තවත් කොරෝනා මරණ 5ක් පිළිබද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තොරතුරු තහවුරු කළා. වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙක් සහ කොළඹ 15, දර්ගා, මග්ගොන සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන් 5 දෙනෙක් ඒලෙස මියගොස් තිබෙනවා. ඔවුන් අවුරුදු 55ත් 83ත් අතර වයස් සීමාවන්වල පසුවන්නන්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගියා. අදාළ මරණ පිළිබද තොරතුරු පහතින් :
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම,ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසිඇතිවේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න්පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, කිළිනොච්චිය, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට […]
විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයින්ගේ මෙරටට එවනු ලබන විදේශ මුදල්, එම සේවා නියුක්තිකයින් හෝ ඔවුන්ගේ ප්‍රතිලාභීන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී ඇමරිකානු ඩොලරයක් සඳහා අමතර රුපියල් දෙකක දිරි දීමනාවක් ගෙවීමට කටයුතුකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. එය 2021 අයවැය සඳහා ඉදිරිපත් වූ යෝජනාවක් වන අතර එම යෝජනාව බලපත්‍රලාභී බැංකු හරහා ක්‍රියාත්මක කරනු ලබනවා. […]
කොරෝනා වෛසරය ආසාදනය වූ තවත් 218 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අද දිනයේ හඳුනා ගැනුණු රෝගීන් ගණන 364 දක්වා ඉහළ ගියා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරුවලින් වාර්තා වන සමස්ත ආසාදිතයින් […]
කොරෝනා වෛරසය වැළඳී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමිදානය කරන්නේ ද ආදාහනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් එම සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අදාළව ලිපියක් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත යොමුකර තිබෙනවා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්. එහි දැක්වෙන්නේ, කොළඹ, කළුතර, මහනුවර, මීගමුව යන […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 146 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එලෙස හඳුනාගත් සියලු ආසාදිතයින් පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවල ආසාදිතයින් ගණන 33,736 දක්වා ඉහළ ගියා.
ඇමෙරිකාව නිපද වූ මොඩර්නා එන්නත බෙදාහැරීම ආරම්භකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය ගබඩාකර තැබීම සඳහා සාමාන්‍ය අධිශීතකරණ භාවිත කළ හැකි වීම විශේෂත්වයක්. ඇමෙරිකාව කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනයකර, ජනතාවට ලබා දෙන දෙවන එන්නත මෙයයි. සියලු ප්‍රාන්තවල මධ්‍යස්ථාන 3,700ක් සඳහා මොඩර්නා එන්නත ලබාදීමට නියමිත බවයි ඇමෙරිකානු සෞඛ්‍ය අංශ පවසන්නේ. ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේ වනවිට […]
උපකාරක පංති නැවත ආරම්භ කිරීම පිළිබද ලබන ජනවාරි මස 25 වැනිදා වනවිට තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එමෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන මාර්තු මස පළමුවැනිදා සිට 11 වැනිදා දක්වා පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ. පෙර තීරණය කර තිබුණේ, ජනවාරි මස 18 වැනිදා සිට 27 වැනිදා […]
කොරෝනා වෙෙරසය ආසාදනය වී සිටි තවත් 415 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 28,682ක් ලෙසයි. එමෙන්ම තවදුරටත් රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 8,403ක්.
මාස්ක් එක = කලිසම ඒක සූත්‍රයක්! පාරේ තොටේ යද්දි, කොටින්ම ගෙදරින් එළියට බහිද්දි අපි හැමෝම මාස්ක් එක දාගෙන යන්නේ කොරෝනා වෙෙරසයෙන් ආරක්ෂා වෙන්නනේ.. හැබැයි පාරකදි එහෙම අදුරන කෙනෙක් හම්බුණහම ඒක ගලවන්නේ පුරුද්දට වගේ.. හැබැයි අදුරන කෙනෙක් නෙවෙයි දෙවියෝ බිමට බැස්සත් මාස්ක් එක නම් ගලවන්න ඔට්ටු නෑ රජෝ.. ඒ වුණාට ඉතිං ජන්මෙට වැඩිය පුරුද්ද ලොකු වුණ […]
සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා පැතිර යන පුවත සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා. අදාළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ ප්‍රකාශයක් සම්පූර්ණ අදහස ගම්‍ය නොවන ලෙස, නිවැරදි අර්ථය නිරූපනය නොවන අන්දමින් සංසරණය වන බවයි. ඒ අනුව අදාළ ප්‍රකාශයෙන් දක්වා ඇත්තේ සමාජ මාධ්‍ය […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද, සියම් නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසුවා. එහිදී කොරෝනා වසංගතය හමුවේ ජන ජීවිතය නගාසිටුවීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා නාහිමියන් දැනුවත් කළා. රටේ ආර්ථික, සමාජයීය සහ දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් සම්බන්ධයෙන් අටමස්ථානාධිපති නාහිමියන් […]