යාපනය වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ පාවෙමින් ආ බෝතලයක තිබු දියරයක් මත්පැන් යැයි සිතා පානය කල පුද්ගලයින් 08 දෙනෙකුගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් එම මත්පැන් පානය කල අනෙකුත් දෙනාට රෝගී තත්වයක් පෙන්නුම් නොකරන ලද අතර මෙම පුද්ගලයා මිය ගොස් ඇත්තේ මොහුට ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් වන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ. මෙලෙස […]
ගත වූ පැය 24 තුල පමණක් රිය අනතුරු වලින් පුද්ගලයින් 13දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය සදහන් කරනවා.
ඉරාකයේ දෙවන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සඳහා තවත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාගයක් ලෙස ලබාදීමට චීනය පියවර ගෙන තිබෙනවා. මේ අනුව මෙම සිනෝෆාම් එන්නත් මාත්‍රා තොගය ඉරාක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී නිල වශයෙන් භාර ගෙන ඇති බව වාර්තා වෙනවා. මේ අනුව යුදමය පසුබිමක් තිබෙන ඉරාකයට කොවිඩ් මර්දන එන්නත් පරිත්‍යාග කළ ලොව පළමු […]
බස්නාහිර පළාතේ සිදු කල විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 900කට අධික පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඊයේ (11) උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ සිදු කල විශේෂ මෙහෙයුමකින් මෙම පිරිස අත් අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කරන්නේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම සිදු […]
තම බිරිදව වෙනත් පුද්ගලයෙකුට මිතුරු කර දීමට වශී ගුරුකමක් කලැයි පුද්ගලයෙක් විසින් 43 හැවිරිදි කට්ටඩියෙකුව ඝාතනය කර තිබෙනවා. අදාල වශී ගුරුකම සිදු කල කට්ටඩියා සන්නස්ගම පාළුගම්පොළ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර එම ඝාතනය වී ඇත්තේ කට්ටඩියා පදිංචි නිවසේ දීය. ඝාතනය කල සැකකරු මේ වන විට පැල්මඩුල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිලිබදව […]
අද රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර සිටිනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ “10,11 සෙනසුරාදා නිවාඩුවක් තිබුණේ ඒ වාගේම 13, 14 අවුරුද්දට නිවාඩු තියෙන නිසා සඳුදා විතරයි මැද දවසක් වශයෙන් රජයේ කාර්යාල වැඩකරන දිනයක් විදිහට […]
අලුත් අවුරුදු උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 30 කට ආසන්න දුම්රිය ගමන් වාර සංඛ්‍යාවක් මෙලෙස අවලංගු වෙනු ඇති. එසේ වුවද උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවා එලෙසම ක්‍රියාත්මක වන බවද එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.
කඩවත සිට මාතර දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලැබූ මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසකගේ නොසැලකිලිමත් හැසිරීමක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතිනවා. මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසක් එම වාහනයේ දොර කවුළු මත හිඳගෙන එලෙස අනාරක්ෂිත ලෙස ගමන්කරන අයුරු එම විඩියෝවේ දැක්වෙනවා. තර්‍රුණයන් පිරිසක් ගමන් කල මෙම රථයේ මුල් […]
ජා ඇල, නිවන්දම ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 13ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ දිනයේ සිදු කල වැටලීමකදී මෙලෙස මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග […]
ඉන්දියාව තුල තුල තවදුරටත් කොරෝනා වෛරයේ ව්‍යාප්තිය හේතු කොටගෙන එරටින් හමුවන ආසාදිතයින් ගණන වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුල නව ආසාදිතයින් 145,384 දෙනෙකු හදුනාගෙන තිබෙන අතර වාර්තා වී ඇති මරණ ගණන 794 ක් ද සිදුව තිබෙනවා.
මෝටර් රථයක් තුළ රියැදුරු අසුනේ මියගොස් සිටින පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද උදෑසන හමුවී ඇති බව වාද්දූව පොලීසිය සදහන් කරනවා. අදාල පුද්ගලයා ඊයේ රාත්‍රියේ නිවසට පැමිණෙමින් සිට ඇති බවයි පවුලේ පිරිස දැනුම් දෙන්නේ. කෙසේ වෙතත් මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය පිලිබදව පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.