News Line| Off Air
Generic placeholder image

Apr
30

හදුනාගෙන ඇති නව කොරෝනා ප්‍රභේදයෙන් බේරීමට මීටරය මදි වෙයි

Generic placeholder image

මේ වන විට හදුනාගෙන ඇති මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සදහා කලින් අනුගමනය කල මීටරය පරතරයට වඩා වැඩි දුරස්ථභාවයක් පවත්වා ගත යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරනවා. ඒ අනුව දෙදෙනෙකු අතර අවම දුර මිටර් 02ක් වත් විය යුතු බවයි එම සංගමය වැඩි දුරටත් අවදාරණය කරන්නේ.


Apr
30

සුවය ලබන කොරෝනා රෝගීන්ගේ රුධිරය කැටි ගැසීමේ අවදානමක්

Generic placeholder image

කොරෝනා ආසාදනය වී සුවය ලබන කොරෝනා රෝගීන්ගේ රුධිරය කැටි ගැසීමේ අවදානමක් මතුව ඇති බවට නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. එනම් සුවය ලබා සිටින පුද්ගලයින් පිරිසක් සහභාගි කරගෙන සිදු කරනු ලැබූ පරීක්ෂණයක් මගින් අනාවරණය කරගෙන ඇත්තේ ඔවුන්ගේ රුධිර වාහිනී තුල රුධිරය කැටි ගැසීමේ වැඩි හැකියාවක් පවතීන බවයි. සිංගප්පුරුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා..


Apr
30

වයස අවුරුදු 06 ට අඩු කුඩා දරුවන් අතර නව වෛරස් උණක් පැතිර යයි

Generic placeholder image

කුඩා දරුවන් අතර මේ දිනවල නව වෛරස් උණක් පැතිරයන බව ළමා රෝග විශේඥ වෛද්‍ය වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කරනවා. එම රෝගයේ ලක්ෂණ ලෙස කුඩා දරුවන්ට උණ සමග මුඛය ඇතුළු ශරීරයේ විවිධ ස්ථාන වල රතු ලප දැකිය හැකි බවයි පැවසෙන්නේ. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ කඩිනමින් එම රෝගය සදහා ප්‍රතිකාර කලයුතු බවත් එසේ නොමැති […]


Apr
30

ඊශ්‍රායලයේ ආගමික උත්සවයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 38 දෙනෙක් ජිවිතක්ෂයට

Generic placeholder image

ඊශ්‍රායලයේ ආගමික උත්සවයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 38 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා . සෞඛ්‍ය මාර්ග උපදේශ නොසලකා හරිමින් ලක්ෂයකට අධික පිරිසක් මෙම ආගමික උත්සවයට සහභාගී වී ඇති අතර එහිදී ඇති වූ තෙරපිමකින් හුස්ම ගැනීමට නොහැකිව මෙසේ පුද්ගලයින් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


Apr
30

2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Generic placeholder image

2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා. එම ප්‍රතිඵල www.doenets.lk නිල වෙබ් අඩවිය වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Apr
30

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ මෙරටින් හමු වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වූ අතර එම ගණන සටහන් වුයේ 1531ක් ලෙසයි.එම ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක 24කින් ම වාර්තා වූනා. එයින් වැඩිම ආසාදිතයින් ගණනක් හමු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 533 ක්. මේ අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 145 දෙනා බැගින් ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 107ක් […]


Apr
30

ගත වූ පැය 24 ක කාලය තුල ඉන්දියාවෙන් වාර්තාගත කොරෝනා ආසාදිතයින් හා මරණ ගණනක්

Generic placeholder image

ගත වූ පැය 24 ක කාලය තුල ඉන්දියාවෙන් වාර්තාගත කොරෝනා ආසාදිතයින් හා මරණ ගණනක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ පමණක් එරටින් කොරෝනා මරණ 3501ක් සහ නව ආසාදිතයින් 386,809ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරට සමස්ත මරණ ගණන 208,313 ක් සහ ආසාදිතයින් ගණන 18,754, 984 ක් වන අතර මේ වන විට එරට අගමැති නරේන්ද්‍ර […]


Apr
30

කොරෝනා වාර්තා අලුත් කරමින් අඛන්ඩව මෙරටින් තෙවන දිනටත් දහස ඉක්ම වූ කොරෝනා ආසාදිතයින්

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයින් 1531 දෙනෙකු වාර්තා වුණා. අඛන්ඩව මෙරටින් තෙවන දිනටත් දහස ඉක්මවමින් වූ කොරෝනා ආසාදිතයින් මේ දක්වා දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වේ. තවදුරටත් ආසාදිතයින් 10 ,372 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන එක්ලක්ෂ 6484ක්. ඊයේ දිනය තුල මෙරටින් කොවිඩ් මරණ 06 ක් අද […]


Apr
30

විශ්වවිද්‍යාල සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට කමිටුවක් පත් කෙරේ

Generic placeholder image

විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සදහා අවශ්‍ය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ඒ කමිටුව සදහා සෑම විශ්වවිද්‍යාලයකින්ම නියෝජිතයෙකු පත් කර ඇති බවත් නියෝජිතයින් 16 කින් සමන්විත මෙම කමිටුවට කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.


Apr
30

චීන ආරක්ෂක ඇමතිගේ රථපෙළකොළඹට පැමිණෙන විට පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අල්ලයි

Generic placeholder image

ඉකුත් දා මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථපෙළ කොළඹට පැමිණෙන අවස්ථාවේ පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා නීතිවිරෝධී රැස්වීමක් සංවිධාන කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත ඔහුව බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Apr
30

තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමත් උඩුබද්දාව, ගල්අමුණ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ හෙලමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් ද මේ මොහොතේ සිට හුදකලා කළ ප්‍රදේශ ලෙස නම් කල බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.


Apr
30

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]


News Articles
Latest Videos
Most Popular Post