ජනවාරි 22 වනදා සිට සියලුම වාණිජ ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. රටේ පවතින ආර්ථිකය පිළිබඳ අවදානය යොමු කරමින් දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ද කටයුතු කරමින් ගුවන්තොටුපොළ විවෘත කිරීමට කටයුතු කරන බව මේ පිලිබදව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සදහන් කරනවා.
ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නැගෙනහිර සහ ඌව ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරොත්තුවේ. උතුරු, නැගෙනහිර,උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද […]
හෙට සිට සහ අනිද්දා සිට දේශීය සංචාරකයින් සඳහා සංචාරක ස්ථාන කිහිපයක් වසා තැබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. ඒ, යුක්‍රේන සංචාරකයින් නැරඹීමට පැමිණීම හේතුවෙන්. ඒ අනුව පොළොන්නරුවේ පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාලය (අංක 2), ආලාහ පිරිවෙන සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරි වෙහර, ගල් විහාරය, තිවංක පිළිම ගෙය සහ නෙළුම් පොකුණ යන […]
අද දිනයේ මේ දක්වා කාලය තුළ නව කොරෝනා ආසාදිතයින් 403 දෙනෙකු හඳුනා ගැනුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන්ගෙන් 401 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. සෙසු දෙදෙනා බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගත් ආසාදිතයින්. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 41,031 දක්වා […]
කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 535 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 37,252ක් ලෙසයි. එමෙන්ම මෙරට සමස්ත කොරෝනා රෝගින් ගණන 44,370ක් වන අතර වෛරසය වැළඳීමෙන් මිය ගිය ගණන 211ක්.
දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් එලෙස හුදෙකලා බවින් ඉවත් වනු ඇති. එම තොරතුරු පහතින් :
කොටදෙණියාව, කරබොටුවාව ප්‍රදේශයේ අබලි යකඩ උණු කරන කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරී යාමෙන් අයෙක් මරණයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ ඔවුන් සියලු දෙනා ඉන්දීය ජාතිකයින් බවයි. අද උදෑසන සිදු වූ අදාළ පිපිරුමෙන් ඔවුන් තිදෙනා බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබුණා. පොලිසිය පැවසුවේ, ඔවුන් මීරිගම […]
ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ. උතුරු, නැගෙනහිර,උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තදවැසි ද ඇතිවිය […]
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටි මාලිගාවත්ත බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමි වී ඇතැයි වාර්තා වනවා. නීති විරෝධි අන්දමින් ටී 56 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 210 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ උන්වහන්සේට එලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබුණා. 2010 ජනාධිපතිවරණයට දින කිහිපයකට ඉහතදී විහාරස්ථානය වැටලූ […]
නයනි.. දඟකාර, කටකාර වුණත් අහිංසකකමින් පිරි සහ පිරිමි ගති ඇති සුන්දර පෙනුමක් උපතින්ම හිමි දුප්පත් යුවතියක්. වරුණ.. ධනවත් පවුලක උපත ලද හැඩකාර කොල්ලෙක් වුණත් ඉගෙනීමට අනුවණ, ඒත් බුද්ධිමත් තරුණයෙක්. හාත්පසින්ම වෙනස් පවුල් පසුබිම් හිමි නයනි සහ වරුණ අතර සුන්දර ආදර අන්දරයකට මුල පිරුණත් එය උපන් ගෙයිම මිය යන්නේ තෙවැන්නියකගේ බලපෑම නිසා ද? නැතිනම් වරුණගේ වරදින් […]
අද උදෑසන වන විට මෙරටින් කොරෝනා රෝගීන් 515 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 144ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 96ක් ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 47ක් ද, සෙසු රෝගීන් 215 අනෙක් දිස්ත්‍රික්කවලින් ද වාර්තා වී ඇති බවයි කොවිඩ් […]
අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් පෙබරවාරි මස සිට ස්ථාවර මිලක් යටතේ පවත්වාගෙන යන බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා. සහල්, පිටි, සීනි, පරිප්පු, ටින් මාළු, හාල් මැස්සන්, ළුෑනු, අර්තාපල්, බිත්තර සහ කුකුළු මස් යන ආහාර එම ආහාර වර්ගවලට ඇතුළත්. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරමින් වෙළඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් :