News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
10

විශ්‍රාම වැටුප් ගෙවීම අද සිට

Generic placeholder image

මේ මාසයට අදාල විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අද සහ හෙට විවෘතව තැබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව තැපැල් කාර්යාල ජුනි 10,11 සහ 12 වන දින වල විවෘතව තැබීමට උපදෙස් දී තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහන් කරන්නේ එම දීමනා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට […]


Jun
10

කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩරය පිලිබදව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලෙවිසැල් තුළ විකිණීමට තිබිය යුතු බව නිෂ්පාදකයන් හා වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා සිටිනවා. වෙ⁣ළෙන්දන් විසින් කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ මිලදී නොගන්නා ලෙස පාරිභෝගිකයින්ට බලපෑම් කිරීම වළක්වමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


Jun
10

කොවිඩ් ආසාදිත මරණ 67ක්

Generic placeholder image

දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ ගණන – තරුණයින් කිහිප දෙනෙකුත් ඒ අතර කොවිඩ් ආසාදිත මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,910ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුළ මෙරටදී තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද මෙය වෙනවා.


Jun
10

අදත් ප්‍රදේශ ගණනාවකට වැසි වාර කිහිපයක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.


Jun
9

අද මේ දක්වා ආසාදිතයින් 2,173ක්

Generic placeholder image

අද දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 212,834ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.


Jun
9

කාගෙ දරුවෙක්ද බං මේ

Generic placeholder image

පාසල් කාලය තුල සිංහල රචනා ලියපු නැති කෙනෙක් නැති තරම්ය. පාසල් ගිය මුල් කාලය තුලම ගුරුවරුන් ළමුන්ට රචනා ලියන්නට උගන්වති.. ඒ නිසා අපි හැමෝම බොහෝ දේ ගැන රචනා ලියා ඇත… අද මේ කතා කරන්නේත් එවැනි රචනාවක් ගැනයි..මේ රචනාව අපි ලියපු රචනාවන්ට වඩා බොහෝ වෙනස්…ඒ ගැනයි මේ..


Jun
9

තවත් දින දෙකක් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණයක්

Generic placeholder image

විශේෂ ආර්ථික මධ්‍යස්ථාන තවත් දින දෙකක් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජූනි 12 සහ 13 වන දිනවල විශේෂ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරන්නේ.


Jun
9

සංචරණ සීමා මැද පැවැත්වූ තවත් උපන්දින සාදයක් වටලයි

Generic placeholder image

පවතින සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එම අවස්ථාවටඑක්ව සිටි පුද්ගලයින් 15 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවන් 5දෙනෙකු ද වනවා.


Jun
9

මෙල්බන් නුවර හෙට සිට යළි ඇරෙයි

Generic placeholder image

කොවිඩ් අවදානම හේතුවෙන් වසාදැමුණු ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බන් නුවර හෙට (10) රාත්‍රියේ සිට යළි විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අනුව විවිධ සංචරණ සීමාවන්ට යටත්ව මෙල්බන් නගරය හෙට මධ්‍යම රාත්‍රි 12.00 සිට විවෘත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරින් තීරණය කර තිබෙනවා.


Jun
9

විනිසුරු ධුරයන් කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවෙයි

Generic placeholder image

විනිසුරු ධුරයන් කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. අධිකරණ කේෂ්ත්‍රයේ පත් කිරීම කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාව විසින් සිය අනුමැතිය ලබාදී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අර්ජුන ඔබේසේකර මහතා පත් කිරීමට ද අභියාචනාධිකරණ විනිසුරු සභාපති ලෙස කේ.පි. ප්‍රනාන්දු මහතා ද , අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සසී මහේන්ද්‍රන් මහතා ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස එල්.ටි.බි. දෙහිදෙණිය […]


Jun
9

ප්‍රංශ ජනාධිපතිට පුද්ගලයෙකුගෙන් කම්මුල් පහරක් එල්ල වෙයි

Generic placeholder image

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඉකුත් අඟහරුවාදා ඩ්‍රෝම් කලාපයේ සංචාරයක යෙදී සිටියදී ජනතාව වෙත ආචාර කරමින් සිටි අවස්ථවේදී ඒ අසල සිටි පුද්ගලයෙකුගේ පහර කෑමකට ලක්ව තිබෙනවා. ඒ අවස්ථාවේදී ප්‍රංශ ජනාධිපතිවරයාගේ ආරක්ෂක පිරිවර මැදිහත් වී ජනාධිපතිවරයාට පහර දුන් පුද්ගලයා බිමට ඇද දමා වහාම ජනාධිපතිවරයාගේ ආරක්ෂා ව තහවුරු කිරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් […]


Jun
9

ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශයන්

Generic placeholder image

ඊයේ දිනයේ දී මෙරටින් ආසාදිතයින් 2,682ක් වාර්තා වු අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 602ක්. දෙවැනියට වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ආසාදිතයින් ගණන 434ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 113ක් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post