News Line| Off Air
Generic placeholder image

Jun
17

ඊයේ දිනයේත් නිරෝධායන රීති කැඩූ 1,561ක්

Generic placeholder image

නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1,561ක් දෙනෙකු පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඉන් වැඩිම පිරිසක් කුලියාපිටිය ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගෙන තිබෙන අතර එම ගණන 228ක්.


Jun
17

දිවයිනේ පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

Generic placeholder image

බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාරකිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.


Jun
16

පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ ප්‍රධානියා CID අත්අඩංගුවට

Generic placeholder image

කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී කොන්සෝටියම් ආයතනයේ සභාපතිවරයා වන අර්ජුන් හෙට්ටිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Jun
16

හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු කහතුඩුවේ දී STF අත්අඩංගුවට

Generic placeholder image

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු කහතුඩුවේ දී STF අත්අඩංගුවට තිබෙනවා.


Jun
16

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීම සදහා මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමිවෙයි

Generic placeholder image

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලැබී ඇතැයි, සුරාබදු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා. කෙසේ නමුත් එම තීරණය ක්‍රියාත්මක කිරීම සදහා කොවිඩ් -19 මර්දන කාර්ය සාධක බළකාය වෙත යොමු කර ඇති බව වැඩි දුරටත් සදහන්.


Jun
16

ඊශ්‍රායලයෙන් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත යළි ප්‍රහාර

Generic placeholder image

ඊශ්‍රායලයෙන් යළි ගාසා තීරය වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර ඊට හේතු වී ඇත්තේ පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායලය වෙත විසින් ගිනි ගන්නා “බැලුන්” කිහිපයක් මුදා හරිම හේතුවෙන්. එම ගිනි ගන්නා බැලුන් නිසා ප්‍රදේශ ගණනාවක්ම ගිනි ගැනීම් ඇතිව තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


Jun
16

රනිල්ගේ නම මැතිවරණ කොමිෂන් සභාවට

Generic placeholder image

පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිරවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද භාරදී තිබෙනවා.


Jun
16

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,334 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම ගණන 546 ක්. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,


Jun
16

ශානි අබේසේකරට ඇප

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කරනු ලැබුවා. ඒ අදාල නඩුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න, ආර්. ගුරුසිංහ මහත්වරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී.


Jun
16

ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය නම් කරයි

Generic placeholder image

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය ලෙස ජූලී චන්ග් නම් කර තිබෙනවා. ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙනවා.


Jun
16

ඇස්ට්‍රසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත

Generic placeholder image

සෞඛ්‍ය නිර්දේශය අනුව ඇස්ට්‍රසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.


Jun
16

ඩිලිවරි සේවා බලපත්‍රවල වලංගු කාලය දිගු කෙරේ

Generic placeholder image

ඩිලිවරි සේවා පවත්වාගෙන යාමට ලබා දී ඇති බලපත්‍රවල වලංගු කාලසීමාව ජුනි 21දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post