මහා වංශය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ තබා ඇති මහා වංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නම් කෙරෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
උසස් වීම නොමැති වීම නිසා පොලිසියේ පොලිස් රියදුරන් හා සැරයන්වරුන් 235 දෙනකු අධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, පොලිස් කොමිසම හා එහි සභපති, ඇතුළු සාමාජිකයින් 11 දෙනකු නම් කර තිබෙනවා.
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව ජනපතිවරයා සහ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට ද නියමිත අතර පකිස්ථාන ආග්‍රාමාත්‍යවරයා කොළඹදී පැවැත්වෙන වෙළෙඳ හා අයෝජන සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.
ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 492 දෙදෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 81,000 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනය තුල ආසාදිතයින් 732 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 75,842 ක් ලෙසයි. මේ අතර ඊයේ දිනය තුල කොරෝනා මරණ තුනක් වාර්තා වී ඇති අතර […]
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතෙත්කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසිද ඇති විය හැක. මධ්‍යම, සබරගමුව,ඌවසහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත […]
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පිටත්ව යෑමට පැය කිහිපයක් තිබියදී පුහුණුකාරධුරයෙන් චමින්ද වාස් මහතා ඉල්ලා අස්වීම පිලිබදව තමන් පෞද්ගලිකවම කණගාටුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කරනවා. ක්‍රීඩකයින්ගේ මෙන්ම පාලක මණ්ඩලයේ, පරිපාලනයේ මෙන්ම පුහුණුකරුවන් ද විනය පිලිබදව සැලකිලිමත් විය යුතු බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.
පාස්කු ඉරුදින ප්‍රහාර මලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව මේ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් එන්නත ලබා ගත් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.
ටවුන් හෝල් ප්‍රදේශයේ විරෝධතාවයක් හේතුවෙන් රථවාහන තදබදයක් ඇති ව තිබෙන බව වාර්තා වෙනවා.
වයස අවුරදු 14 පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කල බව කියන 50 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මාර්තු මස තුන්වෙනි දින දක්වායි. සිය දරුවාට ලිංගික අපයෝජනය කර ඇති බවට දරුවාගේ දෙමව්පියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙලෙස ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ. අපයෝජනයට ලක්ව ඇති දරුවා වෛද්‍ය පරීක්ෂනයක් ලබා […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගොස් තිබෙනවා. .කටාර් රාජ්‍යයේ දෝහා වෙතගොස් ඉන් පසු වෙනත් ගුවන් යානයකින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත ළඟාවීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එම තරග සංචාරයේ තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා […]
ශ්‍රී ලංකා පොලිසිය සඳහා ඔවුන්ගේ රාජකාරි කටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය වාහන නොමැති වීම නිසා මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ත්‍රිරෝද රථ 2000ක් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.