News Line| Off Air
Generic placeholder image

May
4

බිල් ගේට්ස් සහ මෙලින්ඩා 27 වසරක විවාහ දිවියට සමු දීමට තීරණය කරයි

Generic placeholder image

බිල් ගේට්ස් – මෙලින්ඩා ගේට්ස් සිය අවුරුදු 27ක විවාහ දිවියට සමුදීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් සිය ට්විටර් ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ, තවදුරටත් එක්ව ජීවත් විය හැකි බවට තමන් විශ්වාස නොකරන බවයි. 1994 වසරේ හවායි දූපතේ ලනායිහිදී ඔවුන්ගේ විවාහය සිදු වූ අතර දරුවන් තිදෙනෙකු එම දෙපලට සිටි. 1970 දශකයේදී ආරම්භ කරන ලද ලොව විශාලතම […]


May
4

අවුරුදු කොවිඩ් පොකුර වාර්තාගත ලෙස ඉහළට – ඊයේ පමණක් ආසාදිතයින් 1, 923ක්

Generic placeholder image

ඊයේ දිනයේ පමණක් මෙරටින් නව ආසාදිතයින් 1,923 ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව ගතවු සතිය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 11,000ක් සහ කොවිඩ් ආශ්‍රිත මරණ 54ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 113,676ක් දක්වා ඉහළගොස් තිබෙනවා. 14,771 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය වැඩි දුරටත් සදහන් කළා.


May
4

උසස් පෙළ ප්‍රතිඵල අද

Generic placeholder image

අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකිය.


May
4

තවත් ප්‍රදේශ කිහිපයක් LOCKDOWN

Generic placeholder image

කොරෝනා වෛරසය පාලනය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණයක කර තිබෙනවා. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේවිල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය. කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්ඹුවල ග්‍රාම නිලධාරි කොට්ඨාසය. ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත […]


May
3

දිවයිනේ සියලු සත්වෝද්‍යාන වැසේ

Generic placeholder image

කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් දිවයිනේ උද්ගතව ඇති කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් සියලු සත්ත්ව උද්‍යාන නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබෙනවා.


May
3

තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව ද වාර්තා වෙනවා. තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 6ක් , එක්දින ජාත්‍යන්තර තරඟ 166කට සහ 20/20 තරඟ 84ක් ක්‍රීඩා කර තිබෙනවා.


May
3

දිලුම් අමුණුගමට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්

Generic placeholder image

දිලුම් අමුණුගම අද පෙරවරුවේ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලබයි.


May
3

‍කොවිඩ් ආසාදිතව නිවෙස්වල සිටින ජනතාවට විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

කොවිඩ් ආසාදිත වී සිටින ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් නිවෙස්වල රැදී සිටින ජනතාවට 1906 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ බව අදාළ අංශ වෙත දැනුම් දිය හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


May
3

ඊයේ මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

මේ දක්වා මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම ගණන 1891 ක්. දිවයිනේ දිස්ත්‍රික්ක 24කින් ම ඊයේ ආසාදිතයින් වාර්තා වූ අතර එයින් වැඩිම පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 387 කි. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 330 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 297 දෙනෙකු වාර්තා වී තිබෙනවා.


May
3

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 09ක් – සමස්තය 696ක් දක්වා ඉහළ යයි

Generic placeholder image

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 09ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 696ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
3

ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් තාවකාලිකව වසා දමයි

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් සහ උප තැපැල් කාර්යාල 22 ක් ද තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කොම්පඤ්ඤ වීදිය, පානදුර කෙසෙල්වත්ත, හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල මෙසේ වසා දමා තිබෙනවා.


May
3

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන වාර්තාගත ලෙස ඉහළට

Generic placeholder image

අලුත් අවුරුදු පොකුරේ නව කොරෝනා ආසාදිතයින් 1,891 දෙනෙකු අලුතින් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.එය මෙරට දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ද වන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 111,753 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post