පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ඉන්දියාවේ නව දිල්ලි නුවරට පැනවූ සීමා හෙට සිට ලිහිල් කිරීමට එම ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම අඩුවීම හේතුවෙන්. .ඒ අනුව සාප්පු සංකීර්ණ, ආපනශාලා සහ වෙළෙඳසැල් ද හෙට සිට දිනපතා විවෘත කළ හැකි වන බවත් කෙසේ වෙතත් පාසල්, විද්‍යාල සහ අධ්‍යාපන ආයතන තවදුරටත් වසා දැමෙනවා.
කොරෝනා ආසාදිතයින් 1,886 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 223,163ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මේ දක්වා එන්නත් කළ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වුණා. එම ගණන 137,067ක්. එහිදී සයිනොෆාම් පළමු මාත්‍රාව 59,881ක්, එහි දෙවන මාත්‍රාව 76,615ක් ලබා දී තිබෙන අතර ස්පුට්නික් V දෙවන මාත්‍රාව 390 දෙනෙකු සඳහාත් කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 181 දෙනෙකු සඳහාත් ලබාදී තිබෙනවා.
නිරෝධායන නීති උල්ලංඝණය කිරීම පිලිබදව ඉකුත් පැය 24 තුළ පුද්ගලයින් 1,353ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ එය නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් දිනක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස වන අතර මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 31,391 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොවිඩ් ආසාදිත තවත් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2,136ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය […]
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණෙන් අතිගරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධික්ෂණය යටතේ අංක 02 බල ගණයට අයත් යුක්රේනයේ නිෂ්පාදිත ඇන්ටනොච් 32 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානා 03 ක් අලුත් වැඩියා කටයුතු සදහා 2020 අගෝස්තු මස යුක්රේනය වෙත යවා තිබු අතර අලුත් […]
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ දිනපතාම මරු පහරවල් එල්ල කරන ආණ්ඩුව ඊයේ රාත්‍රියේ නවතම ප්‍රහාරය එල්ල කොට ඇති බවත් මුළුමහත් ජනතාවම අන්ත අසරණ වී සිටින අතර අවම මානව හැගීමක් හෝ තිබෙන පාලකයෙකුට කිසිසේත්ම කල නොහැකි ලෙස ආණ්ඩුව තෙල් මිල ඉහල දමමින් අමානුෂික මුහුණුවර සහිත වියරු ස්වභාවය යළි එළිදක්වා ඇති […]
ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2789 දෙනෙකු අලුතින් හදුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ අතරින් වැඩිම කටාන සහ කටුනායක ප්‍රදේශ වලින් වාර්තා වී තිබෙනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 505 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිඟු නිෂ්පාදකයින්, ආනයනය කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් සහ තොග වෙළඳුන් සිය තොග පිළිබඳ දත්ත දින 07 ක් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබාදිය යුතු බවට වන ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කඩිනම් ව්‍යාපෘතියක් ලෙස දිවයිනේ රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේයි. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1300ක්.
ඉන්ධන මිල ඉහල දැමීම පිලිබදව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ එය වත්මන් රජයේ අඛන්ඩ අසමත් ආර්ථික කළමනාකරණය සහ කෙටිකාලින ප්‍රතිපත්ති වල තවත් ඇගවීමක් යන්නයි. ඒ පිලිබදව නිකුත් කල නිවේදනය පහතින් ,