News Line| Off Air
Generic placeholder image

Jun
8

???මාලිලා සහ ??ටාමිලා

Generic placeholder image

අප සියලු දෙනා ඩිජිටල් ලෝකයත් සමග ජිවත් වන පිරිසක්.. එමෙන්ම බොහෝ දෙනා නිරන්තරයෙන් ඒ සමග ගනුදෙනු කරන ආකාරය එකිනෙකට වෙනස්ය. ලෝකය පුරා සමාජ මාධ්‍ය භාවිත කරමින් දැනුම් සොයන්නන් අතර අප සමාජය දැනුම සොයන්නේ කෙසේද? අප සමාජ මාධ්‍ය භාවිතා කරමින් අපේ දැනුමට එකතු කරගන්නේ මොනවාද ? කියන කාරණාව දෙස බැලුවහොත් එය අපට එතරම් සතුටු විය යුතු […]


Jun
8

එංගලන්ත ක්‍රිකට් පිලට දඩයක් නියම කෙරේ

Generic placeholder image

එංගලන්ත ක්‍රිකට් පිලට දඩයක් නියම කර තිබෙනවා. ඒ නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත් වීම හේතුවෙන්.


Jun
8

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතීවරයා ලෙස මාලදිවයින් විදේශ ඇමති තේරී පත්වෙයි

Generic placeholder image

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ සභාපතිවරයා ලෙස මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් තේරී පත්වී තිබෙනවා.ඒ සදහා වන ජන්ද විමසීමේදී මාලදිවයින් විදේශ ඇමති අබ්දුල්ලා ෂාහිඩ් ජන්ද 143 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ් අනුව ඉදිරි 2021 – 2022 වසර සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා කටයුතු කරනු […]


Jun
8

අද දිස්ත්‍රික්ක 10ක ස්ථාන 53කදී එන්නත්කරණය සිදු කරයි – එම ස්ථාන මෙන්න

Generic placeholder image

අද(08) දිස්ත්‍රික්ක 10ක ස්ථාන 53කදී එන්නත්කරණය සිදු කරනු ලබනවා. එම එන්නත්කරණය සිදු කරන ස්ථාන පහතින් ,


Jun
8

වරායෙන් සහ රේගුව විසින් රාජසන්තක කරන ලද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා සහන මිලකට

Generic placeholder image

වරායෙන් සහ රේගුව විසින් රාජසන්තක කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා සහන මිලකට මහජනතාවට අලෙවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මෙලෙස ලබාගන්නා ආහාර ද්‍රවය සතොස හරහා අඩු මිලකට මහජනතාවට ලබා දීමට තීරණය කර තිබෙනවා.


Jun
8

අතිරික්ත එළවළු හා පලතුරු රජයෙන් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

ගොවීන්ට අලෙවි කර ගත නොහැකි අතිරික්ත එළවළු හා පලතුරු තොග රජය මඟින් මිලදී ගෙන බෙදා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා. එලෙස රජය විසින් මිලදී ගන්නා එළවළු හා පලතුරු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, සියලූම රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදාවන් හා අවතැන් කඳවුරු වෙත සහ ජීවනෝපාය අහිමි පවුල්වලට අවශ්‍යතාව පදිරි නොමිලේ ලබාදීමට ද කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.


Jun
8

මේ මාසයට අදාල විශ්‍රාම වැටුප අනිද්දා ලබාදෙයි

Generic placeholder image

මෙම මාසයට නියමිත විශ්‍රාම වැටුප අනිද්දා ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව විශ්‍රාම වැටුප්ලාභීන්ට ඒ සදහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා තිබෙනවා.


Jun
8

තවත් කොරෝනා මරණ 47 ක්

Generic placeholder image

තවත් කොරෝනා මරණ 47 ක් තහවුරු කර තිබෙනවා. ඒ මැයි 17 වනදා සිට ජුනි 6 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති කොරෝනා මරණ ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 1789 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (07) මෙරටින් කොරෝනා මරණ වාර්තා වී නොමැත. අදාල නිවේදනය පහතින්,


Jun
8

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Generic placeholder image

පාර්ලිමේන්තුව අද උදෑසන 10ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ උදෑසන 10 සිට පස්වරු 04.30 දක්වායි. මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අද දිනට පමණක් කිරීමට ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තිරණය කර තිබෙනවා.


Jun
8

ගත වූ පැය 24 තුල නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,028 දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

ගත වූ පැය 24 තුල නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,028 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිමපිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් . එම ගණන 158ක්. ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 25,886 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Jun
8

වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක්

Generic placeholder image

අද සහ හෙට (08 සහ 09) දිනවලදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. […]


Jun
7

අද මේ දක්වා නව ආසාදිතයින් 1,960ක්

Generic placeholder image

අද මේ දක්වා නව ආසාදිතයින් 1,960ක් අලුතින් හදුනාගෙන තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 207,293ක්.


News Articles
Latest Videos
Most Popular Post