කොරෝනා වෙෙරසය ආසාදනය වූ බවට හදුනා ගැනුණු ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හම්බන්තොට ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. ආගරපතන ඇල්බියන් වත්ත ප්‍රදේශයේ තෝන්ෆීල්ඩ් කොටසේ පැවැති මංගල උත්සවයකට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට මින් පෙර හඳුනාගෙන තිබුණා. අදාළ මංගල උත්සවයට ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද සහභාගී වී තිබූ අතර පසුව ඔහුටත් […]
2020 දෙසැම්බර් මස 26 සිට ජනවාරි මස 19 වෙනිදා දක්වා කාලය තුලදී විදේශ ගුවන් සේවා මෙරටට ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තු අය කිරීම අත්හිටුවීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අදාල නියමු ව්‍යපෘතිය දෙසැම්බර් මස 26 වෙනිදා සිට ජනවාරි මස 19 වෙනිදා දක්වා සිදුකිරීමට බලාපොරොත්තු […]
ගත වූ පැය 24 ක කාලය තුල මුහුණු ආවරණ හා සමාජ දුරස්ථභාවය රදවා නොගැනීම යන චෝදනා මත පුද්ගලයින් 23 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් 30 වෙනිදා සිට මේ දක්වා මෙලෙස නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයින් පිරිස 1675ක්.
15 හැවිරිදි පාසල් සිසුවියක දූෂණයකර පළා ගියා පුද්ගලයෙකු සොයා පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා. කොරෝනා වෙෙරසයේ ව්‍යාප්තියත් සමග පාසල් වසා දැමීම හේතුවෙන් පාසල් සිසු සිසුවියන්ට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබා දීමට පසුගිය කාලයේ පියවර ගැනුණා. ඒ අනුව අදාළ සිසුවියගේ පියා ඇයට ජංගම දුරකතනයක් ලබා දී තිබූ අතර ඇය එය භාවිත කරමින් මුහුණු පොත හරහා හදුනාගත් […]
උත්සව සමය වෙනුවෙන් අධිවේගී මාර්ග හරහා කොළඹින් පිටත්වන පුද්ගලයින් හට අහඹු ලෙස ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටු කිහිපයකදී මෙම ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
බේරුවල, චීන කොටුව ප්‍රදේශයේ නිවසක උණ රෝගීන් සිටින බවට ලද තොරතුක් මත සෞඛ්‍ය නිලධාරීන් විසින් අදාළ නිවසේ 15 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබුණා. ඔවුන්ගෙන් සිව්දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට හදුහා ගැනුණේ ඉන් අනතුරුවයි. ඒ අනුව අදාළ නිවැසියන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුණු අතර වෙෙරසය ආසාදනය වූවන් ප්‍රතිකාර සදහා යොමු කෙරුණා. නිරෝධායනයට ලක්කර සිටි පිරිසෙන් […]
වසර 397 කට පසු ව ඉතා දුර්ලභ අවස්ථාවක් ඊයේ රාත්‍රියේ ලෝක වාසීන්ට දැක ගන්නට ලැබුණා. ඒ සෙනසුරු හා බ්‍රහස්පති එකිනෙකට ලංවී පිහිටීමයි. මෙම අවස්ථාව සෙනසුරු හා බ්‍රහස්පති ග්‍රහ සම අනුපාතයක් ලෙස හදුන්වන අතර මිට පෙර මෙවැනි අවස්ථාවක් දිස් වී තිබෙන්නේ වසර 1623 දිය. නැවත මෙවැනි අවස්ථාවක් වසර 2080 දිස්වනු ඇති බවයි පැවසෙන්නේ. මෙම දුර්ලභ අවස්ථාව […]
ඊයේ සහ අද දිනයේ මහියංගනය අලුත්තරගම, විරානගම ප්‍රදේශයට වැසි සමඟ එක්තරා මාළු විශේෂයක් සමග බිමට වැටී ඇති බව වාර්තා වෙනවා. එම ප්‍රදේශවාසීන් පවසන්නේ මිට පෙර එම මාළු විශේෂය දැක නොමැති බවයි.
එංගලන්තයෙන් හදුනාගෙන ඇති කොවිඩ් 19 නව වෙෙරස් ප්‍රභේදය මෙරටට පැමිණීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. අදාළ වෙෙරසය ඉතා වේගයෙන් පැතිර යාම එහි විශේෂත්වය වන අතර මේ වනවිටත් ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය ඇතුළු රටවල් කිහිපයකින් එම වෙෙරසය වැළදුණු රෝගීන් හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. එමෙන්ම එම වෙෙරසයේ ව්‍යාප්තිය හේතුවෙන් යුරෝපා රටවල් මෙන්ම දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලය, […]
ඇමෙරිකානු නව ජනපති ජෝ බයිඩන් ප්‍රසිද්ධියේ ෆයිසර් එන්නත ලබා ගෙන තිබෙනවා. ඊයේ දිනයේදී ජනපතිවරයා සජීවී රූපවාහිනී වැඩ සටහනක් අතරතුර මෙම එන්නත ක්‍රිස්ටිනා රෝහලේදී ලබා ගෙන තිබෙන අතර එහිදී ඔහු එරට වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලයටත් විශේෂ ස්තුතියක් හා ඇගයීමට ලක් කළා.
ඊයේ දිනය තුළ වාර්තා වූ කොරෝනා රෝගීන් 364 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 37,631 දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් සියලු දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් හදුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර ආශ්‍රයෙන් ආසාදිතයින් කිසිවෙක් හදුනාගෙන තිබුණේ නැහැ. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රිතව හදුනාගෙන ඇති සමස්තය 33,736ක්. කෙසේ වෙතත් […]
මෙවර උත්සව සමයේ පොලිසිය විසින් විශේෂ රථ වාහන මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඒ අනුව මෙම මෙහෙයුම පෙරේදා දිනයේ සිට ජනවාරි මස 05 වනදා දක්වා කාලය තුල දියත් කර තිබෙන අතර මෙම රථවාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000ක් පමණ සහභාගී වනු ඇති.