News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

චීන ආරක්ෂක ඇමතිගේ රථපෙළකොළඹට පැමිණෙන විට පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අල්ලයි

Generic placeholder image

ඉකුත් දා මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථපෙළ කොළඹට පැමිණෙන අවස්ථාවේ පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා නීතිවිරෝධී රැස්වීමක් සංවිධාන කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත ඔහුව බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Apr
30

තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමත් උඩුබද්දාව, ගල්අමුණ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ හෙලමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් ද මේ මොහොතේ සිට හුදකලා කළ ප්‍රදේශ ලෙස නම් කල බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.


Apr
30

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]


Apr
29

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ

Generic placeholder image

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලබනවා. අදාල නිවේදනය පහතින් ,


Apr
29

ආරක්ෂිතව වහාම ඉන්දියාවෙන් පිටවන්නැයි ඇමෙරිකානුවන්ට විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

මේ වන විට ඉන්දියාවේ පවතින කොරෝනා වසංගත තත්වයේ දැඩි අවදානම හේතුවෙන් සිව් වැනි අදියරේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක්” නිකුත් කිරීමට අමෙරිකාව විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ සිටින සියලුම ඇමෙරිකානුවන්ට වහාම ආරක්ෂිතව පිටවන්නැයි ඇමෙරිකානු රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා. ඉන්දියාවෙන් පිටවීම සදහා මේ වනවිට ක්‍රියාත්මක ඉන්දීය – අමෙරිකා ඝෘජු ගුවන්ගමන් පහසුකම් යොදාගන්නා බවද […]


Apr
29

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සේවාවන් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන WWW.doenets.lk වෙත පිවිස ලබාගත හැකි බවය. තොරතුරු විමසීම සඳහා දුරකථන අංක 0112 788 137 හෝ 0112 784 323 භාවිත කළ හැකිය. මාර්ගගත ක්‍රමය ඔස්සේ සහතික […]


Apr
29

කොවිඩ් අස්සේ ඉන්දියාවේ මැතිවරණයක්

Generic placeholder image

කොවිඩ් වෛරසය මේ වනවිට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ඛේදවාචකයක් ඇතිකර තිබෙන අතරතුර බටහිර බෙංගාල බලධාරීන් මැතිවරණය පැවැත්වීමට ක්‍රියාකර තිබෙනවා. එම ප්‍රදේශයේ ඡන්දදායකයින් විශාල වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පවසන අතර මේ හේතුව නිසා බටහිර බෙංගාලය කොවිඩ් වෛරසයේ අවදානමක සිටින බව වෛද්‍යවරු අනතුරු අඟවයි.


Apr
29

ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන අද පස්වරුවේත් ඇතැම් ප්‍රදේශ හුදකලා විය හැකියි – යුද හමුදාපති

Generic placeholder image

අද දිනයේ වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය හා සෞඛ්‍ය අංශ වලින් ලැබෙන වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත් පමණක් පස්වරුවේ තවත් ප්‍රදේශ හුදෙකලා කිරීමට සිදුවෙනු ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Apr
29

රියදුරාට ඇති වූ හදිසි අසනීපයක් හේතුවෙන් ධාවනය වෙමින් තිබු බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Generic placeholder image

නුවරඑළිය, හයිපොරස්ට් ප්‍රදේශයේ රාගල ප්‍රධාන මාර්ගයේ, මහතුඩුගල ආසන්නදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 15 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. අද දහවල් 11.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර බස් රථය ධාවනය කළ රියදුරාට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ධාවනය වෙමින් තිබු බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහි ප්‍රපාතයකට පෙරළි ඇති බවයි වැඩි දුරටත් වාර්තා […]


Apr
29

හෙට බැංකු වරුවෙන් වැසේ

Generic placeholder image

හෙට දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක් ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දින, සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන්.


Apr
29

දෙදින නිල සංචාරය නිම කරමින් චීන ආරක්ෂක අමාත්‍යවරයා දිවයිනෙන් පිටව යයි

Generic placeholder image

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් අද (29) උදෑසන දිවයිනෙන් පිටව ගියා. ඒ චීන ගුවන් හමුදාවට අයත් බී- 4026 දරන විශේෂ ගුවන් යානයෙන්.


Apr
29

ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කල අයෙක් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කල අයෙක්පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුද්ධි අංශවලින් ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනවල දී එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර අත් අඩංගුවට ගත් තරුණයා ගම්පොල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post