සංචරණ සිමා පනවා තිබෙන කාල සීමාවේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබදව නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. වරාය, පෙට්ට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම සහ බෙදාහැරීම, රේගු ආඥා පනතට අනුව සිදුකළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලු සේවාවන් ක්‍රියාත්මක කිරීම, භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා […]
නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වා උසස් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා කොමිසම් සභාවේ නිර්දේශ මතයි.
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 1,289 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 195,434ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
චීනය විසින් පාලනය කෙරෙන ටිහැන්හේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත චීනයේ ගගනගාමීන් තිදෙනෙක් යැවීමට කටයතු කර තිබෙනවා. ඒ මාස තුනක කාලයක් සදහායි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියට කිලෝ මීටර් 380ක් ඉහළින් ස්ථාපිත බවයි පැවසෙන්නේ.
ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරනවා. දෙමටගොඩ, පෙදෙසේ වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින් 09 දෙනෙකුගේ ජෛව සාම්පල් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ඉන් […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට අභියාචනාධිකරණය මගින් නියම කරන ලද ඇප කොන්දේසි ගම්පහ මහාධිකරණය හමුවේ දී අද (17) ඇපකරුවන් විසින් සපුරනු ලැබුවා. ශානි අබේසේකර මුදා හරින ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාටත්, සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුව මුදා හරින ලෙසට […]
ඔන්ලයින් මත්පැන් අලෙවිය සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. මුදල් අමාත්‍යංශය විසින් ප්‍රතිපත්තිමය එකඟතාවය ලබාදී අනුමැතිය සඳහා එම මධ්‍යස්ථානයට යොමුකර තිබුණ අතර කෙසේ වෙතත් යුද හමුදාපතිවරයාගේ අනුමැතිය ඊට නොලැබුණු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ද සදහන් කළා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ සහකාර පොලිස් අධිකාරී අරුණ කටුගම්පොළ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති සාගර කුලසේකර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් අද උදෑසන පෑලියගොඩ දී සහ වනාත මුල්ල යන ප්‍රදේශවල දී හෙරොයින් සන්තකයේ තබා සිටි පුද්ගලයින් තිදෙනෙකු ඔවුන් […]
මේ වන විට සිය රට ආහාර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සදහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නායක රැස්වීමක් අමතමින්. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඉකුත් වසරේ එරට මුහුණ දුන් ස්වභාවික ආපදාවන් නිසා කෘෂි වගාවන්ට සිදුවූ හානිය බවත් කොරෝනා වෛසරය ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එරට […]
ඊයේ දිනය තුල මෙරටින් නව ආසාදිතයින් 2436 ක් අලුතින් හදුනාගෙන තිබෙන අතර එයින් වැඩිම ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්, එම ගණන 561ක් , මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 516 දෙනකු හදුනාගෙන තිබෙනවා.
වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ඊයේ සුළු භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙන අතර ඒ පිලිබදව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කරනවා. එම භූ කම්පනයේ අගය රිච්ටර් මාපකයේ ඒකක 1.94ක ප්‍රබලත්වයක් සටහන් ව තිබෙනවා.
රුපියල් 90,000 ක් වටිනා Sinopharm එන්නත් මාත්‍රා 30 ක් සොරා ගැනීමේ සිද්ධියක් හබරාදූවේ MOH කාර්යාලයෙන් වාර්තා වී තිබෙනවා. මේ පිලිබදව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.