දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මධ්‍යම හා ඌව පළාත්වලත් පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය […]
අද උදෑසන 5 සිට හුදෙකලා තත්ත්වය අළුතින් පනවන, ඉවත් කරන සහ පවතින තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කෙරුණා. එම තත්ත්වය කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට අදාළ වන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරමින් ඊයේ නිකුත් කළ නිවේදනය පහතින් :
ඊයේ රාත්‍රී නව කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ ගණන 176 දක්වා ඉහළ ගියා. පනාගොඩ, කොළඹ 08, කොළඹ 12, කොළඹ 02, සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු 5 දෙනෙකු එලෙස මියගොස් තිබුණා. ඔවුන් අවුරුදු 44 සිට 71 දක්වා වන වයස් සීමාවන්වල පසු වූවන්. ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු ඇතුළත් කරමින් රජයේ […]
ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 1,611ක්.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 23 ක් තවදුරටත් වසා තැබීමට තිරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා සදහන් කරනවා.
දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇත. උතුරු,නැගෙනහිර,උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් කළුතර,ගාල්ල,මාතර සහ නුවර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර පළාතේ සහ මාතලේ,නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. […]
කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග බෙන්තර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කෙරුණා. බෙන්තර, තුන්දූව ග්‍රාම නිලධාරී වසමෙන් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන […]
කොරෝනා වෛරසය වැළඳුණු නව රෝගීන් 123 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 618ක්. එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ […]
මෙරට කොරෝනා මරණ ගණන 171 දක්වා ඉහළ නංවමින් තවත් මරණ 6ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකු එලෙස මියගොස් ඇති අතර එම මරණ වාර්තා වන්නේ කොළඹ 14, වීරඟුල, කොළඹ 15, කොළඹ 10, කිරිවත්තුඩුව සහ බණ්ඩාරගම යන ප්‍රදේශවලින්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
මුලතිව්, මල්ලාවි, වව්නිකුලම් ප්‍රදේශයේදී කැබ් රථයක් වැවකට පෙරළී සිදු වූ අනතුරකින් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. අද පස්වරුවේ අදාළ අනතුර සිදු වන අවස්ථාවේ කැබ් රථයේ සිව් දෙනෙකු සිට ඇති අතර එකම පවුලේ පියා, පුත්‍රයා සහ දියණිය එලෙස අතුරුදන් වී තිබුණා. තවත් දරුවෙකු අනතුරින් දිවි බේරාගෙන තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 38ක පුද්ගලයෙක් සහ ඔහුගේ 12 හැවිරිදි […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 495 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 32,875 දක්වා ඉහළ ගියා.