News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
1

නිරෝධායන නීති කැඩූ තවත් පිරිසක් අල්ලයි

Generic placeholder image

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින්නීති කඩකල පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුහුණු ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මෙලෙස මෙම පිරිස පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 2021 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Jan
1

අගමැතිගෙනුත් නව වසරට සුබ පැතුම් පණිවුඩයක්

Generic placeholder image

මාතෘ භූමිය වෙනුවෙන් රජය වෙහෙසෙන්නේ හා කැපවෙන්නේ මතු පරපුරේ අනාගතය වෙනුවෙන් බව නව වසරට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.


Jan
1

2021 නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්

Generic placeholder image

උදා වූ 2021 නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. නව වසරේ කුමන බාධකයන්ට මුහුණදීමට සිදුවුවත් ඒ සඳහා ආත්ම ශක්තිය හා ධෛර්ය අප සතුව ඇති බවයි.


Jan
1

ඊයේ දිනයෙත් නව ආසාදිතයින් 592ක් හදුනා ගැනේ

Generic placeholder image

ඊයේ දිනයේත් මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 592ක් හදුනා ගෙන තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,299ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ හදුනා ගත් ආසාදිතයින් අතර වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹින්. ඒ අනුව කොළඹින් කොවිඩ් රෝගීන් 256ක් වාර්තා විය.එමෙන්ම මෙරට කොරෝනා ආසාදනවීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 204 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


Jan
1

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තරමක වැසි

Generic placeholder image

උතුරු, නැගෙනහිර,උතුරු-මැද සහඌව පළාත්වලත්හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටමි.මී. 75 ටවැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු […]


Jan
1

2021 නව වසර උදා වෙයි

Generic placeholder image

උදා වූ 2021 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව මෙන්ම ලෝක වාසි ජනයාද ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. කොරෝනා වෛරසය මැද වුවද නව වසර සැමරීම සඳහා ලොව පුරා රටවල් රැසක විවිධ උත්සව සංවිධානය කර තිබූණා. ලැබුවා වූ 2021 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි නිරෝගිමත් වසරක් වේවායි අපි ප්‍රර්ථනා කරන්නෙමු.


Dec
31

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Generic placeholder image

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත් සදහාත්, ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්ක සදහාත් ප්‍රභල අකුණු පිළිබද අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ පළාත්වල සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බවයි. ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි වැසි […]


Dec
31

අබලන් බස් 273ක් අලුත්වැඩියාවෙන් පසු යළි ධාවනයට (ඡායාරූප)

Generic placeholder image

අබලන් තත්ත්වයේ පැවැතීම හේතුවෙන් ධාවනයෙන් ඉවත්කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක්කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ගාලු මුවදොර පිටියේදී ඒය සිදු කෙරුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අදාළ බස් රථ දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. […]


Dec
31

ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය ආසාදිත රැඳවියන්ගෙන් අයෙක් සොයා ගනියි

Generic placeholder image

පොළොන්නරුව, ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන පළා ගිය ආසාදිත රැඳවියන් පස් දෙනාගෙන් එක් රැඳවියෙකු සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ ආසාදිත රැඳවියා හලාවත, දෙමටපිටිය ප්‍රදේශයේ රැඳී සිටියදී සොයා ගැනුණු බවයි. එම පුද්ගලයා වයස අවුරුදු 27ක් වූ කවිඳු මධුශාන් නැමැති අයෙක් වන අතර ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට නියමිතයි. අදාළ රැඳවියන් පස් […]


Dec
31

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල ශක්තිමත් වී තිබෙනවා. දෛනික විනිමය අනුපාතික අද සටහනේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල දැක්වුණේ රුපියල් 184.12ක් වන අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 189.18ක් ලෙසයි. ශ්‍රී ලංකාමහ බැංකුව නිවේදනය කළේ, මෙය ඉකුත් දෙසැම්බර් 16 වැනිදායින් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ […]


Dec
31

විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ සිනමා ශාලාවලට සහනයක්

Generic placeholder image

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ හිඟ විදුලි බිල්පත් පියවීම සදහා සිනමා ශාලා හිමියන්ට සහන කාල සීමාවක් ලබා දීමට විදුලිබල අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා. ඒ අනුව මේ වසරේ මාර්තු සිට දෙසැම්බර් දක්වා ගෙවීමට නොහැකි වූ විදුලි බිල්පත්, ලබන වසරේ දෙසැම්බර් දක්වා සමාන වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව අදාළ සිනමාහල් හිමියන්ට හිමි වනවා. එම කාල සීමාව තුළ […]


Dec
31

තවත් රැඳවියන් පිරිසක් මුදා හරියි

Generic placeholder image

තවත් රැඳවියන් 174 දෙනෙකු ඊයේ දිනයේ ඇප මත සහ නිදහස ලබා දී බන්ධනාගාරවලින් මුදා හැර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ සිරකරුවන්, සැක පිට බන්ධනාගාරගත කළ පිරිමි රැඳවියන් මෙන්ම කාන්තා රැඳවියන් පිරිසක් එලෙස මුදා හැර ඇති බවයි. ඒ අනුව දෙසැම්බර් මස තුළ නිදහස සහ අැප මත මුදා හැරි සමස්ත රැඳවියන් සංඛ්‍යාව 9,959ක්.


News Articles
Latest Videos
Most Popular Post