News Line| Off Air
Generic placeholder image

Feb
23

ඊයේ දිනයේත් කොවිඩ් මරණ 5ක් – සමස්ත කොරෝනා මරණ ගණන 450 දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 450 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනයේ හමු වූ නව ආසාදිතයින් 518 ත් සමගින් මේරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 80,000 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 80, 571 ක් ලෙසයි.


Feb
23

ව්‍යාජ වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් මහනුවර පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල කාන්තාව මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කළ ලියාපදිංචි අංකය භාවිත කරමින්වෛද්‍යවරියක් ලෙස පෙනි සිට ඇති අතර ඇය පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම කාන්තාව මීගමුව, මිනුවන්ගොඩ සහ නැදගමුව යන ප්‍රදේශ […]


Feb
23

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව නවතී

Generic placeholder image

ඊයේ මැදියම් රැයේ සිට පැවැත්වීමට නියමිතව තිබු දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කල බව දුම්රිය එන්ජිම් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සදහන් කරනවා. ඒ අද දිනයේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමග සාකච්ජාවක් ලබා දීම හේතුවෙන්. කෙසේ වෙතත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ අද පැවැත්වෙන මෙම සාකච්ජාවෙන් ස්ථිර විසදුමක් නොලැබුනොත් වර්ජනයට […]


Feb
23

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල […]


Feb
22

මාතර බන්ධනාගාරයේ 27 දෙනෙකුට කොරෝනා

Generic placeholder image

මාතර බන්ධනාගාරයේ 27 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඒ එම බන්ධනාගාරයේ රැදවියන් ඇතුළු 53 දෙනෙකුට සිදු කරන ලද PCR පරීක්ෂණ ප්‍රතිපල මතයි. මේ අනුව එම පිරිස ප්‍රතිකාර සදහා රෝහල් වෙත යොමු කර තිබෙන බවයි පැවසෙන්නේ.


Feb
22

කොවිඩ් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා GMOA පියවර 03ක් හදුන්වා දෙයි

Generic placeholder image

ලොව පුරා විකෘතියට ලක්වූ කොවිඩ් නව වෛරස් ප්‍රභේද හමුවීමත් සමග ශ්‍රී ලංකාවේද මේ මොහොතේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග නිවැරදිව හා කාර්යක්ෂම ලෙස අනුගමනය කළයුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එම නිවේදනය පහතින්,


Feb
22

කිසිදු දේශපාලඥයෙක් තමන් හමුවට නොපැමිණෙන ලෙසට කාදිනල් හිමියන් දැනුම් දෙයි

Generic placeholder image

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දේශපාලනඥයන්ව හමුවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා වෙත ලබාදෙන තෙක් උන්වහන්සේ දේශපාලනඥයන් හමුනොවන බවයි වාර්තා වන්නේ.


Feb
22

මගීන් 241 ක් සමගින් උඩු ගුවනේදී ගුවන් යානයක එන්ජිමක් ගිනි ගනී

Generic placeholder image

මගීන් 241 ක් රැගෙන ගිය ගුවන් යානයක එන්ජිමක් හදිස්සියේ දී ඉහල ගුවනේදී ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. එහිදී අදාල ගුවන් යානයේ එන්ජිම ගිනිගෙන ක්‍රියා විරහිත වී ඇති අතර කෙසේ වෙතත් ගුවන් නියමුවා විසින් යානය නිරුපද්‍රිතව ගොඩ බැස්සවීමට සමත්ව තිබෙනවා. මේ හේතුවෙන් united airline සමගම එම වර්ගයේ ගුවන් යානා පියාසර කරවීම තාවකාලිකව නවතා ඇති අතර එම ගුවන් […]


Feb
22

අද මැදියම් රැයේ සිට දුම්රිය රියදුරන් සංකේත වැඩවර්ජනයක ( update )

Generic placeholder image

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය රියදුරු වෘත්තිය සමිති සදහන් කරනවා. ඒ උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ අක්‍රමිතාවයකට විරෝධය පල කිරීම සදහායි.


Feb
22

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ලහිරු කුමාර හට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර අද ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා පිටත්වීමට නියමිතව තිබුණා.


Feb
22

සැමියා සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් කාන්තාවක් සිය තුන් හැවිරිදි දරුවා සමග ළිදට පැන සිය දිවි නසාගනී

Generic placeholder image

බිබිල ප්‍රදේශයේ කාන්තාවක් සිය සැමියා සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් සිය තුන් හැවිරිදි දරුවා සමග අසල ඉඩමක තිබු ළිදකට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා. හමුදා රාජකාරියේ නිරත සිය සැමියා සමග මෙලෙස එම කාන්තාව විසින් එදින රාත්‍රියේ දුරකථන සංවාදයක නිරතව සිට තිබෙන අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් මෙලෙස දුරදිග ගොස් තිබෙන බවයි […]


Feb
22

හබරණ වැව් ඉස්මත්තේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලයි

Generic placeholder image

හබරණ ප්‍රදේශයේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ මත්පැන් සාදයක් වටලා කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය සදහන් කරනවා. හබරණ වැව් ඉස්මත්තේ හෝටලයක මෙම සාදය පවත්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post