එළැඹෙන ශ‍්‍රී ලංකා තරග සංචාරය සදහා දකුණු අප‍්‍රිකානු කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් කී‍්‍රඩක ජැක් කලිස් එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස පත්කර තිබෙනවා. ටෙස්ට් තරග දෙකකට සහභාගිවිම සදහා එංගලන්ත කණ්ඩායම ලබන ජනවාරි මස 3 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි. ටෙස්ට් තරග පිටියේ අත්දැකීම් බහුල කී‍්‍රඩකයෙකු වන ජැක් කලිස් ටෙස්ට් තරග 166කට කී‍්‍රඩා කරමින් ලකුණු 13,289ක් […]
ඉදිරි සතිය තුල එනම් උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට පිලිබදව මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවත් යම් හෙයකින් යම්කිසි අවදානම් ප්‍රදේශයක් පැවතුනහොත් ඕනෑම අවස්ථාවක එසේ පැනවීමට ක්‍රියා කරනු ලබන බවත් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ සෞඛ්‍ය අංශ ගන්නා තීරණය අනුව […]
උත්සව සමයත් සමග ජනතාව බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් වෙත යා හැකි බැවින් එම පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ජනතාව බස්නාහිර පළාතේ සිට පිට පළාත්වලට යෑම තුළින් වෙෙරසය පැතිර යාමේ විශාල අවදානමක් පවතින බවයි. ඒ හේතුවෙන් ජනවාරි පළමු වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙසයි මහජන සෞඛ්‍ය […]
පසුගියදා කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්නට හේතුව විදුලි කාන්දුවක් නොවන බවට අනාවරණ වී තිබෙනවා. ගින්න හට ගැනීමෙන් පසු සිදු කළ පරික්ෂාවෙන් අනතුරුව විදුලිබල මණ්ඩලය ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා. එම ගින්න සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂකවරයා කළ පරීක්ෂණයේ වාර්තාව ද මෙතෙක් නිකුත් වී නැහැ. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සංකීර්ණයේ සේවකයින් […]
ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් පහළොස් හැවිරිදි දැරියක් සිය සිරුරට ගිනි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ දැරිය ඇගේ නැන්දණියගේ පුත්‍රයා සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට විරුද්ධ වූ නැන්දණිය නිරන්තරයෙන් ඇයට බැණ වැදී තිබුණා. ඒ හේතුවෙන් කනස්සල්ලට පත් දැරිය සිය නිවස තුළදීම සිරුරුට ගිනි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. බරපතල පිළිස්සුම් තුවාල ලැබූ දැරිය කලවාන […]
පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියේ ගමන් ගත් අඹු සැමි යුවලක් සහ ඔවුන්ගේ සිවු හැවිරිදි දරුවා අනතුරට ලක්ව තිබෙන අතර එහිදී පියා සහ දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව පිළියන්දල පොලිසිය සදහන් කරනවා. මව බරපතල තුවාල ලබා රෝහලට ඇතුලත් කර තිබෙන අතර අදාල අනතුරෙන් මිය ගොස් තිබෙන්නේ මිරිහාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් හා ඔහුගේ පුතු වන […]
අධික වැසි සමග පොළොන්නරුවේ සිට මඩකලපුව දක්වා මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඒ හේතුවෙන් අදාළ මාර්ගය හරහා කුඩා මෝටර් රථ ධාවනය කිරීම තාවකාලික නවතා දමා ඇති බවයි. මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් […]
කොරෝනා වෛරසය ගම්පහ දිස්ත්‍රික්කය තුළ යම් පමණකට පාලනය වී ඇති බවට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. කෙසේ නමුත් අවදානම තව දුරටත් පවතින් බවයි එම අංශ අවදාරණය කරන්නේ. ගත වූ පැය 24 ක කාලය තුල කොරෝනා රෝගින් 39 දෙනකු වාර්තා වී තිබෙන අතර ඉන් දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් 08 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිපද වූ කොරෝනා මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ බව තහවුරු කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, අදාළ ඖෂධය මේ වනවිටත් දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ආහාර සංඝටකයක් ලෙස ලබා දීමට අනුමැතිය දී ඇති බවයි. […]
නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛදය මධ්‍යස්ථානයක් වසා දැමීමට එම ප්‍රදේශයේ මහජන පරික්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා. ඒ කොරෝනා ආසාදිත අශ්‍රිතයෙක් වන වෛද්‍යවරයෙක් හට ස්වයං නිරෝධායනය වන්නට උපදෙස් ලබා දී තිබියදී ඒ උපදෙස් නොතකා ඔහුගේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කර රෝගීන් පරික්ෂා කර බෙහෙත් ලබා දීමට කටයුතු කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් මේ වන අදාල වෛද්‍යවරයා නැවතත් ස්වයං […]
පිටකොටුව, බැසිටියන් මාවතේ තාවකාලික වෙළඳසැල් කඩා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම වෙළඳසැල් හිමියන් පැවසුවේ ඊයේ රාත්‍රියේ සිටම වෙළඳසැල් කඩා ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි. ඒ අනුව ඊයේ රාත්‍රියේ තාවකාලික වෙළඳසැල් 95ක් කඩා ඉවත් කෙරුණා. මින් පෙර එම වෙළඳසැල් ඉවත් කරන බවට නාගරික සංවර්ධන අධිකාරිය මගින් අදාළ වෙළඳසැල් හිමියන්ට දැනුම් දී […]
එංගලන්තයෙන් හමු වූ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය වේගවත් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙවර නත්තල් සමයේ එංගලන්තයම යළි දරුණු අගුළු දැමීමට ලක් විය හැකි බව එරට බලධාරීන් සදහන් කරනවා. විශේෂයෙන්ම එරට විශේෂඥන් සදහන් කරන්නේ මෙම වෛරස් නව ප්‍රභේදය 70 % ඉක්ම වූ ප්‍රතිශතයකින් ජනතාව අතර වේගයෙන් ව්‍යාප්ත වන බවයි. ලන්ඩන් නුවරින් පමණක් නව වෛරසය අසාදනය වූ පුද්ගලයින් […]