ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. කොවිඩ් -19 මර්දනය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතර ඒ අතරතුර ජනාධිපතිවරයා මෙසේ සභා ගර්භය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (A/L Exam) ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා online ඔස්සේ අයදුම් කිරීමට පහසුකම් සලසන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඉදිරියේදී ඒ පිලිබදව දැනුම් දීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කලේ. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා.
ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 542 ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 531 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115,590 ක් ලෙස වාර්තා වුණා. ආසාදිතයින් වාර්තා […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර පළාතෙත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැක. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌවසහ දකුණු පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කත් වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කල බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. කොළඹ දිස්ත්‍රික්කය මහරගම පොලිස් බලප්‍රදේශයට අයත් පමුණුව ග්‍රාම නිලධාරී වසම පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අයත් හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම දැල්තර ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කය කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයට අයත් කුට්ටිවිල රත්නපුර දිස්ත්‍රික්කය ඇඹිලිපිටිය පොලිස් […]
දිවයිනේ පළාත් කිහිපයක ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවත් සිදුවන අකුණු අනතුරු […]
අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව බව විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් ප්‍රතිපල ලබාගත හැකියි
2021 අයි පී එල් තරඟාවලිය කල් දැමීමට තීරණය කර තිබෙනවා.අයි පී එල් සභාපති බ්‍රිජෙස් පාටෙල් මේ පිළිබදව අදහස් දක්වමින් වැඩි දුරටත් සදහන් කර ඇත්තේ කණ්ඩායම් කිහිපයකින් ආසාදිතයින් වාර්තාවීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 2023 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය , අගෝස්තු මාසයේදීත් , උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩි දුරටත් සදහන් කළා.
ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1923 දෙනෙකු හදුනාගත් අතර හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 529 කි. ආසාදිතයින් හමු වූ ප්‍රදේශයන් මෙන්න…
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 32 ක් වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කරනවා. ඒ හේතුවෙන් පවතින තත්ත්වය හමුවේ තැපැල් කටයුතුවල සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ
කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සදහාරජයේ රසායනාගාර වල සිදුකෙරෙන දෛනික PCR ගණන ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.එබැවින් නව පර්යේෂණ කට්ටල මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත්කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා.