වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ඊයේ සුළු භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙන අතර ඒ පිලිබදව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කරනවා. එම භූ කම්පනයේ අගය රිච්ටර් මාපකයේ ඒකක 1.94ක ප්‍රබලත්වයක් සටහන් ව තිබෙනවා.
රුපියල් 90,000 ක් වටිනා Sinopharm එන්නත් මාත්‍රා 30 ක් සොරා ගැනීමේ සිද්ධියක් හබරාදූවේ MOH කාර්යාලයෙන් වාර්තා වී තිබෙනවා. මේ පිලිබදව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1,561ක් දෙනෙකු පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඉන් වැඩිම පිරිසක් කුලියාපිටිය ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගෙන තිබෙන අතර එම ගණන 228ක්.
බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාරකිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.
කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී කොන්සෝටියම් ආයතනයේ සභාපතිවරයා වන අර්ජුන් හෙට්ටිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු කහතුඩුවේ දී STF අත්අඩංගුවට තිබෙනවා.
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලැබී ඇතැයි, සුරාබදු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා. කෙසේ නමුත් එම තීරණය ක්‍රියාත්මක කිරීම සදහා කොවිඩ් -19 මර්දන කාර්ය සාධක බළකාය වෙත යොමු කර ඇති බව වැඩි දුරටත් සදහන්.
ඊශ්‍රායලයෙන් යළි ගාසා තීරය වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර ඊට හේතු වී ඇත්තේ පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායලය වෙත විසින් ගිනි ගන්නා “බැලුන්” කිහිපයක් මුදා හරිම හේතුවෙන්. එම ගිනි ගන්නා බැලුන් නිසා ප්‍රදේශ ගණනාවක්ම ගිනි ගැනීම් ඇතිව තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිරවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද භාරදී තිබෙනවා.
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,334 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම ගණන 546 ක්. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කරනු ලැබුවා. ඒ අදාල නඩුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න, ආර්. ගුරුසිංහ මහත්වරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය ලෙස ජූලී චන්ග් නම් කර තිබෙනවා. ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙනවා.