සෞඛ්‍ය නිර්දේශය අනුව ඇස්ට්‍රසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.
ඩිලිවරි සේවා පවත්වාගෙන යාමට ලබා දී ඇති බලපත්‍රවල වලංගු කාලසීමාව ජුනි 21දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.
ගතවූ පැය 24ක නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් 1,411ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර කුලියාපිටිය ප්‍රදේශයෙන් 158 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.
අද දිනය තුල මේ දක්වා කොරෝනා ආසාදිතයන් 1,843 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 227,765ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජයග්‍රණය කරන කණ්ඩායමට ටෙස්ට් ශූරතා කුසලානය සමගින් අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සදහන් කරනවා. ඒ අනුව අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 ක් වන බවයි පැවසෙන්නේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ඉන්දියාව අතර ලබන 18 වෙනිදා පැවැත්වීමට නියමිතයි.
අධි බලැති පුපුරණ ද්‍රව්‍ය නිර්මාණය කිරීම සදහා යොදා ගත් උපකරණ තොගයක් සමග කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කල මෙහෙයුමකදී අදාල පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මධ්‍යම අධිවේග මාර්ගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් නතර කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමින් සදහන් කර සිටිනවා. අදාල නිවේදනය පහතින්
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 526ක්.කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී තිබෙනවා. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,
මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින් සඳහා වන්දි ලබාදීම අද සිට ආරම්භ වනවා. ඒ අනුව ධීවර පවුල් 9,883ක් වෙනුවෙන් වන්දි මුදල් ලබාදෙන අතර මීගමුවේ පවුල් 6,042ක්, වත්තල පවුල් 1,409ක්, කටානේ පවුල් 233ක් සහ ජා-ඇල පවුල් 69ක් අදාළ වන්දි මුදල් ලබ ගැනීමට නියමිතයි.
ඊයේ දිනයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ කිහිපයක් පහතින්,
ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 31,440 කට ලබා දී තිබෙන අතර ඒ අනුව මේ වන විට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දහතුන් ලක්ෂයකට අධික පිරිසකට ලබා දී තිබෙනවා. එම ගණන දහතුන් ලක්ෂ 26,784ක්.