News Line| Off Air
Generic placeholder image

Jan
9

උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක් අරියි – පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසු වන්නැයි උපදෙස්

Generic placeholder image

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බදුල්ල, උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක් විවෘතකර තිබෙනවා. ඒ අනුව තෙල්දෙණියාය, උල්හිටිය, රොටලවල ඇතුළු පහත්බිම්වල වාසය කරන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.


Jan
9

ට්‍රම්ප්ට ට්විටර් භාවිතය ස්ථිරවම තහනම් වෙයි

Generic placeholder image

ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ස්ථිරවම අතිහිටුවීමට ට්විටර් සමාගම පියවර ගෙන තිබෙනවා. එම සමාගම පැවසුවේ, ඩොනල්ඩ් ට්‍රම්ප් මෑත කාලයේ ඔහුග‍ේ ට්විටර් ගිණුමේ පළ කළ පණිවුඩ සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹි බවයි. ට්‍රම්ප්ගේ ආරධාරකරුවන් වොෂිංටන් නුවර කැපිටල්හිල් ගොඩනැගිල්ලට කඩා වැදී ඊට හානි කිරීමේ සිද්ධියත් සමග මින් පෙර පැය 12ක කාලයක් […]


Jan
9

ලේ දන්දීමේ වැඩසටහනකට ගිය තිදෙනෙකුට කොරෝනා

Generic placeholder image

මෝරුපොළ ප්‍රදේශයේ සිදුකළ ලේ දන්දීමේ වැඩසටහනකට එක් වූ පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ වන විට එම අසාදිතයින් හා ඔවුන් ඇසුරු කල පුද්ගලයින් නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා. එමෙන්ම ලේ දන් දුන් පිරිස් අතර කොරෝනා ආසාදිතයින් සිටින බවට මේ වන විට ලේ බැංකුවට දැනුම් දුන් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Jan
9

දඩ ගෙවීමට නොහැකිව සිටි රැඳවියන්ට ජනපතිගෙන් විශේෂ සමාවක්

Generic placeholder image

දඩ මුදල් ගෙවීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාරගතකර සිටින සියලු රැඳවියන් විශේෂ ජනපති රාජ්‍ය සමාව යටතේ මුදා හැරීමට අද කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම රැඳවියන්ව නිදහස් කිරීමට කටයුතු කරන බවයි.


Jan
9

ඉදිරි දින කිහිපයේදී වැස්ස වැඩි වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් අද (09) රාත්‍රී කාලයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය […]


Jan
9

පොළොන්නරුවේදී බස් රථයක් ඇළකට පෙරළී පිරිකට තුවාල

Generic placeholder image

පොළොන්නරුව – පුලස්තිපුර, කෑගලුගම ප්‍රදේශයේ දී අද උදෑසන බස් රථයක් ඇළ මාර්ගයකට පෙරළී යාමෙන් පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධ ඇළකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට පොළොන්නරුව මහරෝහල සහ පුලස්තිපුර යන රෝහල්වල ප්‍රතිකාර […]


Jan
8

තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී මිය ගිය තවත් තිදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. එලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 14, රත්නපුර සහ හොරණ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 225 දක්වා ඉහළ ගියා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Jan
8

දෛනික ආසාදිතයින් ගණන 524 දක්වා ඉහළට

Generic placeholder image

අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයින් 524 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. අද පස්වරු කාලයේ ආසාදිතයින් 251 දෙනෙකු හඳුනාගත් අතර රාත්‍රී කාලයේ තවත් ආසාදිතයින් 273 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව […]


Jan
8

මාස 7ක දරුවෙකුට කොරෝනා

Generic placeholder image

මාස 7ක දරුවෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ බිළිදාගේ මවද කොරෝනා ආසදිතයෙක් බවට හදුනාගැනීම නිසා බිලිදාට ද සිදු කල ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණකින් . එම බිලිදා සහ මව ත්‍රිකුණාමලය, ශ්‍රීමාපුර ප්‍රදේශයේ පදිංචි බව වැඩි දුරටත් සදහන්.


Jan
8

මිලියන 11ක ජනතාවක් සමග චීනයේ නගරයක් හුදකලා වෙයි

Generic placeholder image

චීනයේ ” ශිජිආශුආන්ග් “නම් නගරය මිලියන 11 ක ජනතාවක් සමග හුදකලා කිරිමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එම නගරයෙන් කොරෝනා ආසාදිතයින් 100 අධික පිරිසක් හදුනා ගැනීමත් සමගයි. මේ අනුව නගරයට දැඩි ලෙස සංචරණ සීමා පනවා තිබෙන අතර එම නගරවාසීන්ට එම නගරයෙන් පිට වීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.


Jan
8

වව්නියාවේ පුද්ගලයින් 55 කට කොරෝනා

Generic placeholder image

වවුනියාව ප්‍රදේශයේ එකම පවුලේ 05 දෙනකුම කොරෝනා ආසාදිතයින් බව හදුනා ගත් අතර එහිදී ඔවුන්ගේ සමීපතමයින් pcr පරීක්ෂනයට යොමු කර අතර එහිදී එම පුද්ගලයින් 55 දෙනකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා.


Jan
8

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

කුරුණෑගල ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර තිබෙනවා. ඒ අහමු ලෙස සිදු කල පී.සී.ආර්.පරීක්ෂණ තුලින් එම ප්‍රදේශ වල පුද්ගලයින් 26 දෙනකුටම කොරෝනා ආසාදිත බව හදුනා ගැනීමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post