යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් පස් දෙනෙකු සඳහා උසස් වීම් ලබා දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම බ්‍රිගේඩියර් නිලධාරීන් 5 දෙනා මේජර් ජෙනරල් නිලයට උසස් කර ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිගේඩියර් මනෝජ් ළමාහේවා, බ්‍රිගේඩියර් ධම්මි හේවගේ, බ්‍රිගේඩියර් අජිත් දිසානායක, බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න සහ බ්‍රිගේඩියර් ලාල් […]
තවත් කොරෝනා රෝගීන් 235 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ සමග අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 555ක්. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවල ආසාදිතයින් ගණන 40,000 පසු කළා. එම සංඛ්‍යාව දැක්වෙන්නේෙ 40,126ක් ලෙසයි.
කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද දහවල් සිට හුදෙකලා තත්ත්වයට පත් කළ බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අදාළ නිවේදනය පහතින් :
කොරෝනා වෛරසය ආසාදනය වී සිටියදී මියගිය තවත් 4 දෙනෙක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. අදාළ තොරතුරුවලට අනුව එලෙස මිය ගොස් ඇත්තේ, අලයාඩිවෙම්බු, කොළඹ 14, අගලවත්ත සහ දර්ගා යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක්. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ ගණන 208 දක්වා ඉහළ ගියා. එම මරණ පිළිබඳ තොරතුරු පහතින් […]
අද දිනයේ සිට සීමා කර තිබු දුර ගමන් සේවා බස් ධාවනය ආරම්භ කරන බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. රටපුරා පවත්නා කොරෝන වෛරස තත්ත්වයත් සමග පෞද්ගලික බස් හිමියන් තම බස් රථ ධාවනය සීමා කිරීම හේතුවෙන් ඇතැම් මාර්ගවල බස් රථ ධාවනයේ අඩුවක් පවතින බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරයි. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව […]
රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 06 කින් විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 397 දෙනකු මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි නුවර සිට 283 දෙනකු ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 48 දෙනකු ද කටාර් රාජ්‍යයේ දෝහා සිට 27 දෙනකු ද දිවයිනට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. මෙම පිරිස pcr පරීක්ෂණ වලට ලක් කොට […]
ඔස්ට්‍රේලියානුවන් ගේ ජාතික ගීය අද සිට වෙනස් කර තිබෙනවා. ඒ අනුව එරට ජාතික ගීතයේ සමහර වචන වෙනස් කර තිබෙන අතර ” තරුණ සහ නිදහස්” යන වචන එයින් ඉවත් කර තිබෙනවා. එරට සමගිය එකමුතුකම වර්ධනය කිරීම සදහා මෙලෙස ජාතික ගීතය වෙනස් කිරීමට පියවර ගත් බවයි එරට අගමැති ස්කොට් මොරිසන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින්නීති කඩකල පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුහුණු ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මෙලෙස මෙම පිරිස පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 2021 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතෘ භූමිය වෙනුවෙන් රජය වෙහෙසෙන්නේ හා කැපවෙන්නේ මතු පරපුරේ අනාගතය වෙනුවෙන් බව නව වසරට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
උදා වූ 2021 නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. නව වසරේ කුමන බාධකයන්ට මුහුණදීමට සිදුවුවත් ඒ සඳහා ආත්ම ශක්තිය හා ධෛර්ය අප සතුව ඇති බවයි.
ඊයේ දිනයේත් මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 592ක් හදුනා ගෙන තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,299ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ හදුනා ගත් ආසාදිතයින් අතර වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹින්. ඒ අනුව කොළඹින් කොවිඩ් රෝගීන් 256ක් වාර්තා විය.එමෙන්ම මෙරට කොරෝනා ආසාදනවීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 204 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
උතුරු, නැගෙනහිර,උතුරු-මැද සහඌව පළාත්වලත්හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටමි.මී. 75 ටවැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු […]