පිටකොටුවට බෝධිරාජ මාවතේ පිහිටි වෙළෙඳසැල් දෙකක ගින්නක් හටගෙන තිබෙන අතර ඒ ගින්නෙන් අදාල වෙළෙදසැල් දෙක සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබෙනවා. ගින්න අද අලුයම් කාලයේ හටගෙන තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පොසොන් පොහොය නිමිත්තෙන් අද දිනයේ සිරකරුවන් 93 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව තිබෙනවා. මේ අතර LTTE සැකකරුවන් 16 දෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.
අද අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. එම ප්‍රදේශ පහතින්,
බුදු දහම මෙරටට දායාද වුණු උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදයි. සදාචාරවත් දැහැමි සමාජයකට මුලාරම්භය සනිටුවන් කල ඒ උතුම් මහින්දාගමනය සිදු වූණු දිනය අදයි. මෙරට ශාසන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුවන් කෙරූ දිනයක් ලෙස පොසොන් පොහෝ දිනය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයක් වෙනවා. එමෙන්ම බුදු පියාණන් වහන්සේ පළමු වරට රුවන් ගෙයි වැඩ හිදමින් සවණක් ඝණ බුදු […]
තරග 03කින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
චීනයේ සිට ආනයනය කල අඩි 40 බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී එහි තුල තිබී නීති විරෝධි ව ආනයන කල චීනයේ නිෂ්පාදිත සිගරැට් තොගයක් සොයා ගන්නා ලදි. මෙම බහාලුම ගෙලිඔය ප්‍රදේශයේ පිහිටි ආයතනයක නමින් මෙරටට ආනයනය කර ඇති අතර එහි මළු 1,415 ක අඩංගු යන්ත්‍රෝපකරණ සහ අමතර කොටස් […]
අද දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,358ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
සීඝ්‍ර ව්‍යාප්තියක් ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඔස්ට්‍රේලියාවේ විශාලම නගරය වන සිඩ්නි නගරය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. අද දින ආසාදිතයින් 16 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙතෙක් හමුවී ඇති ආසාදිතයින් ගණන 37ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඒ හේතුවෙන් එම නගරයේ ජනතාවට ගෘහස්තව ද […]
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,890කට සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 211,186ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වී තිබෙන බව එතුමාගේ පවුලේ ඥාතීන් විසින් දැනුම් දී තිබෙනවා. මියයන විට එතුමා 71 වන වියේ පසුවුවා.
අද දිවයිනේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. සිදුවන අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ 97වන ජන්ම දිනය අදට යෙදී තිබූ අතර එතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාව අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුව අසලදී සිදු විය. පූජ්‍යපාද මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කොට වදාළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු ජනාධිපති ආර්‍යා හේමා ප්‍රේමදාස මැතිණිය ප්‍රමුඛ මැති ඇමතිවරු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.