පොළොන්නරුව, ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය රැඳවියන් සිව්දෙනෙකුගේ ඡායාරූප මාධ්‍යයට මුදාහැර තිබෙනවා. පෙරේදා අලුයම කොරෝනා වෛරසය ආසාදිත රැඳවියන් 5 දෙනෙකු අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගොස් තිබුණා. අනතුරුව පොලිසිය සහ යුද හමුදාව එක්ව කළ මෙහෙයුමකින් එක් රැඳවියෙකු හලාවත, දෙමටපිටිය ප්‍රදේශයේ දී සොයා ගත්තා. එලෙස සොයා ගැනුණේ, මද්දුමරාලලාගේ කවිදු මධුශාන් නැමති 27 හැවිරිදි, […]
තවත් කොරෝනා ආසාදිතයින් 191 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 502ක්. නව ආසාදිතයින් 191 දෙනා සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවල මුළු ආසාදිතයින් ගණන […]
කොරෝනා ආසාදනය වී සිටි තවත් තිදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කොළඹ 13, මරදාන සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු එලෙස මිය ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, අනන්‍යතාව තහවුරු කළ නොහැකි වයස අවුරුදු 70ත් 80ත් අතර පුද්ගලයෙකු ද ඒ අතර වන බවයි. ඒ […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 311 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එම ආසාදිතයින්ගෙන් 228 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. සෙසු ආසාදිතයින් 83 දෙනා හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර ආශ්‍රයෙන්. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර […]
තම බලය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටින ආණ්ඩුව රටේ ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ වගකීම අමතකකර දමා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට කොරෝනා රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි. රුවන් විජයවර්ධන මහතා මේ අදහස් පළ […]
දිවයිනේ උතුර සහ නැගෙනහිර පළාත්වලට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ අදාළ පළාත්වලට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවයි. ඊට අමතරව උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් විටින් විට […]
කලක සිට මත්ද්‍රව්‍ය ලෙස පෙට්‍රල් පානය කිරීමට ඇබ්බැහි වී සිටි තරුණයෙකු ඊයේ ගෙල වැළ ලා ගෙන මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා. එම තරුණයා වසර කිහිපයක සිට ඊට ඇබ්බැහි වීම හේතුවෙන් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබුණත් දිගින් දිගටම පෙට්‍රල් පානයකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ. ඇති වූ මානසික ව්‍යාකූලතාවක් හේතුවෙන් ඔහු ඊයේ පස්වරුවේ දිවි නසාගෙන ඇති බව […]
පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණය තුළ සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී එහි 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එලෙස පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර තිබුණේ, වෙළඳසැල් හිමියන්, වෙළඳුන් සහ පාරිභෝගිකයින්. ඉන් සේවකයින් 6 දෙනෙකුට සහ පාරිභෝගිකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. එලෙස හඳුනාගත් ආසාදිතයින් රෝහල් […]
ගත වූ පැය 24 තුල පමණක් රියඅනතුරු නිසා පුද්ගලයින් 12 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.
උතුරු, නැගෙනහිර,උතුරු-මැද සහඌව පළාත්වලත්හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වීටින් විට වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති වේ. සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්ස්ථානවලටමි.මී. 50 ට වැඩි තරමක් තදවැසි ඇතිවියහැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු […]
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ විෂබීජ නාශක අත් පිරිසිඳුකාරක (Hand Sanitizer) සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, එවැනි අත් සේදුම්කාරක ලියාපදිංචිකර, එහි ලියාපදිංචි අංකය අත් පිරිසිඳුකාරක සනීපාරක්ෂක ඇසුරුම්වල හෝ බහාලුම්වල මනාව පෙනෙන සේ සඳහන් කළ යුතු බවයි. එසේ නොමැති නම් ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ තොග හෝ […]
රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද සිට ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සිදු කෙරෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එය මෙතෙක් ක්‍රියාත්මක කෙරුණේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින්. යුද හමුදා සාමාජිකයින් සතු නව පරිගණක තාක්ෂණික හැකියාවන් පිළිබඳ ඇති විශ්වාසය මත පදනම්ව අද සිට එම කර්තව්‍යය යුද හමුදාව භාර ගෙන ඉදිරියට පවත්වාගෙන යන බවයි […]