ඉන්දියාවේ නගර රැසකට යළිත් රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට සූදානම් වී තිබෙනවා. ඒ එම නගර වලින් කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් හමුවීමත් සමගයි. ඒ අනුව , කර්ණාටක ප්‍රාන්තයේ නගර 6 ක් හා බෙන්ගලූරු නගරයට හෙට සිට රාත්‍රී ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 5.00 දක්වා පැනවීමට නියමිතට තිබෙනවා. එම රාත්‍රී ඇඳිරි නීතිය අප්‍රේල් 20 වැනි දා දක්වා […]
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී සරත් කුමාර නොහොත් “චීටි“ නැමති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු මුල්ලේරියාවේ සිය නිවසේ භූගත බංකරයක් තුළ සැඟවී සිට ඇති අතර වැඩි දුර විමර්ශන සදහා අදාල සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා. ඉන්දියාවේ දී මියගිය “අංගොඩ ලොක්කා “ නැමති අපරාධකරු මුලින්ම […]
යුද සමයේ දී එල්.ටී.ටී.ඊ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පුද්ගලයින් භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයින් 05ක් යාපනය නගරය ආසන්න ප්‍රදේශයක රාජකාරී කටයුතු සඳහා යොදාගැනීම තුළින් එම සංවිධානය ප්‍රවර්ධනයට අනුබලදීම හේතුවෙන් යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන […]
උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් වු විශේෂ බස්රථ සේවාව අද සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරනවා. මේ අනුව එම කාලය තුළ අමතර බස් රථ 400ක් පමණ යෙදවීමට පියවර ගෙන ඇති අතර අද සිට අප්‍රේල් මස 15 දක්වා එම බස් රථ ධාවනය කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
ජනපතිගේ සහ අගමැතිගේ උපදෙසින් පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් වූ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි ජනතා අයිතියට. විපක්ෂය කුමන අභූත චෝදනා නැගුවත් ධනාත්මක සිතිවිලි සමග රටේ සංවර්ධනය ඉදිරියට යන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සදහන් කළේය. වාණිජ මධ්‍යස්ථානයක්, ඓතිහාසික නගරයක් සහ වාණිජ නගරයක් යන කරුණු තුන යටතේ, කොළඹ පිටකොටුව ආශ්රිත ප්‍රදේශ සංවර්ධනය කිරීමේ […]
සමාජයේ අපි හැමෝම ප්‍රශ්න ගැන කතා කරන්නේ ඒ ගැන වද වෙන්නේ අප හට යම් ගැටළුවක් පැන නැගුණොත් පමණයි. එවන් ආත්මාර්ථකාමී සමාජයක තමයි අද අප ජිවත් වන්නේ, ඒ ගැන වැටහෙන කතාවක් තමයි මේ…
ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි ව කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සමග චුලා පද්මේන්ද්‍ර වද අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරනවා.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද ඉතිහාසයේ අඩුම අගය වාර්තා කළා.. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 203.50 ක් ලෙසයි..
පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි ව කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. අද උදෑසන කොටුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුරදී උන්වහන්සේ කොටුව පොලිස් ස්ථානයේ ජීප් රථයට පහරදී අලාභයක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.
රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය පිලිබදව ඇති වූ විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකළ ප්‍රකාශයක් නිසා පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ මේ හේතුවෙන්සභාවද මිනිත්තු 05 කට කල් තැබීමට කතානායකවරයා ක්‍රියා කළා. අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර වාග් ප්‍රහාර මාලාවක් සිදු වූ අතර […]
ජාති ආගම් භේදයකින් වයස් භේදයකින් තොරව ලෝකයම ඇළුම් කල ඔෂින් කතා මාලාවේ රචිකාවිය වන සුගාකෝ හෂිදා ඉකුත් දා ඇයගේ නිවසේ දී මියගොස් තිබෙනවා. මිය යන විට ඇය 95 වියේ පසුවූවා. මෙම කතා මාලාවේ කොටස් 500 ක ප්‍රමාණයක් ඇය අතින් රචිත වුවා.