News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

විරානගම ප්‍රදේශයට අමුතු මාළු වැස්සක් ( photo )

Generic placeholder image

ඊයේ සහ අද දිනයේ මහියංගනය අලුත්තරගම, විරානගම ප්‍රදේශයට වැසි සමඟ එක්තරා මාළු විශේෂයක් සමග බිමට වැටී ඇති බව වාර්තා වෙනවා. එම ප්‍රදේශවාසීන් පවසන්නේ මිට පෙර එම මාළු විශේෂය දැක නොමැති බවයි.


Dec
22

එංගලන්තයේ නව කොරෝනා ප්‍රභේදයක් – මෙරටට පැමිණීමේ අවදානමක් ගැන තොරතුරු

Generic placeholder image

එංගලන්තයෙන් හදුනාගෙන ඇති කොවිඩ් 19 නව වෙෙරස් ප්‍රභේදය මෙරටට පැමිණීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. අදාළ වෙෙරසය ඉතා වේගයෙන් පැතිර යාම එහි විශේෂත්වය වන අතර මේ වනවිටත් ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය ඇතුළු රටවල් කිහිපයකින් එම වෙෙරසය වැළදුණු රෝගීන් හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. එමෙන්ම එම වෙෙරසයේ ව්‍යාප්තිය හේතුවෙන් යුරෝපා රටවල් මෙන්ම දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලය, […]


Dec
22

අමෙරිකා නව ජනපතිත් ෆයිසර් එන්නත ලබා ගනී

Generic placeholder image

ඇමෙරිකානු නව ජනපති ජෝ බයිඩන් ප්‍රසිද්ධියේ ෆයිසර් එන්නත ලබා ගෙන තිබෙනවා. ඊයේ දිනයේදී ජනපතිවරයා සජීවී රූපවාහිනී වැඩ සටහනක් අතරතුර මෙම එන්නත ක්‍රිස්ටිනා රෝහලේදී ලබා ගෙන තිබෙන අතර එහිදී ඔහු එරට වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලයටත් විශේෂ ස්තුතියක් හා ඇගයීමට ලක් කළා.


Dec
22

මෙරට ආසාදිතයින් ගණන 37,631 දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනය තුළ වාර්තා වූ කොරෝනා රෝගීන් 364 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 37,631 දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් සියලු දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් හදුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර ආශ්‍රයෙන් ආසාදිතයින් කිසිවෙක් හදුනාගෙන තිබුණේ නැහැ. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රිතව හදුනාගෙන ඇති සමස්තය 33,736ක්. කෙසේ වෙතත් […]


Dec
22

උත්සව සමයේ විශේෂ රථ වාහන මෙහෙයුමක්

Generic placeholder image

මෙවර උත්සව සමයේ පොලිසිය විසින් විශේෂ රථ වාහන මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඒ අනුව මෙම මෙහෙයුම පෙරේදා දිනයේ සිට ජනවාරි මස 05 වනදා දක්වා කාලය තුල දියත් කර තිබෙන අතර මෙම රථවාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000ක් පමණ සහභාගී වනු ඇති.


Dec
22

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා මරණ 5ක් පිළිබද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තොරතුරු තහවුරු කළා. වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙක් සහ කොළඹ 15, දර්ගා, මග්ගොන සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන් 5 දෙනෙක් ඒලෙස මියගොස් තිබෙනවා. ඔවුන් අවුරුදු 55ත් 83ත් අතර වයස් සීමාවන්වල පසුවන්නන්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගියා. අදාළ මරණ පිළිබද තොරතුරු පහතින් :


Dec
22

අදත් සවස් වරුවේ වැසි

Generic placeholder image

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම,ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසිඇතිවේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න්පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, කිළිනොච්චිය, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට […]


Dec
21

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින් සඳහා දිරිදීමනා

Generic placeholder image

විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයින්ගේ මෙරටට එවනු ලබන විදේශ මුදල්, එම සේවා නියුක්තිකයින් හෝ ඔවුන්ගේ ප්‍රතිලාභීන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී ඇමරිකානු ඩොලරයක් සඳහා අමතර රුපියල් දෙකක දිරි දීමනාවක් ගෙවීමට කටයුතුකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. එය 2021 අයවැය සඳහා ඉදිරිපත් වූ යෝජනාවක් වන අතර එම යෝජනාව බලපත්‍රලාභී බැංකු හරහා ක්‍රියාත්මක කරනු ලබනවා. […]


Dec
21

අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 364ක්

Generic placeholder image

කොරෝනා වෛසරය ආසාදනය වූ තවත් 218 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අද දිනයේ හඳුනා ගැනුණු රෝගීන් ගණන 364 දක්වා ඉහළ ගියා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරුවලින් වාර්තා වන සමස්ත ආසාදිතයින් […]


Dec
21

කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරුවලට සිදු වන දේ

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමිදානය කරන්නේ ද ආදාහනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් එම සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අදාළව ලිපියක් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත යොමුකර තිබෙනවා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්. එහි දැක්වෙන්නේ, කොළඹ, කළුතර, මහනුවර, මීගමුව යන […]


Dec
21

කොරෝනා ආසාදිතයින් 146 දෙනෙකු හඳුනා ගැනේ

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 146 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එලෙස හඳුනාගත් සියලු ආසාදිතයින් පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවල ආසාදිතයින් ගණන 33,736 දක්වා ඉහළ ගියා.


Dec
21

“මොඩර්නා” එන්නත බෙදා හැරීම ඇරඹෙයි

Generic placeholder image

ඇමෙරිකාව නිපද වූ මොඩර්නා එන්නත බෙදාහැරීම ආරම්භකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය ගබඩාකර තැබීම සඳහා සාමාන්‍ය අධිශීතකරණ භාවිත කළ හැකි වීම විශේෂත්වයක්. ඇමෙරිකාව කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනයකර, ජනතාවට ලබා දෙන දෙවන එන්නත මෙයයි.  සියලු ප්‍රාන්තවල මධ්‍යස්ථාන 3,700ක් සඳහා මොඩර්නා එන්නත ලබාදීමට නියමිත බවයි ඇමෙරිකානු සෞඛ්‍ය අංශ පවසන්නේ. ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේ වනවිට […]


News Articles
Latest Videos
Most Popular Post