ප්‍රංශයේ වෙෙද්‍ය උපාධිය හදාරමින් සිටි මෙරට තරුණියන් දෙදෙනකු එරටදී ඝාතනයට ලක්ව තිබෙනවා. අදාළ තරුණියන් දෙදෙනාගේ පෙම්වතුන් යැයි සැළකෙන පුද්ගලයින් දෙදෙනා ද ප්‍රංශයේ වාසයකර තිබුණා. එක් පුද්ගලයෙක් පිහියකින් ඇණ තම පෙම්වතිය ඝාතනයකර ඇති අතර අනෙක් පුද්ගලයා සිය පෙම්වතිය ඝාතනයකර තිබුණේ ගෙල සිර කිරීමෙන්. යාපනය – අල්ලපිට්ටි ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණියක් සහ මට්ටුවිල් ප්‍රදේශයේ පදිංචිව […]
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එළැඹෙන 21 වැනිදා දක්වා වන පාර්ලිමේන්තු සතියේදී අවධානය යොමු කරන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම එම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ. මේ අතර පසුගිය 13 සහ 15 යන දිනවලදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වූ පී.සී.ආර්. […]
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසුරිය විසින් ඇමෙරිකාවේ සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් සදහන් කර තිබුනේ තමන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ලබා ගැනීමට ඉඩ නොලැබුණේ තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳ සිදු කල බලපෑම් නිසා බවයි. කෙසේ වෙතත් මේ පිලිබදව අදහස් පල කරමින් තිසර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කර තිබුණා. […]
කළුතර සහ බේරුවල පොලිස් වසම්වල ප්‍රදේශ කිහිපයක් ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කළුතර පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් කොටස් වශයෙන් සහ බේරුවල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසමක් එලෙස හුදෙකලා බවින් ඉවත් කළ බවයි. එම තොරතුරු පහතින් :
ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, මිනුවන්ගොඩ සහ මාතලේ යන පොලිස් වසම්වල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් එලෙස හුදෙකලා තත්ත්වයට පත් කළ බවයි. ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :
කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබු දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි අද සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු මාර්ගයේ ගල්කිස්ස සහ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා උදයදේවි ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පොඩි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියත්, […]
කොවිඩ් 19 වෙෙරසය වැළඳී මියගිය තවත් 8 දෙනෙකු පිළිබඳ ඊයේ රාත්‍රී තොරතුරු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත මරණ ගණන 264 දක්වා ඉහළ ගියා. එලෙස මියගිය රෝගීන් අතරට 27 හැවිරිදි පුද්ගලයෙකු ද ඇතුළත් වීම විශේෂත්වයක්. මේ දක්වා මිය ගිය පුද්ගලයින් අතුරින් බහුතරයක් වයස අවුරුදු 50 ඉක්මවා තිබීම සහ ඔවුන්ට නිධන්ගත රාේග වැළඳී තිබීමත් සමග වෙෙරසය […]
බූස්ස සතොස ගබඩා සංකීර්ණයේ නීරික්ෂණ චාරිකාවකට යෙදී සිටි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් හට එම සතොස ගබඩාවේ රෙදි සෝදන සබන් අතර සඟවා තිබියදී දේශිය තේ පැකට් තොගයක් සොයාගෙන තිබෙනවා. පවතින වෙළෙඳපොළ මිලට වඩා රුපියල් 30ක් අඩුවෙන් සතොස අලෙවිසැල් සඳහා අලෙවියට යොමු කර තිබු තේ පැකට් තොගයක් මෙලෙස සගවා තිබියදී හමුව ඇත්තේ. මේ පිලිබදව […]
උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවේ. මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැක. උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර […]
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 421ක් ලබා ගැනීමට සමත් වුණා.ඒ, ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 135ට පිළිතුරු වශයෙනි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 286ක් පළමු ඉනිමේ ඉදිරියේ සිටී. එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක ජෝ රූට් ලකුණු 228ක් ලබා ගත් […]
තවත් ප්‍රදේශ කිහිපයක අද උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වය ඉවත් වූ බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළදී ඒකක 291.34ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළා. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,734.57ක් ලෙසින් වාර්තා වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයක්. එය 2011 පෙබරවාරි 28 දිනෙන් පසු […]