මන්නාරම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ඉදිකිරිම් සඳහා ගෙන විත් තිබෙන කේබල් මීටර් 340ක් සොරා ගෙන ඇති බවයි පැවසෙන්නේ. සැකකරුවන් අද මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ යටතේ යෝගට් හැදි, බීම බට ඇතුළු නිෂ්පාදන 300 ක් භාවිතයෙන් ඉවත් කෙරනු ඇති. ඊට අදාල කැබිනට් පත්‍රිකාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
දකුණු අප්‍රිකාවේ මවක් දරුවන් 10 දෙනෙකු බිහි කිරීමට සමත්ව තිබෙනවා. මේ අනුව ඇය වැඩිම දරු උපත සඳහා වන ගිනස් වාර්තාවට හිමිකම් කීමට සමත්ව තිබෙනවා. තමාලා සිතොලේ නැමති 37 හැවිරිදි ඇයට මීට පෙර නිවුන් දරුවන් දෙදෙනෙකු ද සිටිනවා.
මේ මාසයට අදාල විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අද සහ හෙට විවෘතව තැබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව තැපැල් කාර්යාල ජුනි 10,11 සහ 12 වන දින වල විවෘතව තැබීමට උපදෙස් දී තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහන් කරන්නේ එම දීමනා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට […]
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලෙවිසැල් තුළ විකිණීමට තිබිය යුතු බව නිෂ්පාදකයන් හා වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා සිටිනවා. වෙළෙන්දන් විසින් කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ මිලදී නොගන්නා ලෙස පාරිභෝගිකයින්ට බලපෑම් කිරීම වළක්වමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ ගණන – තරුණයින් කිහිප දෙනෙකුත් ඒ අතර කොවිඩ් ආසාදිත මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,910ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුළ මෙරටදී තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද මෙය වෙනවා.
බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.
අද දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 212,834ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පාසල් කාලය තුල සිංහල රචනා ලියපු නැති කෙනෙක් නැති තරම්ය. පාසල් ගිය මුල් කාලය තුලම ගුරුවරුන් ළමුන්ට රචනා ලියන්නට උගන්වති.. ඒ නිසා අපි හැමෝම බොහෝ දේ ගැන රචනා ලියා ඇත… අද මේ කතා කරන්නේත් එවැනි රචනාවක් ගැනයි..මේ රචනාව අපි ලියපු රචනාවන්ට වඩා බොහෝ වෙනස්…ඒ ගැනයි මේ..
විශේෂ ආර්ථික මධ්‍යස්ථාන තවත් දින දෙකක් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජූනි 12 සහ 13 වන දිනවල විශේෂ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරන්නේ.
පවතින සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එම අවස්ථාවටඑක්ව සිටි පුද්ගලයින් 15 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවන් 5දෙනෙකු ද වනවා.
කොවිඩ් අවදානම හේතුවෙන් වසාදැමුණු ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බන් නුවර හෙට (10) රාත්‍රියේ සිට යළි විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අනුව විවිධ සංචරණ සීමාවන්ට යටත්ව මෙල්බන් නගරය හෙට මධ්‍යම රාත්‍රි 12.00 සිට විවෘත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරින් තීරණය කර තිබෙනවා.