ලෝක වසංගත තත්වයක් හමුවේ සෑම දෙනාගේ ම ජිවිත යම් පසු බෑමකට ලක්ව තිබෙන මොහොතක සමාජයේ වෙසෙන පුද්ගලයින් ගේ මනසට ද මේ තුලින් දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව දක්නට ලැබෙනවා. මේ අතර විශේෂයින්ම ගර්භණි කාන්තාවන්ගේ මානසික තත්වයට මේ කොරෝනා වසංගතය තුලින් දැඩි බලපෑමක් ඇති කරන බවට පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ කාසල් වීදියේ කාන්තා රෝහල […]
කොරෝනා හේතුවෙන් වසා දැමුණු උපකාරක පන්ති යළි ලබන 25 වෙනිදා සිට සෞඛ්‍ය උපදෙස් ට යටත්ව විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරනවා.
අවමංගල්‍ය උත්සවයකට සහභගි වූ දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෝටර් රථයකට යට කර 62 හැවිරිදි කාන්තාවක ජිවිතක්ෂයට පත් කර තිබෙනවා. සිද්ධිය සිදු කල ඝාතකයා නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වී තිබෙන අතර සැකකරු සිදු කල පාපොච්චාරණයේදී ප්‍රකාශ කර ඇත්තේ මිය ගිය කාන්තාවගේ බෑණනුවන් යට කිරීමට උත්සහ දැරීමේදී අදාල කාන්තාව සිය රියට යට […]
ලෝක වසංගතයක් වූ කොරෝනා වෛරසය ආරම්භය සෙවීමට චීනයේ හුබෙයි පළාත් වූහාන් නුවරට යාමට සැරසුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂක කණ්ඩායමට චීන රජයෙන් අවසර ලබා දී නැති බවට එම සංවිධානයෙ ප්‍රධානි චෝදනා කරනවා. 10 දෙනකින් යුත් මෙම කණ්ඩායම දෙදෙනකු පලමුවෙන් ම චීනය බලා පිටත් ව ගොස් තිබෙන අතර කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ට චිනයට ඇතුල්වූ වීමට තවමත් […]
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරනවා. ඒ එම පරිශ්‍රය තුල කොරෝනා ආසාදිතයෙක් හමුවීම හේතුවෙන්.
මෙරට පානීය ජල පරිභෝජනයට බරපතල ගැටළුවක් ලෙස මළ අපද්‍රව්‍ය සියයට 90ක් භූගත ජලයට එක්වීමේ අවධානමක් ඇති බවට හදුනා ඇති බව පැවසෙනවා. මේ පිලිබදව ද වැඩි දුරටත් අදහස් දක්වමින් විෂයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කලේ භූගත ජලයට මල අපද්‍රවය එක්ව්මින තුලින් එහි ගුණාත්මක හාවයට දැඩි හානියක් ඇති කර ඇති බවයි. මේ අනුව ඉදිරියේදී මළ අපද්‍රව්‍ය […]
නීතිවිරෝධී ලෙස නළ ජලය භාවිත කළ පොලීසියක් පිළිබඳව පුවතක් වාර්තා වෙනවා. ඒ හෝමාගම ප්‍රදේශයෙන්. ලැබුණු තොරතුරකට අනුව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රත්මලාන විශේෂ වැටලීම් ඒකකය කරන ලද විමර්ශනකට අනුව ජලය ලබා ගත් නීතිවිරෝධී නල මාර්ගය සොයාගෙන තිබෙනවා. හෝමාගම පොලිසියට ජල සැපයුම් මාර්ග 4ක් තිබී ඇති අතර එයින් තුනක් විසන්ධි කර තිබෙන අතර ඒ විසන්ධි […]
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ මහතා නිරෝධායනය සදහා මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන හෝටලයක් වෙත යොමුකර තිබෙනවා.
ගෙවුණු පැය 24ක කාලය තුල මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 377 දෙනෙකුට හදුනා ගෙන තිබෙන අතර එයින් 220 දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කල අතර එහිදී ඔවුන් අතරින් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වුණා. pcr පරීක්ෂණ වලට ලක් කෙරුණු පිරිසගේ ප්‍රතිපල වාර්තා ලැබීමට නියමිතව තිබෙන අතර මේ දක්වා මුහුණු ආවරණ නොපැලද සිටි […]
රට පුරා එළවළු, පලතුරු ඇතුළු කෘෂි නිෂ්පාදන බෙදාහැරීම සදහා ප්‍රවාහනය දුම්රියෙන් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරනවා. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කලේ ඒ තුලින් දිවයින පුරා බෙදාහැරීමට ගතවන කාලය හා පිරිවැය ඉතා අවම වන බවයි.
ලබන 11 වෙනිදා සිට බස්නාහිර පළාත හා හුදකලා කළ ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කිරීමට නියමිත අතර සිසුන් ප්‍රවාහනය කිරීම සදහා සිසු සැරිය’ බස් සේවාව ද ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කරනවා.
ගවයන් අතර පැතිර යන නව වෛරසයක් මෙරටින් වාර්තා වෙනවා. ඒ පොළොන්නරුව, අනුරාධපුර, මහනුවර ඇතුළු කිරි ගවයින් ඇති කරන ස්ථාන වල මෙම වෛරස් තත්වය දක්නට ලැබෙන බව පශු වෛද්‍යවරුන් අවදාරණය කරනවා. මෙම වෛරසය ආසාදනය වූ සත්වයන් හට සමේ තුවාල සහ ගැටිති හට ගැනීම, උණ වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද පැවසෙනවා.