News Line| Off Air
Generic placeholder image

Dec
21

විදේශයන්හි සිට පැමිණ, නිරෝධායනය වූ මගීන්ට දැනුම් දීමක්

Generic placeholder image

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය අවසන් කළ මගීන්ට භාණ්ඩ මිල දී ගැනීම සම්බන්ධයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල දැනුම් දීමක් කරනවා. මෙම වසරේ සැප්තැම්බර් පළමුවැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා කාලය තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ගුවන් මගීන්ට කටුනායක ගුවන්තොටුපලේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිල දී ගැනීමට අවස්ථාව සළසා දී තිබෙනවා. ගුවන් තොටුපල ආරංචි මාර්ග පැවසුවේ, […]


Dec
21

ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමේ මොහොමඩ් අමීර්ගේ තීරණය ගැන සාකච්ඡා

Generic placeholder image

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් පසුගියදා ගත් තීරණය සම්බන්ධයෙන් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වනවා. ඒ, පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ෂාහිඩ් අෆ්රිඩිගේ මැදිහත් වීම මතයි. 28 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට පසුගියදා තීරණයකර තිබුණේ, ක්‍රිකට් කළමනාකාරීත්වය සමග කටයුතු කිරීම […]


Dec
21

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන බොරු පැතිරූ අයෙකුට වැඩ වැරදියි

Generic placeholder image

කතෝලික දේවස්ථාන ඉලක්කකර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා වට්ස්ඇප් මාර්ගයෙන් අදාළ තොරතුරු පතුරුවා තිබූ අතර එම පණිවිඩයේ සදහන් වී තිබුණේ ඊයේ දිනයේ පැවැති දේව මෙහෙයන් ඉලක්කකර ගනිමින් මෙම ප්‍රහාර එල්ල වීමට හැකි බවටයි. මෙම පුද්ගලයා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පොලිසිය […]


Dec
21

“තලාහේනේ බඩි” මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

Generic placeholder image

ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “බත්තරමුල්ලේ” සංජු නැමැත්තාගේ ගෝලයෙකු වන “තලාහේනේ බඩි” නැමැත්තා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයා හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ජාවාරම්කාර බත්තරමුල්ලේ සංජු නැමැත්තා මේ වනවිට ඩුබායිහි සැඟවී සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


Dec
21

පෙදරේරුවෙකුගේ අත් පා ගතින් වෙන් වන ලෙස කපා බරපතල තුවාල සිදු කළ දෙදෙනෙකු සොයා පරීක්ෂණ

Generic placeholder image

වේයන්ගොඩ, මාලිගාතැන්න ප්‍රදේශයේදී පෙදරේරුවෙකුට පහර දී බරපතල තුවාල සිදු කළ පුද්ගලයින් දෙදෙනෙකු සොයා පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා. පොලිසිය පැවසුවේ, තුවාල ලැබූ පුද්ගලයාගේ අතක් සහ පාදයක් ගතින් වෙන් වන ලෙස කඩුවකින් කපා තිබූ බවයි. බරපතල තුවාල ලැබූ පුද්ගලයා, ශරීරයෙන් වෙන් වූ කොටසක් සමග රෝහල්ගතකර තිබූ අතර ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා […]


Dec
21

පෙර පාසල් හා ප්‍රාථමික අංශ ජනවාරි 11 සිට යළි විවෘත කෙරේ

Generic placeholder image

බස්නාහිර පළාතේ සහ හුදෙකලාකර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල සියලුම පෙර පාසල් සහ ප්‍රාථමික අංශ යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ ඒ අනුව අදාළ ප්‍රදේශවල පෙර පාසල් සහ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ 2021 වසරේ ජනවාරි මස 11 වැනිදා සිට යළි විවෘත කරන බවයි.


Dec
21

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොරෝනා – සෞඛ්‍ය උපදෙස් නොතැකීම නිසා සෞඛ්‍ය නිලධාරීන් නීති මඟට

Generic placeholder image

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බව ඊයේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී තහවුරු වී තිබෙනවා. ඒ අනුව සභාපතිවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් නිරෝධායනයට යොමුකර තිබුණා. කෙසේ වෙතත් අදාළ සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව යමින් ප්‍රාදේශීය සභා සභාපතිවරයා රැස්වීම් කිහිපයකටත් සහභාගී වී ඇති බවටයි වාර්තා වන්නේ. ඔහු සහභාගී වූ රැස්වීම් සඳහා නුවරඑළිය, තලවාකැලේ ලිඳුල, කොටගල, ආගරපතන, […]


Dec
21

මුව ආවරණ නොපැළඳි ජනාධිපතිවරයෙක්ටත් දඩ (ඡායාරූප)

Generic placeholder image

මුව ආවරණ නොපැළඳ සෙළ්ෆි ඡායාරූපයකට පෙනී සිටි චිලී රාජ්‍යයේ ජනාධිපති සෙබස්තියන් පිනේරාට දඩ නියමකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඇමෙරිකානු ඩොලර් 3500ක දඩ මුදලක් ජනාධිපතිවරයාට එලෙස නියමකර ඇති බවයි. චිලී ජනාධිපතිවරයා කාන්තාවක් සමග මුව ආවරණයක් නොමැතිව වෙරළ තීරයකදී ගත් සෙල්ෆි ඡායාරූපයක් චිලී රාජ්‍යයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. […]


Dec
21

කොරෝනා නිසා වැසුණු පාසල් යළි විවෘත කෙරෙන්නේ කවදා ද?

Generic placeholder image

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම පිළිබද තීරණයක් අද දිනයේ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතා පවසනවා. කෙසේ වෙතත් ඒ පිළිබද අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ බස්නාහිර පළාත තුළ පවතින තත්ත්වය හමුවේ එම පළාතේ සියලුම පාසල් එකවර විවෘත කිරීමේ හැකියාවක් නොමැති බවයි.


Dec
21

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක්

Generic placeholder image

Facebook ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා‍. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍යය හරහා පැතිර යන විෂමචාර ඇතැම් අවස්ථාවලදී පාලනයක් තිබිය යුතු බවට මතයක් ගොඩනැගී ඇති බවයි. ඊට අදාළ සාකච්ඡා මේ වනවිට අවසන් අදියරේ පවතින අතර ඉදිරියේදී එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි […]


Dec
21

පොළොන්නරුව සොළොස්මස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ (ඡායාරූප)

Generic placeholder image

පොළොන්නරුව සොලොස්මස්ථානය පූජා භූමියක් ලෙස ඊයේ නම් කළා.‍ සංස්කෘතික හා බුද්ධ ශාසන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් ඒ බව ප්‍රකාශයට පත් කෙරුණා. ඒ පිළිබඳ වූ සන්නස් පත්‍රය පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේදී සොලොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් වෙත භාර දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු වුණා. […]


Dec
21

අද සිට ත්‍රිකුණාමලයේ පාසලුත් වසයි

Generic placeholder image

ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් යළි දැනුම් දෙනතරු වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පවසනවා. එම තීරණය ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය නගරය ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හදුනා ගැනීමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post