ජීවිත ගමන ඉවර වෙලා අවසන් ගමන් යනකොට අපි කව්රුත් කැමති මරණින් පස්සේ යන්න තියෙන තැන් දෙකෙන් හොඳම තැනට යන්නනේ.. ඒ කියන්නේ ස්වර්ගෙට යන්න.. කතාවක් තියෙනවනේ පව් කළොත් මැරුණට පස්සේ අපායට ගිහින් දුක් විඳින්න වෙනවා, හොඳ දේවල් කළොත් ස්වර්ගෙට ගිහිං යහතින් ඉන්න පුළුවන්ය කියලා.. ඉතිං කොහොමද මුළු අපායම මොනම ක්‍රමේකින් හරි වැහිලා ස්වර්ගය විතරක් ඉතිරි වුණොත්? […]
ලොව වඩාත්ම බලවත් අවිය ලෙස නම් කරමින් සබ්මැරීන් යොදාගෙන ප්‍රහාර එල්ල කළ හැකි බැලස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා. ජනාධිපති කිම් ජොන්-උන් සහභාගී වූ හමුදා පෙළපාලියක දී එම මිසයිල ප්‍රදර්ශනය කර තිබෙන අතර විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ඇමෙරිකාවේ නව ජනපති ජෝ බයිඩන් ගේ පදවි ප්‍රාප්තියට දින කිහිපයක් තිබියදී මෙලෙස ක්‍රියා කිරීම උතුරු […]
කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ආරම්භ කෙරුණා. ඒ, කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින්. මගීන්ට සිය මෝටර් රථ මුදල් ගෙවීමකින් තොරව බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි ගාල්කර තැබීමට ද පහසුකම් සළසා දී තිබෙනවා. වැඩසටහනෙහි […]
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ ඇප මත නිදහස් කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මෙලෙස ඇපමත නිදහස් කර තිබෙනවා.
වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි මස 8 වැනිදා සිට වෙනස් කිරීමට වට්සැප් සමාගමේ මව් සමාගම වන ෆේස්බුක් සමාගම කටයුතුකර තිබෙනවා. ඒ අනුව නව කොන්දේසි සමග එකඟ නොවුණ හොත් වට්ස්ඇප් යෙදුම භාවිත කිරීමේ අවස්ථාව ලබන මස සිට ගිලිහී යාමේ අවදානමක් පවතිනවා. පෙබරවාරි 8 වැනිදා සිට වට්ස්අැප් යෙදුම භාවිත කිරීමට නම් […]
2010 වසරේදී සතොස සේවකයින් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව කොළඹ මහාධිකරණය අද දැනුම් දී තිබෙනවා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉකුත් 2010 වසරේ සිට 2014 වසර තුල වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි කාලයේ සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර […]
නිවිතිගල, පාරවත්ත ප්‍රදේශයේ ළඳු කැළෑවක තිබී දිනක් පමණ වයසැති බිළිඳෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. අසල තිබූ රබර් වත්තක රබර් කැපීම සඳහා පැමිණි කාන්තාවක් සුනඛයෙකු සිරුරක් වැනි යමක් රැගෙන යමින් සිටිනු දැක තිබුණා. එය පරීක්ෂාකර බැලීමේදී සුනඛයා රැගෙන යන්නේ බිළිඳු මළ සිරුරක් බවට අදාළ කාන්තාවට නිරීක්ෂණය වී තිබෙනවා. බිළිඳාගේ වයස දිනක් පමණ වුව ද එම […]
තමන් සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා. ඒ මහතාගේ නිවසේ පසුගියදා පැවති හමුවක් සඳහා සහභාගී වූ වෛද්‍යවරයෙකු කොරෝනා වෛරස ආසාදිතයෙකු ලෙස තහවුරු වීමත් සමග පාදෙණිය මහතා එම ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගැනුණා. ඒ අනුව ඊයේ සහ පෙරේදා යන දෙදිනම උදෑසන කාලයේ මහජන […]
ඇමරිකාවේ 23 හැවිරිදි ගැබිණි කාන්තාවකගේ ගර්භාෂය කපා මරා දැමීමේ චෝදනාවකට අදාළව වරදකරු වූ 52 හැවිරිදි කාන්තාවකට එරට අධිකරණයකින් මරණ දඬුවම නියමකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. විෂ එන්නතක් ශරීරගතකර එම කාන්තාව මරා දමන ලෙසට අදාළ නියෝගයෙන් පවසා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ, ඇමරිකාව මරණ දඬුවමක් ක්‍රියාත්මක කරන්නේ වසර 67කට පසුව බවයි. මරණ දඬුවම නියම වූ කාන්තාව […]
සිය සංගමය කොරෝනා වෛරසයට නොබියව මුහුණ දුන් පිරිසක් මිස හැංගී පැනගිය පිරිසක් නොවන බව සදහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනය පහතින්
රුපියල් 30,000ක අල්ලසක් ලබා ගත් ගොවිජන නිලධාරියාට කොළඹ මහාධිකරණයෙන් බරපතළ වැඩ සහිතව වසර 10ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කර තිබෙනවා. දඩ මුදල වන රුපියල් දස දහස ගෙවීමට නොහැකි නම් තවත් වසර දෙකකින් සිර දඩුවම දිගු කරන බවට ද තීන්දු කර තිබෙනවා. අදාල ගොවිජන සේවා සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයා 2016 වසරේ දී චෙක් පතක් මුදල් […]
ගුවන් සුනඛ බල ඇණියට තවත් ගුවන් සුනඛයන් 20 දෙනෙකු එක් කිරීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා යොදවා ඇති පුහුණුව ලත් සුනඛ කණ්ඩායමට නව සුනඛ සාමාජිකයින් 20 දෙනකු එකතු වී තිබෙනවා. ගුවන් භාණ්ඩ ලෙස සහ ඇතැම් මගීන් විසින් රැගෙන යනුු ලබන ගමන් මලුවල රහසිගත ලෙස රැගෙන යා හැකි පුපුරණ […]