හිගුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරී වසම සහ මාතලේ උකුවෙල පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරී මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිවු, වවුනියා, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි […]
ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුලගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් අද රාත්‍රී 8.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.
කොරෝනා වෛරසයේ ව්‍යප්තිය සැලකිල්ලට ගනිමින් බස්නාහිර හා වයඹ පළාත් වල සියලුම පාසල් පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍ය ජිඑල් පිරිස් මහතා සදහන් කරනවා.
අද දිනයේ මේ දක්වාකාලය තුළ නව කොරෝනා ආසාදිතයින් 892ක් අලුතින් හදුනා ගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරටින් මේ වන විට හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 102,271ක්.
ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.
රට තුල පවතින තත්වය හමුවේ ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුවඅද (26) රාත්‍රී 08.00 සිට ගම්පහ දිස්ත්‍රික්කයේ, කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරලුගෙදර, කළුඅග්ගල යන ග්‍රාම සේවා වසම් මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම සේවා වසම කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත, […]
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය මේ මස 27 හා 28 දෙදින තුළ වසා දැමීමට තීරණය කර තිබෙනවා. එහි සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බව හදුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය එලෙස තාවකාලිකව වසාදමා දැමුණු ඇති.
හෙට සිට තම කාර්යාලවලට පැමිණිය යුතු රාජ්‍ය සේවකයින් ගණන තීරණය කිරීමේ බලය අදාල ආයතන ප්‍රධානීන්ට පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කරනවා. ඊට අදාළ චක්‍රලේඛය ද හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඉදිරි සති දෙක තුළ රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු උත්සව තහනම් කිරීමට තීරණය කළද , කලින් සැලසුම් කළ මංගල උත්සව පැවැත්වීම සඳහා පමණක් අවස්ථාව ලබා දෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේයි. මේ පිලිබදව අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ මංගල උත්සව කලින් සූදානම් කර ඇති නිසා […]
සිදුකරන ලද වැටලීම්වලින් ගිනිඅවි සමග පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අවිස්සාවේල්ල සහ කුරුවිට යන ප්‍රදේශවල දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.
ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි කොවිඩ් ප්‍රතිකාර රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් හටගත් ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 120 දෙනෙකුගෙන් 90 දෙනෙකු බේරාගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත්ව තිබෙනවා.