රජයේ රෝහල්වල සායන සඳහා සහභාගී වන සිටින රෝගීන්ට බෙහෙත් වට්ටෝරු නිවසට ම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක වෙනවා. මේ අනුව රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට මාස 02ක් සඳහා අවශ්‍ය බෙහෙත් වට්ටෝරු, වෙන වෙනම පාර්සල් කර, තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවසටම ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා 072 0 […]
අධිවේගයේ කඩවත දෙසින් එන වාහනවලට කඩුවෙලින් පිටවිය නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරනවා. ඒ අධිවේගී මාර්ගයෙන් පිටත අතුරු මාර්ග ජලයෙන් යටවීම හේතුකොටගෙනයි.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පස්කඳු කඩා වැටිම් හා නායයාම් අනතුරු වලින් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන සිට ජල සැපයුම ඇනහිට තිබෙනවා. කොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය, රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.
අද දින උදෑසන වන විට මෙරටින් කොරෝනා 3297 දෙනෙකු අලුතින් හදුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 648ක්. අද දිනට කොරෝනා තත්ත්ව වාර්තාව පිලිබදව නිවේදනය පහතින් ,
තද වැසි පිලිබදව කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, […]
ඊයේ දිනයේත් නිරෝධායන රීති උල්ලංඝනය කිරීමෙන් අත් අඩංගුවට ගත් පිරිස 947 දෙනෙකු වූ අතර ඒ නිරෝධායන රීති පැනවූ කාලයේ සිට අනුව මේ දක්වා කාලය තුල අත්අඩංගුවට ගත් මුළු පිරිස 21087 ක්.
ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ මහතා තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරයි.
අද සමාජය පුරා කතා කෙරෙන මාතෘකාවක් තමයි ගිනිගැනීමට ලක් වූ X PRESS PARL නෞකාව නිසා මෙරට මුහුදු කලාපයට සිදු වූ හානිය සහ එම නෞකාවේ වත්මන් තත්වය ගැන.. එහිදී මෙරට වෙරළ තීරයට මෙම නැවෙන් සිදු වූ හානිය අති මහත්.. එය ඇස්තමේන්තු ගත කල නොහැකි තත්වයක් බව බැලු බැල්මට පෙනේ.. එමෙන්ම මේ වන විට නෞකාව තුල තෙල් […]
චීනයට දරුණු සුළි කුණාටුවක බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව මේ වන විට චීනයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ බොහොමයක ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති අතර නිවාස හා ගොඩනැගිලි රැසකටද ගමනාගමනයට ද ඒ තුලින් බලපෑම් එල්ල වී තිබෙනවා.
ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිලිබදව සොයාබැලීම සඳහා නාවික හමුදාවෙන් කිමිදුම් කණ්ඩායමක් යොදවා තිබෙනවා. ඒ අනුව එම නෞකාවේ තෙල් කාන්දුවක් සිදුවේද යන්න සොයා බැලීම සදහා මෙලෙස මෙම කිමිදුම් කණ්ඩායම යොදවා තිබෙන අතර මේ දක්වාත් කිසිදු තෙල් කාන්දුවක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් තෙල් කාන්දු තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා […]
කොළඹට ඇතුළු වන වාහන සදහා ස්ටිකර් ඇලවීම අද දිනයේත් සිදු කරනු ලබන බව පොලිසිය සදහන් කරනවා. ඊයේ දිනයේත් කොළඹ නගරයට වාහන67515ක් ඇතුළු වී තිබෙන අතර එයින් වාහන 2101 ක් ආපසු හරවා යවා තිබෙනවා.