News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
18

රුසියානු විපක්ෂ නායකයා සති තුනක් තිස්සේ ආහාර වර්ජනය නිරත වෙයි

Generic placeholder image

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි සති තුනක් තිස්සේ ආහාර වර්ජනය නිරත වන බව වාර්තා වෙනවා . වෛද්‍යවරුන් සදහන් කරන්නේ ඔහු ඕනෑම මොහොතක මියයෑමේ අවදානමක් පවතින බවයි. මේ වන විට සිරගත කර සිටින විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි 44 වියේ පසුවෙනවා.


Apr
18

පුතාගේ පහරදීමෙන් පියා ජිවිතක්ෂයට

Generic placeholder image

ඉකුත් 11 වෙනිදා කිලිනොච්චි කනගපුරම් ප්‍රදේශයේ දී 20 හැවිරිදි පුත්‍රයෙකු විසින් පහර දී 53 හැවිරිදි සිය පියාව ඝාතනය කර තිබෙන බව වාර්තා වෙනවා. පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් මෙම පහර දීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.


Apr
18

මෙරට කොවිඩ් මරණ 617ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොවිඩ් මරණ 617ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වීමත් සමගයි.


Apr
18

දෙවැනි පාසල් වාරය හෙට ඇරඹෙයි

Generic placeholder image

හෙට දිනයේ රජයේ සහ පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණි දෙවන වාරය සඳහා විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.


Apr
18

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් 234,000 පනියි

Generic placeholder image

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ගතවු පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 234,692 ක් වාර්තා වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. වාර්තා වී ඇති මරණ ගණන 1,341 ක්. මේ හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම මේ වනවිට සංචරණ කටයුතු සිමා කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Apr
18

අණ නොතකා ධාවනය කළ කැබ් රථයක් හමුදා සාමාජිකයන් දෙදෙනකු අනතුරට ලක් කරමින් පළා යයි

Generic placeholder image

වවුනියාව, ඕමන්තේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයක ගැටී යුද හමුදා සාමාජිකයින් දෙදෙනකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා. බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ කැබ් රථයක් මෙලෙස ඕමන්ත මහා විද්‍යාලය අසල මාර්ග බාධකයේදී නැවැත්වීමට සංඥා කිරීමේදී රාජකාරියේ නිරතව සිටි හමුදා සාමාජිකයින් දෙදෙනකු අනතුරට ලක්කරමින් පළා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අදාල කැබ් රථය මේ […]


Apr
18

දින 05ක් තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 52ක් මිය යයි

Generic placeholder image

ගත වු දින 05ක කාලය තුල මෙරට රිය අනතුරු 399ක් සිදුව ඇති අතර එම අනතුරු වලින් පුද්ගලයන් 52 ක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය සදහන් කරනවා..


Apr
18

මාස 07ක් තිස්සේ වැසුණු බස්නාහිර දහම් පාසල් අද යළි ඇරෙයි

Generic placeholder image

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මාස 07ක් තිස්සේ වැසුණු බස්නාහිර දහම් පාසල් අද යළි ආරම්භ කෙරෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලු දහම් පාසල් අද විවෘත කෙරෙන අතර සියලු ගුරුවරුන් සහ දහම් පාසල් දරුවන් මුහුණු ආවරණ පැළද සිටීම අනිවාර්ය වනවා.


Apr
18

බීමත් රියදුරන් සොයා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් අද

Generic placeholder image

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද දහවල් 12 සිට හෙට පෙරවරු 06 දක්වා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. මේ අනුව අධිවේගී මාර්ග ඇතුළු සියලු මාර්ග ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ


Apr
18

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. මධ්‍යමසහ […]


Apr
12

යාපනය ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

Generic placeholder image

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් වටලා තිබෙනවා. මේ අනුව නීති විරෝධිව ලේබල් යොදා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබු මිලිලීටර් 750 මත්පැන් ‌බෝතල් 42ක්, මිලිලීටර් 180 මත්පැන් ‌බෝතල් 262ක් හා මත්පැන් ලීටර් 3000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Apr
12

යුද හමුදාපති යාපනයේ සංචාරයක

Generic placeholder image

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතව වන බව වාර්තා වෙනවා. යාපනය ප්‍රදේශයේ මේ වන විට පවතින කොරෝනා තත්වය පිලිබදව සොයා බැලීම සදහා මෙලෙස සංචාරයක නිරත වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post