මේ වන විට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 28 දක්වා ඉහල ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන 80 ක ඇදන් 11,766ක් ඇති බව ද මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරන්නේ. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් […]
කුඩා ළමුන්ට සිදු වන අපචාර වල වර්ධනයක් පෙන්නුම් කරන බව පොලීසිය සදහන් කරනවා. වයස අවුරදු 16 ට අඩු ගැහැණු ළමුන්ට සිදු වන අපචාර සම්බන්ධව වැඩි වශයෙන් තොරතුරු වාර්තා වන බවයි පොලිසිය සදහන් කරන්නේ. මේ හේතුවෙන් දෙමව්පියන් මෙන්ම වැඩිහිටියන් ද සිය දරුවන් පිලිබදව විමසිල්ලෙන් පසුවන ලෙසට පොලිසිය ඉල්ලීමක් සිදු කරනු ලබනවා.
ඉකුත් දා සීදුව ප්‍රදේශයේදී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වූ අතර මේ වන විට එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර 22 හැවිරිදි තරුණියක් ද වන බවයි පැවසෙන්නේ. අදාල තරුණිය මුහුණු පොත හරහා දැන හදුනාගෙන පසුව ඇය විසින් අදාල 26 හැවිරිදි ව්‍යාපාරික තරුණයාට සිදුව ප්‍රදේශයේ හෝටලයක නතර වීම […]
තවත් විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. මේ අනුව අද අලුයම ගුවන් යානා දෙකකින් 400 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ එම පිරිස දිවයිනට පැමිණ තිබෙන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සදහා යොමු කර තිබෙනවා.
ඉකුත් 26 වෙනිදා ත්‍රිකුණාමලය වරායෙන් මුහුදු ගිය එකම පවුලේ 07 දෙනෙකු අතුරුදන් වී ඇති බවට වාර්තා වෙනවා. සාගර කුමාර නම් බහුදින ධීවර යාත්‍රාවකින් මොවුන් ධිවර කටයුතු සදහා පිටත්ව ගොස් තිබෙන්නේ.
ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රන්තයේ දී බස් රථයක් ඇළ මාර්ගයකට පෙරළීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. පාලමක් මතින් ගමන් කරමින් තිබියදී මෙලෙස බස් රථය ඇළට පෙරළී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 50 ක් පමණ සිට ඇති බවයි සදහන් වන්නේ.
ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 172 ක් ලෙස සටහන් වී තිබෙනවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168 දෙනෙකු ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් 73 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඊයේ දිනය තුල මෙරටින් හදුනාගත් නව ආසාදිතයින් ගණන 759 දෙනෙක්. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොටුව, […]
නව කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදු වීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින් විශේෂයෙන්ම කොළඹ නගරයේ ජනතාව අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බව වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා සදහන් කරනවා. නව වෛරස් ප්‍රභේදය කොළඹ නගරය තුල ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගෙන මෙලෙස ජනතාව වැඩි වශයෙන් ඒ පිලිබදව අවදානය යොමු කල යුතු බවයි පැවසෙන්නේ. හැකි […]
පසුගියදා සග සතු කරනු ලැබූ ගම්පහ, දාරලුව දුම්රිය ස්ථානය අසල ඇති මෙරටට අවේණික කෲඩියා සෙලනිකා ගස ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
එංගලන්තයේ තවත් කොවිඩ් ප්‍රභේදයක් පැතිර යන බව හදුනා ගෙන තිබෙනවා. B.1.525 යනුවෙන් නම්කර ඇති එම වෛරස ප්‍රභේදය ආසදනය වූ පුද්ගලයින් 38 දෙනෙකු මේ වන විටත් හදුනා ගෙන ඇති බව විදේස් වාර්තා සදහන් කරනවා. මේ අතර මෙම නව විකෘති වෛරස් ප්‍රභේදය නිසා එන්නත්වල ඵලදායිත්වය අඩුකිරීමටත් හේතුවනු ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ.
අද දිනය තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000කට පමණ කොවිඩ් එන්නත ලබාදීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ 27,018ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 17,622ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 11,710ක් ලෙස එම එන්නත්කරණය සිදුකිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
සබරගමුව, මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්ගාල්ල සහ මාතර […]