News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

දිනක් තුළ නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ඊයේ

Generic placeholder image

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම පිලිබදව ඉකුත් පැය 24 තුළ පුද්ගලයින් 1,353ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ එය නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් දිනක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස වන අතර මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 31,391 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Jun
13

තවත් කොවිඩ් මරණ 63ක්

Generic placeholder image

කොවිඩ් ආසාදිත තවත් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2,136ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Jun
13

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි

Generic placeholder image

මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය […]


Jun
12

අලුත්වැඩියා කරන ලද AN 32 වර්ගයේ ගුවන් යානා 03 ගුවන් හමුදා සේවයට එක් කරයි ( photo)

Generic placeholder image

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණෙන් අතිගරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධික්ෂණය යටතේ අංක 02 බල ගණයට අයත් යුක්‍රේනයේ නිෂ්පාදිත ඇන්ටනොච් 32 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානා 03 ක් අලුත් වැඩියා කටයුතු සදහා 2020 අගෝස්තු මස යුක්‍රේනය වෙත යවා තිබු අතර අලුත් […]


Jun
12

විපක්ෂනායකවරයාගෙන් නිවේදනයක්

Generic placeholder image

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ දිනපතාම මරු පහරවල් එල්ල කරන ආණ්ඩුව ඊයේ රාත්‍රියේ නවතම ප්‍රහාරය එල්ල කොට ඇති බවත් මුළුමහත් ජනතාවම අන්ත අසරණ වී සිටින අතර අවම මානව හැගීමක් හෝ තිබෙන පාලකයෙකුට කිසිසේත්ම කල නොහැකි ලෙස ආණ්ඩුව තෙල් මිල ඉහල දමමින් අමානුෂික මුහුණුවර සහිත වියරු ස්වභාවය යළි එළිදක්වා ඇති […]


Jun
12

ඊයෙත් වැඩිම ආසාදිතයින් ගම්පහින්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2789 දෙනෙකු අලුතින් හදුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ අතරින් වැඩිම කටාන සහ කටුනායක ප්‍රදේශ වලින් වාර්තා වී තිබෙනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 505 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.


Jun
12

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිඟු නිෂ්පාදකයින්, ආනයනය කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් සහ තොග වෙළඳුන් සිය තොග පිළිබඳ දත්ත දින 07 ක් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබාදිය යුතු බවට වන ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


Jun
12

දිවයිනේ රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට තීරණයක්

Generic placeholder image

කඩිනම් ව්‍යාපෘතියක් ලෙස දිවයිනේ රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේයි. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1300ක්.


Jun
12

ඉන්ධන මිල වැඩි කිරීම පිලිබදව එජාපයේ තීරණය

Generic placeholder image

ඉන්ධන මිල ඉහල දැමීම පිලිබදව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ එය වත්මන් රජයේ අඛන්ඩ අසමත් ආර්ථික කළමනාකරණය සහ කෙටිකාලින ප්‍රතිපත්ති වල තවත් ඇගවීමක් යන්නයි. ඒ පිලිබදව නිකුත් කල නිවේදනය පහතින් ,


Jun
12

ඉන්ධන මිල ඉහළ දැමේ

Generic placeholder image

ඊයේ මැදියම් රැයේ සිට ඉන්ධන මිල වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරම්න් සදහන් කර සිටියා. නව මිල පිලිබදව විස්තර පහතින් ,


Jun
12

තවත් කොවිඩ් මරණ 62ක්

Generic placeholder image

තවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,073 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (11) දිනයේ කිසිදු මරණයක් වාර්තා වී නොමැත.


Jun
12

දිවයිනේ ඇතැම් ස්ථානවලට තරමක් තද වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ […]


News Articles
Latest Videos
Most Popular Post