]


Jun
25

කොළඹ වරායේ සිට සිංගප්පුරුව බලා යාත්‍රා කරමින් තිබු MSC MESSINA බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක්

Generic placeholder image

කොළඹ වරායේ සිට සිංගප්පුරුව බලා යාත්‍රා කරමින් තිබු MSC MESSINA නම් බහාලුම් ප්‍රවාහන නෞකාවේ එංජිමේ ගින්නක් හටගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා සදහන් කරනවා. මහා රාවණා ප්‍රදීපාගාරය සිට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු කලාපයේදී මෙම නෞකාවේ ගින්නක් හටගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Jun
25

සියලුම ජාතික පාසල් ගුරුවරුන්ට නිවේදනයක්

Generic placeholder image

රටෙහි පවතින covid – 19 වාතාවරණය හමුවේ පාසල් වසා පවතින මෙම කාලසීමාව තුළ , තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුත්ක ලබා එම අනුයුක්ත කාලසීමාවන් අවසන් කළ ගුරුභවතුන් නැවත පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතුය. තවදුරටත් එකී සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් , පාසල් […]


Jun
25

ඊයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 1941 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඒ අනුව මේ දක්වා හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ හතලිස් අටදහස් පනහක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේද රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 386 ක්. කොළඹින් 261 දෙනෙකු ද කළුතරින් 252 නෙකුද, වාර්තා වී තිබෙනවා.


Jun
25

කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. කාබනික පොහොර ආනයනය කිරීමට අදාල අනුමැතිය කැබිනට් මණ්ඩලයේ හිමි වුවද ඒ තුලින් වියහැකි හානිය සලකා ආනයනය තාවකාලිකව නතර කිරීමට තීරණය කල බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරනවා.


Jun
25

ඇමරිකාවේ තට්ටු 12 ක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි – 100ක් අතුරුදන්

Generic placeholder image

ඇමරිකාවේ ෆ්ලොරිඩාහි මියාමී නගරයේ පිහිටි මහල් 12කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් 35 දෙනෙකු මුදවා ගෙන තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. කඩා වැටුණු ගොඩනැගිල්ල 1981 දී පමණ ඉදි කරන ලද්දක් බවයි වාර්තා වන්නේ.


Jun
25

ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි⁣යේ ජය එංගලන්තයට

Generic placeholder image

ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි⁣යේ ජය එංගලන්තයට හිමි වුණා. ඒ තරග තුනකින් සමන්විත තරගාවලියේ ,තවත් තරගයක් ඉතිරිව තිබියදී. ඊයේ පැවැති දෙවන පන්දුවාර 20යි 20 තරගයෙන් එංගලන්තයට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 5ක ජයක් හිමිකර ගත්තා. ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණක් වූ […]


News Articles
Latest Videos
Most Popular Post